දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සත්‍ය කරුණු වුවද, නොමග යන අන්දමින් වාර්තා කිරීම සමාජ මාධ්‍ය තුළ සුලබව දක්නට ලැබෙන කරුණක්. ගමන් මලු නිදහස් කිරීම පිළිබඳ නොමග යන අන්දමින් පළ වූ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකා රේගුව මගින් දැනුම් දී ඇති පරිදි 2025 නොවැම්බර් මස 15 වන දින සිට නව නීති ගනනාවක් දැනුම් දී ඇති බව ත්, ඒ යටතේ මෙරටට යැවීමට තහනම් භාණ්ඩ ලෙස ලැයිස්තුවක් දක්වා ඇති සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

මෙම සහන් හුවමාරු වී තිබුණු අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්‍රී ලංකා රේගුව විසින් නව නීති ගණනාවක් 2025 නොවැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන බවට ඉහත සටහන මගින් දක්වා තිබීම හේතුවෙන් අප ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, ඒ ආකාරයෙන් නව නීති අලුත් වූ බව හෝ මගී ගමන් මලු නිදහස් කිරීමේදී අවසර ලත් භාණ්ඩ ලැයිස්තුව මෑතකදී අලුත් කර ඇති බව ක් හෝ දැක ගන්නට නොලැබුණි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පදිංචිකරුවෙකු සම්බන්ධයෙන් මගී ගමන් මලු ලෙස ශ්‍රී ලංකා රේගුව හඳුන්වන්නේ මොනවා ද ?
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පදිංචිකරුවෙකු වන (සහ සංචාරකයෙකු නොවන) මගියෙකු සම්බන්ධයෙන්, එම පුද්ගලයා වෙනත් රටක සිට රැගෙන එන ලද හෝ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අනුමත තීරුබදු රහිත සාප්පුවකින් මිලදී ගන්නා ලද භාණ්ඩ, ගමන් මලු ලෙස ඇතුළත් වන අතර යම් යම් කොන්දේසි වලට යටත්ව ඒවා ගෙන ඒමට අවසර දී තිබේ.
මෙහිදී ගමන් මලු ලෙහ හඳුන්වනු ලබන්නේ, කැටුව යන මෙන් ම පුද්ගලයෙකු නොමැතුව පාර්සල් වශයෙන් මෙරටට එවන ලද ගමන්මලු වේ. මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම් සහ ගමන් මලුවල රැගෙන ඒමට හැකි භාණ්ඩ සහ අනෙක් අත්‍යවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා රේගු වේබ අඩවියේ සඳහන් වන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.
මීට වසර තුනකට පෙර ගමන් මලු සඳහා අනුමත කරන ලද ලැයිස්තුවමයි දැනටත් ක්‍රීයාත්මක වන්නේ
2022 වසරේ මගීන්ගේ ගමන් මලු සඳහා අනුමත කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් (අවසර ලත් භාණ්ඩ ලැයිස්තුව) යොමු කර තිබුණු අතර මගී දීමනාව යටතේ මගී ගමන් මලු ලෙස වායු සමීකරණ යන්ත්‍ර, 05/04 දාහක විදුලි උඳුන්, අඟල් 55 ට වැඩි රූපවාහිනී, චෙස්ට් අධිශීතකරණ, පිඟන් සෝදන යන්ත්‍ර, කිලෝග්‍රෑම් 10 ට වැඩි රෙදි සෝදන යන්ත්‍ර, ලීටර් 500ට වැඩි ශීතකරණ ආදිය සඳහා අවසර නොමැති බව දක්වා තිබුණා.
අවසර නොලත් භාණ්ඩ මෙන්ම අවසර ලත් භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් ගමන් මලු ලෙස ගෙන ඒමට හැකිද යන්න දක්වා තිබූ එම සම්පුර්ණ වාර්තාව මෙතනින්.
Permissible-Articles-20220930-Updated20221110ඒ අනුව, මෙම සීමා කිරීම් ලැයිස්තුව පිළිබඳ ශ්‍රී ලංකා රේගුව වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරේ සීමා කිරීම් පිළිබඳ ලැයිස්තුව බැවින්, සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන පරිදි මෑතක දී වෙනසක් සිදුව ඇත් ද යන්න අප මේ පිළිබඳ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතාගෙන් පිළිබඳව විමසීමක් සිදුකර සිටියා.
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පැහැදිලි කර සිටියේ, එම සමාජ මාධ්‍ය සටහනේ ද දැක්වෙන්නේ 2022 වසරේ සීමා කිරීම් සිදු කළ ලැයිස්තුවට අදාළ යම් අයිතම බවත්, එම ලයිස්තුවේ මෑතක දී යාවත්කාලීන වීමක් හෝ කිසිදු වෙනසක් මෑතක දී සිදුව නොමැති බවයි. ඒ අනුව, එම ලැයිස්තුවම, අදාළ සීමා කිරීම් යටතේ ම ක්‍රීයාත්මක වන බවත්, එම සීමාවන් වඩාත් ක්‍රමානුකුලව ක්‍රීයාත්මක කෙරන බවත් ඔහු පැහැදිලි කර සිටියා.
තවද 2022 වසරේ සිට විදේශ විනිමය ගැටලුව මත එම කාලය තුළ විවිධ අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව සීමා කර තිබු අතර මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්. ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති මෙම ලයිස්තුවේ භාණ්ඩ පසු කාලීනව ඇතැම් අවස්ථාවල දී ලිහිල් කෙරුණු අතර, දැනට එම ලයිස්තුවේ පවතින භාණ්ඩ ඇතුළුව මෙරටට ගෙන ඒම තනහම් භාණ්ඩ ද , ගමන් මලුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් රේගු උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් පුවත් මීට වසර කිහිපයකට පෙර ද පළ වී තිබුණේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටන් වල ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරන නව නීතියක් ලෙස භාණ්ඩ කිහිපයකට පනවා ඇති සීමා කිරීම් ලෙස පෙන්වා දෙන සටහන නොමග යවන සුළු අතර එය නව සීමා කිරීමක් නොව, 2022 වසරේදී පනවනු ලැබූ සීමාවන්ම තවදුරටත් ක්‍රියාත්මක කිරීමක් වේ.
Title:රේගුව මගින් ගමන් මලු නිදහස් කිරීමේදී භාණ්ඩ සීමා කිරීමට නව නීතියක් පනවලා ද?
Fact Check By: Pavithra SandamaliResult: Insight


