Update:
කොත්මලේ වේල්ල කැඩී ගොස් ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ත්, ව්‍යුහය ආරක්ෂිත බව ත්, බලධාරීන් තහවුරු කරනු ලබයි.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. සමාජය තුළ අනිසි බියක් ඇති කරමින් ජලාශ වේලි ඉරිතලා ඇති බවට ඇතිව තිබු කතිකාවත සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මේ,
ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය තීව්‍ර වෙමින් ඇති වූ “දිත්වා” සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් සහ තද සුළං වාර්තා වුණා. උතුර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 300 ඉක්මවූ ඉතා තද වැසි ලැබුණු අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලද සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වුණා. මේ සමඟම, ප්‍රධාන ජලාශ ආශ්‍රිතව ජල ධාරිතාව ඉහළ ගොස් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබුණා.
මේ අතරතුර සමාජය තුළ අනිසි බියක් ඇති කරමින් වික්ටෝරියා, දැදුරු ඔය, රණ්දෙණිගල, රණ්ටැඹේ ජලාශ වේලි ඉරිතලා ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර ගියා.
වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ
අප විසින් සිදු කළ විමසීමකදී වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉන්ජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැවසුවේ, ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණ ජලාශ ආශ්‍රිතව වේලි බිඳී යාමේ අවධානමක් මේ වන විට නොමැති බවයි. එසේම මහා පරිමාණ ජලාශ 53 ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 60 ක් මේ වන විට වාන් දමමින් පවතින බව ඒ මහතා පවසා සිටියා.
ප්‍රධාන ජලාශ ආශ්‍රිත ජලය කළමණාකරණය කිරීමට උත්සහ කරන අතර, දැදුරු ඔයේ පමණක් මේ වන විට අධික ජල පරිමාවක් නිරීක්ෂණය වන බවත්, අනෙකුත් ජලාශ වල ජල ධාරිතාවයේ යම් අඩුවීමක් මේ වන විට නිරීක්ෂණය වන බවත් ඒ මහතා පවසා සිටියා. නමුත් ඉදිරියේදී වැසි තත්වයේ වැඩි වීමක් සිදු වුවහොත් මෙම තත්වය වෙනස් වීමේ හැකියාවක් පවතින බවත් ඒ මහතා පවසා සිටියා.
වාරිමාර්ග අධ්‍යක්ෂ ආපදා කළමනාකරණ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව
විශේෂයන්ම දැදුරු ඔය ප්‍රචණ්ඩ වී ඇති අයුරු සහ ධාරිතාව ඉක්මවා යාමත් සමඟ, වාන් දොරටු හරහා ඉතා වේගයෙන් ජලය මුදා හැරෙන අයුරු දැක්වෙන දර්ශන මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබු අතර මෙවන් තත්වයක දී වැව අනතුරකට ලක්නොකර මෙසේ වේගයෙන් ජලය මුදා හැරීම ගැන වාරිමාර්ග අධ්‍යක්ෂ ආපදා කළමනාකරණ එල්.එස්. සූරිය බණ්ඩාර මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.
ඒ අනුව දැදුරු ඔය සහ එහි වේල්ල පිලිබඳ දැන් ඇති අවදානම් තත්වය පිළිබඳව අප ඒ මහතාගෙන සිදුකළ විමසීමේ දී ඔහු සඳහන් කළේ, නාච්චදූවේ, දැදුරු ඔය වේල්ලේ, ජල කාන්දු වන බව ට හෝ ඉරි තලා යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ත්, එවැනි අවදානම්ක් හෝ නොමැති බවයි.
වික්ටෝරියා ජලාශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ
වික්ටෝරියා ජලාශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහැලපිටිය මහතාගෙන් ද වර්තමාන තත්වය පිළිබඳව අප කළ විමසීමේදී සඳහන් කළේ, වික්ටෝරියා වේල්ල සැලසුම් කර තිබෙන්නේ, උපරිම ප්‍රවාහය(PMF) තත්පරයට ඝන මීටර් 6800ක් වන බව ත්, මේ වන විට වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු වලින් මුදා හරින්නේ, තත්පරයට ඝන මීටර් 4200ක් බවයි. වික්ටෝරියා වේල්ලට දරා ගත නොහැකි සීමාවට ළං වී නොමැති බව ත්, ඒ හේතුවෙන් එය කැඩී යාමට කිසිදු අවදානමක් නොමැති බව ප්‍රකාශ කළා.
එමෙන් ම මේ මොහොත වන විට වික්ටෝරියා වේල්ලේ සවි කර ඇති උපකරණ මගින් ලබා ගන්නා දත්ත වලින් වික්ටෝරියා වේල්ල කිසිදු සෙලවීමක්, නැවීමක් හෝ හැරවීමක් සිදු වී නොමැති බව ත්, වික්ටෝරියා වේල්ල සුරක්ෂිත බවත්, වේල්ල කැඩී යාමේ, බිඳී යාමේ අවදානමක් නොමැති බව ත්, සුරක්ෂිත බව ත්, තහවුරු කිරීමට හැකි බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
අදාල පුවත අසත්‍ය පුවතක් බවට තහවුරු කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයට අනුව ,
දැනට පවතින වර්ෂාපතනය අනුව මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතරින්, පොල්ගොල්ල, වික්ටෝරියා, රණ්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රන්ටැඹේ හා මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය වැඩිවන බැවින්, හා ලොග්ගල්ඔය, දියබානා ඔය, හෑපොළ ඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජලධාරිතාව හා බදුළුඔය ජලධාරිතාව ද සෘජුවම මහවැලි ගඟට එකතුවන බවද, මහවැලි ගඟේ පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කර ඇත.
එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත්, කලා වැව, දඹුලු ඔය හා බෝවතැන්න ජලාශ වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඉදිරි කාල සීමාව තුළ, මොරගහකන්ද- කළුගඟ ජලාශ ද වාන් දැමීමේ ප්‍රවණතාවක් ඇති බවත්, වලව ද්‍රෝණියේ උඩවලව ජලාශයද ඉදිරි පැය කිහිපය තුළ වාන් දැමීම ආරම්භ විය හැකි බව දන්වා සිටින අතර එම ජලාශවල පහත් නිම්න ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දන්වා සිටී.
තවද කාලගුණය පිළිබඳ ඉදිරි පුරෝකථනයන්ට අනුව වාන් ජල ප්‍රවාහය ඉදිරියේදී වැඩිවිය හැකි බැවින් ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශ පෙදෙස් අසලට ළඟාවීමෙන් වළකින ලෙස දන්වා සිටී.
එසේම ප්‍රධාන මාධ්‍ය විසින් ද ජලාශ වේලි ආශ්‍රිතව එවැනි අවදානම් තත්ත්වයක් නොමැති බවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් තහවුරු කර තිබෙන එම පුවත් පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශණයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රධාන ජලාශ වේලි ඉරිතලා ඇති බවට පැතිර ගිය පුවත අසත්‍ය පුවතක් බවයි. එම ජලාශ වේලි ආශ්‍රිතව එවැනි අවදානම් තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් තහවුරු කර සිටිනවා.
Title:ජලාශ වේලි ඉරිතලා ඇති බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි!
Fact Check By: Pavithra HansaniResult: False


