දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හමුවේ, රටම කම්පාවට ලක්ව සිටින මොහොතක ආපදා තත්ත්වය කියාපාන දර්ශන මෙන්ම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඉතාමත් වේගයෙන් සංසරණය වන අතර එලෙස සංසරණය වන සැබෑ දර්ශන සහ ඡායාරූප අතර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප සහ දර්ශන ද දැකගත හැකියි. මේ ඓලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ පවතින ආපාදා තත්ත්වයට අදාළ නොවන ඡායාරූප සහ දර්ශන පිළිබඳ සිදුකළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
සුවහසක් පිරිමින්ගේ එකම පැතුම යන තේමාවෙන් පළ කර ඇති මෙම දර්ශන පෙළට අනුව ගංවතුරින් යට වූ වෙළඳසල් සහිත මාර්ගයක මත්පැන් බෝතල් තොගයක් පාවෙමින් ඇති ආකාරයක් සහ පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකු ඒවා අතින් ගෙන විනෝද වන ආකාරයක් දක්නට ලැබේ. නොවැම්බර් 27 වැනිදා CCTV කැමරාවක සටහන්වූ දර්ශන පෙළක් බවට හැඟවෙන ආකාරයෙන් මෙම දර්ශන පෙළ ෆේස්බුක් වෙත මුදා හැර ඇත්තේ, පසුබිමින් ගීතයක කොටසක් ද සහිතවයි.
Fact Check:
රට තුළ උද්ගතව ඇති අපදා තත්ත්වයත් සමග බොහෝ ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී ඇති ආකාරය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ ද ගංවතුරකට යටවී තිබූ මාර්ගයක අසල තිබූ මත්පැන් අලෙවි සැලක් අසල මේ ආකාරයේ පුද්ගලයින් හැසිරෙන ආකාරයේ දර්ශන පෙළක් දැකගන්නට ලැබුනේ නැහැ. මෙහි කිසියම් හෝ ප්‍රදේශයක් පිළිබඳව ද සඳහනක් නොමැති පසුබිමක් තුළ අප මෙම මෙම වීඩියෝ දර්ශනය සමීපව නිරීක්ෂණය කිරීමට පියවර ගත්තා.
ඒ අනුව මෙම දර්ශනයේ ගැටලු සහගත අවස්ථා කිහිපයක් නිරීක්ෂණය විය. මාර්ගය මැදින් ලයිට් කණු පිහිටා ඇති අතර මෙහි සඳහන් මත්පැන් අලෙවිසැල මෙරට කිසියම් ප්‍ර දේශයක පිහිටි අලෙවි සැලක් නම් සාමාන්‍යයෙන් එහි නාම පුවරුව , සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ද සඳහන්ව තිබිය යුතු ය. එහෙත් එම කිසිදු භාෂාවකින් මෙ නාම පුවරුව සඳහනක් නැත. තවද දර්ශන පෙළෙහි සිටින පුද්ගලයින්ගේ හැසිරීම්වල ඇත්තේ, අස්වාභාවික බවකි. පහත වම් පස ඡායාරූපයේ පෙනී සිටින පුද්ගලයාගේ වම් අතේ පෙනුම අස්වාභාවික බවක් පෙන්නුම් කරන අතර දකුණු පස ඡායාරූපයේ සිටින පුද්ගලයා අතේ ඇති බෝතලය වතුරේ පාවෙමින් තිබියදී ගත් බෝතලයක් බව පෙන්නුම් කළ ද තත්පර 3 ත් 5ත් සමීපව නිරීක්ෂණයේදී එවැනි බෝතලයක් අනෙක් අතෙහෙි බෝතලයක් ඇති බවක් දැකගත නොහැක.

වීඩියෝවේ ඇති සැකමුසු තැන් නිසාම අප මෙම වීඩියෝවේ ඡායාරූප AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් කිහිපයක් වෙත යොමු කරමින් එහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ, මෙම ඡායාරූපය AI (කෘත්‍රිම බුද්ධිය) යොදාගනිමින් සකසන ලද වීඩියෝ දර්ශනයක් බවයි.

Claim 2:
ගංවතුරත් සමග මැල්සිරිපුරට ආ කිඹුලා… යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම දර්ශනයේ ජලය සහිත ගෙවත්තක කිඹුලෙකු සැරිසරන ආකාරයක් දැකගත හැකියි.
මේ අතර තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු මැල්සිරිපුර වත්තකකට පැමිණ සිටි කිඹුලෙකු බව සඳහන් කරමින් වීඩියෝ දර්ශනයේ සිටින කිඹුලාගේ ඡායාරූප කිහිපයක් මෙලෙස | Archived Link, මෙලෙස |Archived Link සහ මෙලෙස| Archived Link පළ කර තිබුණා.



මේ අතර තවත් පරිශීලකයින් කිහිප දෙනෙක් මෙම කිඹුලාගේ ඡායාරූප පළ කර තිබුණේ, පිටබැද්දරට ආ කිඹුලා සහ අයහපත් කාලගුණයත් එක්ක ඔයෙන් ගොඩ උණු ගම්පහ කිඹුලා.. යනුවෙන් සඳහන් කරමිනි.
Facebook |Archived Link Facebook| Archived Link
Fact Check:
ගංවතුර තත්ත්වයත් සමග නිවසක් අසලට පැමිණි බව කියන කිඹුලෙකුගේ දර්ශන පෙළක් මෙන්ම ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මෙම බහුතර පිරිසක් මෙය මැල්සිරිපුර නිවසකට පැමිණි කිඹුලෙකු ලෙස හඳුන්වමින් සාමා මාධ්‍යට මුදා හැර තිබූ අතර තවත් පිරිසක් වෙනත් ස්ථාන කිහිපයක නම් සඳහන් කරමින් එම ස්ථානවලට පැමිණි කිඹුලෙකු ලෙස සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙවැනි දර්ශන පෙළක් හෝ ඡායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් විකාශය කර නොතිබිණ. මේ පිළිබඳ තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප කුරුණෑගල ප්‍රාදේශීය වාර්තාකරු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, අදාළ ප්‍රදේශයෙන් එවැනි සිදුවීමක් වාර්තා නොවූ බවයි.
ඒ අනුව දර්ශනයේ තිබූ අස්වාභාවික බව නිසා ඡායාරූප AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලමක් වෙත යොමු කරමින් පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව මෙම ඡායාරූප ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සකසන ලද ඡායාරූප බවට තහවුරු විය.
![]() | ![]() |
Claim 3:
පීඩාවට පත් ජනතාවට ආරක්ෂිත සහ තාවකාලික වාසස්ථාන සැපයීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (ඛෙත්තාරාම ක්‍රීඩාංගණය) හදිසි ආපදා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණ කළ බවත්, ඒ අනුව දැන් එම ක්‍රීඩාංගණයේ තත්වය දැක්වෙන දර්ශණයක් යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපක් ඇතුළත් කළ සමාජ මාධ්‍ය සටහන් මගින් දැක්වෙන්නේ, ක්‍රීඩා පිටියේ අටවන ලද කූඩාරම් වල ජනතාව රැඳී සිටින ආකාරයකි.
![]() | ![]() |
Fact Check:
කැළණි ගංගා ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ පුරෝකථනය කිරීමත් සමග ඊයේ (28) ආපදාවට පත්වූවන් රඳවා තැබීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සැකසීමට කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී තීරණය වී තිබූණා. තවත් පුවත් මෙතැනින්. ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ දැක්වෙන පරිදි ජනතාව ක්‍රීඩාංගණයේ එළිමහනේ අවිධිමත් ආකාරයට කූඩාරම් තුළ රඳවා සිටින ආකාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ දැකගත හැකි වුව ද එලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජනතාව රඳවා සිටින අයුරු දැක්වෙන ඡායාරූප හෝ දර්ශන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර නොතිබිණ.
නාගරික මන්ත්‍රී නීතිඥ ප්‍රසන්න ලියනාරච්චි – සම්බන්ධීකාරක
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් ක්‍රීඩංගණයේ ජනතාව රැඳවා සිටින්නේ දැයි , නාගරික මන්ත්‍රී නීතිඥ ප්‍රසන්න ලියනාරච්චි මහතාගෙන් විමසීමක් සිදු කළ අතර මන්ත්‍රීවරයා කියා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සත්‍ය එකක් නොවන බවයි.
යම් හෙයකින් හදිසියේම ආපදා තත්ත්වය හමුවේ විශාල ජනතාවක් රඳවා තැබීමට අවශ්‍ය වුවහොත් හදිසි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම සඳහා ක්‍රීඩාංගණයේ පැවිලියන් එක වෙන් කර තැබීමට තීරණය කළ බවත් කිසි ලෙසකත් මේ ආකාරයට ක්‍රීඩා පිටිය එම කාර්යයන් සඳහා යොදාගැනීමේ අදහසක් ද තිබුනේ නැති බවත් පෙන්වා දුන්නා.
ආපදා මධ්‍යස්ථානයකට වඩා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට තීරණය වූ මෙම ක්‍රීඩාංගණයට මේ වන තෙකේ එහි කිසිදු පුද්ගලයයෙකු රැඳවීමේ අවශ්‍යතාවක් ඇති නොවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඒ අනුව මෙම ඡායාරූපය AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් කිහිපයක් වෙත යොමු කරමින් එහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ, මෙම ඡායාරූපය AI (කෘත්‍රිම බුද්ධිය) යොදාගනිමින් සකසන ලද ඡායාරූපයක් බවයි.
![]() | ![]() |
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ගංවතුරින් යට වූ වෙළඳසල් සහිත මාර්ගයක මත්පැන් බෝතල් තොගයක් පාවෙමින් ඇති ආකාරය දැක්වෙන දර්ශනය, ගංවතුර තත්ත්වයත් සමග නිවසකට පැමිණ ඇති කිඹුලාගේ දර්ශනය සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජනතාව රඳවා සිටින අයුරු බව දැක්වෙන බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් සැබෑ සිදුවීම්වල දර්ශන හෝ ඡායාරූප නොවන බවයි. එකී ඡායාරුප හා දර්ශන කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසක ලද ඡායාරූප හා දර්ශන පෙළකි.
මීට අමතරව තවත් දර්ශන රැසක්, ඇතැම් අවස්ථාවල සත්‍ය සිදුවීම්වල තත්වය පෙන්වීමේ අරමුණින් වුවද නිර්මාණය කර තිබුණ ද එවැනි ඇතැම් දර්ශන හේතුවෙන් මෙවැනි ව්‍යසනයක දී ජනතාව තුළ බොහෝ අවස්ථාවල දී අනිසි බියක් ඇතිකරමින් නොමඟ යැවීමට හේතු වී තිබුනේ, එවැනි නිර්මාණය කළ දර්ශන රැසක් අතිශයෝක්තියෙන් ජනනය වී තිබීමත් හේතුවෙන්.
මේ පිළිබඳව අප Factcrescendo කණ්ඩයම සමාජය දැනුවත් කර සිටියේ මෙලෙසින්.
🌊🚫 Don’t let AI-made visuals flood your feed with fear and fake news! Verify before you amplify. Stay informed and help stop the spread of misinformation during times of crisis. Transparency is key in building trust, not chaos. 👐 #TrustAndVerify #StopFakeNews #SriLanka pic.twitter.com/stlyeMMw24
— Fact Crescendo Sri Lanka 🇱🇰 (@factcrescendosl) November 28, 2025
Title:ආපදා තත්ත්වයේ සැබෑ දසුන් බව කියමින් සංසරණය වන ව්‍යාජ සටහන්!
Fact Check By: Sagarika ChathumaliResult: False








