දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජයග්‍රහණයට පෙර වත්මන් ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවේ කැපී පෙනෙන කාලා තරුවක් වූ ගායක සංගීත් විජේසූරිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදු කළ බව කියන ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කලා සහ සංස්කෘති කටයුතු අමාත්යාංශයේ තනතුරක් ඉල්ලලා දුන්නේ නැති නිසා සංගීත් ආණ්ඩුවට එරෙහිව මඩ ගහන්නේ’’ යනුවෙන් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ බව කියන ප්‍රකාශයකි.
“මේ මගේ අතේ තියෙන්නෙ සංගීත් විජේසූරිය කියන වංචාකාරයාට දීපු අධිකරණ තීන්දුව. අපේ ජේශ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාට අයිති ගීතයක් අවසරයකින් තොරව විකෘති කර ගායනා කරලා සංගීත් වැරදිකරු උනා. ඒ වගේම මාලිමා වේදිකාවට බලෙන් ගොඩ වෙලා ඩොලර් මිලියන ගනන් කථා කියලා අපිවත් අපහසු තාවයට පත්කලා ඔය සංගීත්…’’
මෙම සමාජ මාධ්‍ය සටහන බැලූ බැල්මට දසත පුවත් නිල ෆේසුබුක් පිටුවේ සටහන් ආකෘතියට සමානකමක් දක්වයි.

බොහෝ පිරිසක් අදහස් දක්වා ඇති සහ තවත් බොහෝ පිරිසක් හුවමාරු කරගෙන තිබූ මෙම සටහනේ සත්‍යක් ද යන්න පිළිබඳ ඉදිරිපත්වී තිබූ පාඨක ඉල්ලීම් ද සලකා මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ පවා පෙනී සිටි ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය පසුගිය දා යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සම්මූඛ සාකච්ඡාවකදී වත්මන් පාලනය ඇතුළු රටේ විශේෂ අවධානය යොමු වූ කරුණු පිළිබඳව සුවිශේෂි අදහස් පළ කිරීමක් සිදු කළ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා සංගීත් විජේසූරිය සම්බන්ධව සිදු කළ බව කියන මෙම සමාජ මාධ්‍ය සටහන හුවමාරු වන්නේ එවැනි වටපිටාවක් තුළදී ය.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන දසත ලංකා පුවත් ආකෘතියට සමාන ආකෘතියක් පෙන්නුම් කළ ද අප සිදු කළ පරීක්ෂාවේදී දසත ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර නොමැති බව තහවුරු විය. කිසිදු පිළිගත් මාධ්‍යක් හෝ දසත පුවත් ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ පුවතක් විකාශය කර ඇති බවක් නිරීක්ෂණය නොවේ.
මේ අතර සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන ඇති නියේජ්‍ය අමාත්‍යවරයා පෙනී සිටින ඡායාරූපය ද සමාජ මාධ්‍ය සටහනෙන් පවසන පරිදි අධිකරණ තීන්දුවක ලේඛනයක් නොව ගැසට් නිවේදනයක් හෝ පනතක ඡායාරූපයක් බවත් මීට මාස කිහිපයකට පෙර වෙබ් අඩවියක් පුවතක් සඳහා ද යොදා ගන්නා ලද ඡායාරුපයක් බව පැහැදිලිවම මෙලෙස දැකගතහැකියි.
ඒ අනුව අප මේ පිළිබඳව තවදුරටත් කරුණු පරීක්ෂා කිරීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම්වරා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම ද පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධව අප නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් විමසීමක් සිදු කළ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සටහන අසත්‍ය කරුණු ඇතුළත් ව්‍යාජ සටහනක් බවයි. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ මීට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, සිය නම සහ ඡායාරූපයක් යොදා ගනිමින් දසත ලංකා ආයතනයේ ලාංඡනය ද යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය පුවතක් බවයි. කනගාටුව පළකිරීම යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන මගින් තවදුරටත් අවධාරණය කර තිබුණේ, මෙම ව්‍යාජ පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

ඩොලර් මිලියනය පිළිබඳ කතාවට සංගීත් විජේසූරිය දුන් පිළිතුර
ඩොලර් මිලියනයේ කතාව පිළිබඳව වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක සංගීත් විජේසූරියගෙන් විමසා සිටි අතර ඔහු එහිදී පවසන්නේ, මැතිවරණ සමයේදී මාලිමාවට ඩොලර් මිලියනයක් ලබා දීමට විදෙස්ගත සිය ව්‍යාපාරික මිතුරෙකු ඉදිරිපත් වූ බවත් එවක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා හමුවී මේ පිළිබඳ දැනුවත් කළ බවත් එම අවස්ථාවේ පක්ෂය වෙනුවෙන් එකී මුදල ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කළ බවත් ය. මැතිවරණය ජයග්‍රහණයෙන් පසු වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොතත්තු වන බවත් එවිට විදෙස්ගත ලාංකිකයින් ලබාදෙන මුදල් භාණ්ඩාගාරයට ලබාගනීමේ වැඩපිළිවෙළක් සකසන බව එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තමන් හමුවේ ප්‍රකාශ කළ බව සංගීත් විජේසූරිය මෙම සම්මුඛ සාකච්ඡාවේදි පවසයි.
පසුව ඩොලර් මිලියන 23 ක් සකසා ගෙන භාණ්ඩාගාරයට ගොස් බලධාරීන් හමුවුව ද මේ හරහා නීති විරෝධිව සහ අයථා ලෙස උපයා ගන්නා ලද ධනය ද පැමිණිය හැකි බැවින් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකසක තුරු එම මුදල් තබා ගන්නා ලෙස ආණ්ඩුවේ බලධාරීන් දැනුම් දුන් බව ද ඔහු මෙහිදී පවසයි.
තව ද එවක තමන් වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය ලබා දෙන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ සහ ඔහුගේ වේදිකාවලට පවා පෙනී සිටියේ, ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමට හෝ වෙනත් කිසිදු පෞද්ගලික වාසියක් වෙනුවෙන් නොවන බව ද ඔහු එහිදී පවසයි.
මේ අතර වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දක්වමින් සංගීත් විජේසූරිය එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රශ්න කර සිටින්නේ, බහුතර බලයක් හිමි ආණ්ඩුවට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය එම අවස්ථාවේම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් සඳහා නව නිතී සකස් නොකරන්නේ ඇයි ද යන්නයි? ඔහු පවසන්න්, කිලෝ ගණනින් අත්අඩංගුවට ගන්නා මත් කුඩු නිලධාරීන් හෝ තවත් ආයතන වෙත ගිය පසු නැවතත් වෙළඳපොළට පැමිණෙන බවයි. ඒ අනුව මත්ද්‍රව්‍ය වැටලීම් සංදර්ශන පමණක් බව ඔහු පවසයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සංගීත් විජේසූරිය සම්බන්ධ අධිකරණ තීන්දුවක් පිළිබඳව හෝ මාලිමා වේදිකාවේදී සංගීත් විජේසූරිය කරන ලද ප්‍රකාශයක් පිළිබඳව හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැත.
Title:සංගීත් විජේසූරිය ගැන නි. ඇමති වටගලගෙන් ආන්දෝලනාත්මක් ප්‍රකාශයක්?
Fact Check By: Sagarika ChathumaliResult: False


