දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ප්‍රධාන මාධ්‍ය ධාරා ද, නොමග යන අන්දමින් ඇතැම් අවස්ථාවල පුවත් වාර්තා කරනු ලබනවා. විශේෂයෙන්ම පුවත් ලිපි, වීඩියෝ, සටහන් සඳහා භාවිත කරන සිරස්තල හේතුකොටගෙන මෙම නොමග යැවීම් සිදු කරනු ලබනවා. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රටේම ආපදා තත්ත්වයක්, කරන්න බැරි නම් රට අපිට භාර දෙන්න” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවට හඟවමින් සටහනක් ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එම පුවත වෙබ් පුවත් අඩෙවි කිහිපයකම ද පළවූ අවස්ථා පහතින්.

මේ පුවත් පාදක කරමින් විපක්ෂා නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ බව දක්වමින්, එය හෙළා දකිම්න් සමාජ මාධ්‍ය සටහන් රැසක් ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.
![]() | ![]() | ![]() |
සත්‍ය වශයෙන් ම විපක්ෂ නායක විසින් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද(27) දිනයේ පාර්ලිමේන්තුව රැස් වුණි.
මෙම අවස්ථාවේදී රටේ සිදුව ඇති ආපදා තත්ත්වය පිළිබඳ ප්‍රධාන වශයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ නායකවරයා ද, අදහස් දක්වා තිබුණා.
කාලගුණය හේතුවෙන් සිදු වූ ආපදා තත්ත්වය හේතුකොට ගෙන මේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි නම් රට භාර දෙන ලෙස ප්‍රකාශයක් විපක්ෂ නායක සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කරනු ලැබුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම වාරයේදී කෘෂිකර්මය සම්බන්ධ කතාව සිදු කිරීමට රටේ පවතින කාලගුණ තත්ත්වය සහ රජය තවමත් ව්‍යසන තත්ත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරී පිළිබඳ ප්‍රශ්න කර සිටියා. ඉතාම ඉක්මනින් පීඩනයට අසහනයට පත්වන පවුල්වලට සහන ලබා දිය හැකි බවත් මීට අදාළ පුද්ගලයන්ට උපදෙස් දී ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.
පසුව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය සම්බන්ධ අදහස් දැක්වීම කරන අතර කෘෂිකර්මාන්තය නංවාලන්න රජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පෙන්වා දෙන ලෙසත් වාරි කර්මාන්තය දියුණු කරන්න කිසිවක් නොකරන බවත් ජාතික වාරි පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න රජයට සැලසුමක් නොමැති බවත් විපක්ෂයේ සිටින විට කියපු දේවල් ප්‍රායෝගිකව කරන්න රජයට නොහැකි වී ඇති බවත් අද ගොවියාගේ කරපිටින් බලය අරගෙන කන්ටේනර් නිදහස් කරන විශේෂඥයන් බවට රජය පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනු ලබනවා.
මෙරට සෑම වගාවක්ම ක්‍රියාත්මක කරන ගොවියා ශක්තිමත් කළ යුතු බවත් දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගොවියා එකතු කරන අගය වැඩි කරන්න විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවත් ඊට අමතරව රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශය බවත් දැන්වත් දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක නොකර ගොවියා සැබවින්ම සුරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් එසේ කරන්න බැරි නම් විපක්ෂයට රට බාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කරනු ලබනවා.
නමුත් විපක්ෂ නායකවරයා මෙහිදී රටේ ඇති වී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එය පාලනය කිරීමට නොහැකි නම් රට බාර දෙන ලෙස සඳහන් නොකරයි. ඇති වූ ඇති කාලගුණ ව්‍යසනය සම්බන්ධයෙන් අදහස් දක්වා අවසන්ව පසුව විවාදයට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දැක්වීමේදී ගොවියා සුරක්ෂිත කිරීමට නොහැකි නම් රට කිරීමට විපක්ෂයට භාර දෙන ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශය බවත් දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක නොකර ගොවියා සැබවින්ම සුරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් එසේ කරන්න බැරි නම් විපක්ෂයට රට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ කොටස පහතින්.
නමුත් අතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් වලින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා අවස්ථාව හමුවේ, රට භාර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සිදු කළ ප්‍රකාශයක් ලෙසයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
“රටේම ආපදා තත්ත්වයක්, කරන්න බැරි නම් රට අපිට භාර දෙන්න” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත ප්‍රකාශ කළ බවට හඟවමින් පළ වන ප්‍රධාන මාධ්‍ය වාර්තා නොමග යන අන්දමින් පළ කර තිබුණා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට අදාළ අදහස් දැක්වීමට පෙර විපක්ෂ නායක වරයා විසින් රටේ පවතින ආපද තත්ත්වය පිළිබඳ අදහස් දක්වන අතර පසුව ඔහු සිය අදහස් දැක්වීම කරන්නේ කෘෂිකර්මයට අදාළවයි. එහිදී රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශය බවත් දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක නොකර ගොවියා සැබවින්ම සුරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් එසේ කරන්න බැරි නම් විපක්ෂයට රට බාර දෙන ලෙස ඉල්ලා සිටි ප්‍රකාශය මෙලෙසින් නොමග යන අන්දමින් වාර්තා කර තිබේ.
Title:රටේම ආපදා තත්ත්වයක්, කරන්න බැරි නම් රට අපිට භාර දෙන ලෙස, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading





