
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ආපදා තත්ත්වය හමුවේ රටට අතිශය ඛේදනීය තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක එය ද අසත්‍ය තොරතුරු බෙදාහැරීම සඳහා මාතෘකාවක් කර ගන්නා ආකාරයක් දැකගත හැකියි. විශේෂයෙන් මෙම ආපදා තත්ත්වය හමුවේ රජයේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් පළ වන අතර මේ එවැනි සටහන් කිහිපයකට අදාළව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
Claim 1:
විපක්ෂ කණ්ඩායම් බෙදා දෙන ආධාර සම්බන්ධයෙන් ආණ්ඩුව වග නොකියන බව සහ එලෙස ලබාදෙන ආධාර සෞඛ්‍යාරක්ෂිත නැතිනම්, ප්‍රතික්ෂේප කරන ලෙසට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නිලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව කියමින් මෙම ෆේස්බුක් සටහන පළ කර ඇත. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ, කුමන ස්ථානයකදී කවදා ද යන්න පිළිබඳව එහි සඳහන්ව නොමැත.

සත්‍ය ලෙසම අමාත්‍යවරයා විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි සිතමින් බොහෝ පිරිසක් මෙම සටහන සිය ගිණුම් වෙත ද හුවමාරු කරගෙන තිබූ අතර සටහනට අදාළව පළ වී තිබූ අදහස් පළ කිරීම් නිරීක්ෂණයේදී ද පැහැදිලි වූයේ, මෙහි අන්තර්ගතය සත්‍ය බවට බහුතරයක් පරිශීලකයින් විශ්වාසය පළ කර ඇති ආකාරයකි.

මේ අතර වට්ස්ඇප් ඔස්සේ සංසරණය වන තවත් සටහනක දැක්වෙන්නේ, ආධාර ඉල්ලා හිඟා කෑමට අවශ්‍ය නොමැති බවට අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. මේ අතර මෙම බැලූබැල්මට, Newshub.lk ෆේස්බුක් පිටුවේ සටහන් පළ කරන ආකෘතියට සමාන බවක් පෙන්නුම් කරයි.

ඒ අනුව ලද පාඨක ඉල්ලීම් ද මුල් කරගනිමින් ඉහත සටහන්වල නිර්වද්‍යතාව මෙලෙස පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.
Fact Check:
ආපදා තත්ත්වය හමුවේ අවතැන්වී සහ පීඩාවට පත්ව සිටින ජනතාවට තම හැකි පමණින් ආධාර උපකාර කිරීම සඳහා ආපදාවෙන් බලපෑමට ලක් නොවූ සියලු දෙනා මහත් උනන්දුවෙන් යුතුව ඉදිරිපත්ව සිටි. මේ අතර විදෙස්ගත ලාංකිකයින් මෙන්ම විදෙස් රටවල් ද ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය හමුවේ විවිධාකාරයෙන් ආධාර උපකාර කිරීමට ඉදිරිපත්ව සිටින්නේ ශ්‍රී ලංකාවට යළි නැගීසිටීමට උදව් කිරීමේ අරමුණ පෙරදැරිවයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව කියමින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ සංසරණය වන්නේ, මෙවන් වටපිටාවක් තුළදී වීම විශේෂත්වයකි. එකාවන්ව රට වෙනුවෙන් සියලු දෙනා නැගී සිටින මොහෙතක රජය නියෝජනය කරන අමාත්‍යවරයෙකු මෙවන් ප්‍රකාශයක් සිදු කළේ නම්, එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබිය යුතු ය. එහෙත් අප සිදුකළ පරීක්ෂාවේදි කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයන් සිදු කළ බවට කිසිදු පුවතක් වාර්තා කර නොතිබිණ. මේ අතර වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන සටහන Newshub.lk ෆේස්බුක් ආකෘතියට සමාන බවක් පෙන්නුම් කළ ද අප සිදුකළ පරීක්ෂාවේදී එම ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර ඇති බවක් දැකගත නොහැකි විය.
ඒ අනුව අප මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගත්තා.
නලින් ද ජයතිස්ස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
ඒ අනුව මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඒවා අසත්‍ය සටහන් බවත් ය. එවැනි ආකාරයේ කිසිදු ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බව ද මාධ්‍ය ලේකම්වරයා තහවුරු කර කියා සිටියා.
මේ අතර අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් ව්‍යාජ සටහන් බවයි.
Claim 2:
සියලුම ආධාර ආණ්ඩුවේ ගිණුමට පමණක් බැර කරන්න. යූටියුබ්කරුවන් පෞද්ගලික ගිණුම්වලට ආධාර එකතු කිරීමේ අපකීර්තිමත් මතකයන් මෑතකදී පවා අත්වින්දා. රැට්ටො, බට්ටෝ මෝටිවේෂන් අප්පච්චිලාගේ වැඩ මතකයි නේ ද? යනුවෙන් ඊයේ (29) වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ප්‍රකාශ කළ බව කියන මෙම සටහන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙය ද සත්‍යක් යැයි සිතා බොහෝ පිරිසක් සිය ගිණුම් වෙත හුවමාරු කර ගෙන තිබූ අතර තවත් පිරිසක් ඊට මෙලෙස අදහස් පළ කිරීම් ද එකතු කර තිබෙනු නිරීක්ෂණය විය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ නිර්වද්‍යතාව සොයා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check:
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත සටහන සංසරණය වන්නේ, ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි මුදල් බැර කිරීම සඳහා රජය පසුගිය 28 වනදා ගිණුම් අංක කිහිපයක් හඳුන්වා දුන් වටපිටාවක් තුළයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි නියෝජ අමාත්‍යවරයා ආධාර එකතු කිරීම සම්බන්ධව ඇතැම් නම් සඳහන් කරමින් ප්‍රකාශයක් සිදු කර තිබේ දැයි, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පරීක්ෂාවට ලක් කළ ද නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවක් දැකගත නොහැකි විය.
නලින් හේවගේ නි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
රටේ පවතින ආපදා තත්ත්වයට අදාළව අමාත්‍යවරයා විසින් සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධව අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් සිදු කළේ ය. මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් නි. අමාත්‍යවරයා විසින් සිදු නොකළ බවත් එය ව්‍යාජ සටහනක් බවයි.
Claim 3:
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සටහනේ දැක්වෙන්නේ, ආපදාවට ලක්වූවන්ට උදව් කිරීම සඳහා දකුණු පළාතේ සිට එන ලොරි රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට අමාත්‍යවරයා අද (30) උපදෙස් ලබා දී ඇති බවයි. අමාත්‍යවරයා එම උපදෙස ලබා දී ඇත්තේ, රටේම ආරක්ෂාව වෙනුවෙන් බවත් එම ලොරි රථ හරහා රට තුළට අයිස් , මත්කුඩු වැනි දේවල් ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් එහි සඳහන් ය.

මෙම සටහන ද සත්‍යක් බවට උපකල්පනය කරමින් ෆේස්බුක් පරිශීලකයින් රැසක් සිය ගිණුම් වෙත හුවමාරු කර ගෙන තිබූ අතර තවත් පිරිසක් සිය අදහස් මෙලස ඊට එක් කර තිබුණා.

ඒ අනුව අමාත්‍යවරයා සිදු කළ බව කියමින් සංසරණය වන මෙම සටහනේ නිර්වද්‍යතාව විමසා බැලීමට ද අප මෙලෙස පියවර ගත්තා.
Fact-check :
විපතට පත් ජනතාවට උපකර කිරීම සඳහා දකුණු පාළාතේ ජනතාව ද දැඩි උනන්දුවකින් ක්‍රියාකරමින් සිටින අතර බොහෝ සංවිධාන, පුද්ගලයින්, ආයතන පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන ඇතුළු ද්‍රව්‍ය පුරවා ගත් ලොරි රථ පීඩාවට පත් පිරිස් සිටින ප්‍රදේශ වෙත රැගෙන යන ආකාරයක් දැකගත හැකියි. දකුණෙන් එන ලොරි රථ විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතු බවට වන මෙම සමාජ මාධ්‍ය සටහන හුවමාරු වන්නේ, එවැනි වටපිටාවක් තුළයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබේ දැයි අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පරීක්ෂා කර බැලුව ද අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත බවක් තහවුරු නොවී ය.
ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම සඳහා අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන සම්පූර්ණයෙන් අසත්‍යක් බවත් අමාත්‍යවරයා කිසිසේත්ම එවැනි උපදේශයක් ලබාදී නොමැති බවත් ය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනට අදාළව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, එම සාවද්‍ය ප්‍රවෘත්තිය දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි. ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැපයීමේ කටයුතු අඩාල කිරීමේ අරමුණින් මෙම සාවද්‍ය පුවත් නිර්මාණය කර ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, රට මුහුණ දී තිබෙන ආපදා තත්ත්වය අදාළ කර ගනිමින් ආමාත්‍යවරුන් වන නලින්ද ජයතිස්ස, ආනන්ද විජේපාල සහ නි. අමාත්‍ය නලින් හේවගේ සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වන සටහන් ව්‍යාජ සටහන් බවත් ඔවුන් එවැනි ප්‍රකාශ සිදු කර නොමැති බවත් ය.
Title:ආපදා තත්ත්වය සම්බන්ධ මැති ඇමතිවරුන් කළ ප්‍රකාශයන් බවට අසත්‍ය සටහන් පෙළක්!
Fact Check By: SagarikaResult: False


