දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෙරටට බලපෑ ස්වභාවිත ආපදා තත්වය සමග සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති හා ව්‍යාජ සබැඳි බෙදා හරිමින් පුද්ගලයන් නොමග යවන අන්දමින් සටහන් හුවමාරු වනවා.එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ගංවතුර හේතුවෙන් දෙමාපියන් අහිමි වූ වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිටී නම්, කරුණාකර අපට දන්වන්න- ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම්, ළමා හා කාන්තා ඒකකය” යනුවෙන් සඳහන් කරමින් වට්සැප් මාධ්‍යය හරහා අදාල පණිවිඩය හුවමාරු වී තිබුණා.


මෙම හුවමාරු වන පණිවිඩය සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අදාළ පණිවිඩය මෙරට වගකිව යුතු ආයතනයක් හෝ බලධාරීන්ගේ මැදිහත්වීම හරහා හුවමාරු වන පණිවිඩයක්ද යන්න සොයා බැලීම සඳහා මෙම පණිවිඩය වගකිව යුතු ප්‍රධාන මාධ්‍යයක් විසින් වාර්තා කර ඇත් ද යන්න අප විසින් පරීක්ෂා කළ අතර, අදාල පණිවිඩිය කිසිදු ප්‍රධාන මාධ්‍යයක් විසින් වාර්තා කර හෝ වගකිව යුතු ආයතනයක් හෝ බලධාරියකු විසින් සත්‍ය බවට තහවුරු කර තිබුණේ නැහැ.
“ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම්” සැබෑ සංවිධානයක්ද?
“ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම්, ළමා සහ කාන්තා ඒකකය” ශ්‍රී ලංකාවේ ලියාපදිංචි, ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධානයක් හෝ රජයේ ආයතනයක් බවට විශ්වාසදායක සාක්ෂි නොමැත. එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලැයිස්තුගත කර නොමැත.

වට්සැප් පණිවිඩයේ අන්තර්ගත දුරකථන අංක හරහා අප විසින් එම සංවිධානය සම්බන්ධ කරගැනීමට උත්සහ කළත්, එම අංක ක්‍රියාවිරහිත කර තිබුණා.
වට්සැප් හරහා ආපදාවට පත් දරුවන්ගේ නම්, ස්ථාන සහ පවුලේ තොරතුරු තහවුරු කර නොගත් පාර්ශවයක් වෙත ලබා දීම අවධානම් සහගත විය හැකි ය. බොහෝ විට මෙලෙස ව්‍යාජ පුද්ගල කණ්ඩායම් විසින් පුද්ගලික තොරතුරු රැස් කිරීම සඳහා “ගලවා ගැනීමේ” හෝ “සහන ලබා දීමේ” ව්‍යාජ අරමුණින් පෙනී සිටිය හැකිය. මෙවැනි පණිවිඩයක් නිල රජයේ ආයතනයකින් හෝ ප්‍රසිද්ධ, ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයකින් නොපැමිණෙන්නේ නම්, එය සැක සහිත ලෙස සැලකිය හැකිය.
අදාළ පණිවුඩය ව්‍යාජ පණිවිඩියක් බවට දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් ද නිල නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය තුළ අදාල පණිවිඩය ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන් විසින් නිර්මාණය කර බෙදා හරින ලද්දක් බව තහවුරු කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතු කොටගෙන ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වන බවත්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් පශ්චාත් ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බැවින් මෙවන් ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමේන් වැළකී සිටින ලෙසත් මහජනතාව වෙත දැනුම්දෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා. එම නිවේදනය මෙතනින්.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් පල කර තිබූ එම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්ද නැවත නිවේදනය කර තිබුණා.එම නිවේදනය මෙතනින්

ඒ අනුව මාධ්‍ය විසින්ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් හා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පල කරන ලද අදාළ නිවේදනය වාර්තා කර තිබුණේ මෙලෙසින්.
පුද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා බෙදා නොගන්න.
දෙමාපියන් අහිමි වූ හෝ ගංවතුර හේතුවෙන් අනතුරට පත්ව සිටින දරුවන් ගැන ඔබ දන්නේ නම් නිල ළමා ආරක්ෂණ බලධාරීන් අමතන්න. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA): 1929, නැතහොත් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.බලපෑමට ලක් වූ දරුවන්ගේ හෝ පවුල්වල නම්, ඡායාරූප, ලිපින හෝ සම්බන්ධතා අංක සමාජ මාධ්‍යවල හෝ WhatsApp කණ්ඩායම්වල කිසි විටෙකත් පළ නොකරන්න.පශ්චාත් ආපදා කාලසීමාව තුළ සහන ලබා දෙන බවට දක්වමින් ආපදාවට ලක්වූ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු රැස් කරන මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට හසු නොවන ලෙසත්, තහවුරු කරන ලද නිල මූලාශ්‍ර හරහා ලබාදෙන තොරතුරු අනුව පමණක් කටයුතු කරන ලෙසත් අප ඔබෙන් ඉල්ලා සිටිනවා. ආපදාවට ලක්වූවන් සඳහා අවශ්‍ය සහන සැපයීම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන් හරහා විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ සිදු වන බැවින් ඔබට ඒ සඳහා අවශ්‍ය නිවැරදි මග පෙන්වීම් අදාල බලධාරීන් සම්බන්ධ කරගැනීමෙන් සහ අදාල ආයතන වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ පශ්චාත් ආපදා සහන සලසන බවට සඳහන් කරමින් ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් හුවමාරු වන වට්සැප් පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් වන බවයි. දිට්වා සුළි කුණාටුව හේතු කොටගෙන ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, මෙවන් ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමේන් වැළකී සිටින ලෙසත් අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Title:පශ්චාත් ආපදා සහන සලසන බවට සඳහන් කරමින් ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් හුවමාරු වන්නේ ව්‍යාජ පණිවිඩයක් !
Fact Check By: Pavithra HansaniResult: False


