ධීවර ඇමති ආපාදවට පත් ජනතාව හමුවූ අවස්ථාවේ ගත් ඡායාරූප ද? 

Partly False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගියදා රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට උදව් උපකාර කිරීම සඳහා බොහෝ පිරිසක් ඉදිරිපත් විය. ඒ අතර විවිධ දේශපලනඥයින් ද ජනතාව හමුවීම සඳහා විවිධ ප්‍රදේශවල සංචාරය කරනු දැකගත හැකි විය. ඒ අනුව පීඩාවට පත් ජනතාව හමුවීමට ගිය අවස්ථාවක දී ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පෙනී සිටින ඡායාරූප බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ, ඡායාරූප කිහිපයක් සංසරණය වෙමින් තිබේ. මේ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) 

ෆිල්ම් එකක ෂූටින් එකක් කියලද හිතුවේ නෑ බන් මේ ලංකාවේ ධීවර ඇමතිතුමා යනුවෙන් සඳහන් කරමින් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ආපදා ත්තත්වයෙන් පීඩාවට පත් ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ ඡායාරූප බවට හැඟීයන ඡායාරූප කිහිපයක් ෆේස්බුක් ඔස්සේ මෙලෙස පළ කර තිබුණා.  

Facebook | Archived Link

එසේම ‘මාලිමාවේ ධීවර හාමු’ යනාදී තේමා යටතේ, විශේෂයන්ම අමාත්‍යවරයා අශ්වයෙකු මත නැගී සිටින යුතු දැක්වෙන ඡාරුපයක් ද ඉස්මතු කර දක්වමින් පළකර තිබු තවත් සටහන් කිහිපයක් පහතින්.

Facebook | Archived Link Facebook | Archived Link

Facebook | Archived Link Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සකසන ලද ඡායාරූප බවට ඇතැමුන් අදහස් පළ කර තිබීම සහ ලද පාඨක ඉල්ලීම් ද මුල් කරගනිමින් මෙම ඡායාරූපවල නිර්වද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම

ඉහත සටහන්හි දැක්වෙන පරිදි ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ගංවතුර නිසා පීඩාවට පත් යාපනයේ ප්‍රදේශවලට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කළ බව පසුගිය 30 වැනිදා Virakesari ඇතුළු පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ, ඡායාරූප කිහිපයක් ද සහිතවයි.

කෙසේ වෙතත් ඉහත වාර්තාවල ඡායාරූප සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපවල අමාත්‍යවරයා සැරසී සිටින ඇඳුමට වඩා වෙනස් බැවින් වයිරල් වී ඇති ඡායාරූපවල සත්‍ය අසත්‍යතාව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අප අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂාවට ලක් කළා.

එහිදී සමාජ මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වන ඡායාරූප අතරින් කිහිපයක් එහි පළකර තිබුනේ කිලිනොච්චියේ සහ යාපනයේ පීඩාවට පත් ජනතාව හමුවීමට ගිය අවස්තාවක් ලෙසයි. ඒ අනුව ගසක් යට බංකුවක ඉඳගෙන ආහාර ගනිමින් සිටින ඡායාරූපය | Archived Linkසහ තවත් පුද්ගලයෙක් අමාත්‍යවරයාට කුඩයක් අල්ලා ගෙන සිටින ඡායාරූපය | Archived Link ද ඇතුළුව තවත් ඡායාරූප රැසක් අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ ආකාරය මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්  

පසුගිය නොවැම්බර් 30 වනදා මෙම ඡායාරූප එකතුව පළ කර තිබුණේ, ආපදා තත්ත්වය හේතුවෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පීඩාවට පත් වූ සහ අවතැන්  ජනතාව හමුවීමට ගොස් ඔවුන්ට අවශ්‍ය කරන ආහාරපාන, ඖෂධ ඇතුළු ද්‍රව්‍ය බෙදා දී, පීඩාවට පත්ව සිටින ජනතාව සමග එක්ව දිවා ආහාරය ලබා ගත් බවත් ඉදිරියේදී රජයක් ලෙස මෙම ජනතාව යළි නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට වන ද සඳහන ද සහිතවයි. 

අශ්වයකු පිට නැගී සිටින බව දැක්වෙන ලෙස AI (කෘත්‍රිම බුද්ධිය) යොදා ගනිමින් සකසන ලද ඡායාරූපයක් ද සත්‍ය ඡායාරූප අතර එකතු කළ අවස්ථාවක්!

කෙසේ වෙතත් අශ්වයෙකු පිට සිට ප්‍රදේශය නිරීක්ෂණය කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ, ඡායාරූප එකතුව තුළද අපට දැකගත නොහැකි විය. 

අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේ ඇති ඡායාරූපවල ඇඳුම සහ අශ්වයෙකු පිට නැග සිටින ඡායාරූපයේ ඇති ඇඳුම බැලු බැල්මට එක වගේ පෙණුනද ඒවා සමීපව සංසන්දනය කිරීමේ දී වෙනස්කම් කිහිපයක් ම දැක ගන්නට ලැබෙනවා.

වම් පස ඡායාරූපයේ අමාත්‍යවරයා හැඳ සිටින ජැකට්ටුවේ දකුණු පස ඉහළින් SACP යනුවෙන් සඳහන් කරමින් ලාංඡනයක්, එක පොකට්ටුවක් ඇතුළත තවත් පොකට්ටුවක්, තොප්ප්ටියේ දැක්වෙන රටාවක් ඇතුළු, වෙනසකම් රැසක්  අශ්වයෙකු පිට නැගී සිටින අවස්ථාව දැකගන්න්ට ලැබෙන්නේ නැහැ.

ඒ අනුව අප මෙම අශ්වයා මත අමාත්‍යවරයා නැගී සිටින අයුරු බව කියවෙන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සකසන ලද ඡායාරූපයක් ද යන්න  AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් වෙත  යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ,  මෙම ඡායාරූපය හෝ එහි ඇතැම් කොටස් කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද බවට ඉහළ සම්භාවිතාවක් ඇති බවයි.

ධීවර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල සත්‍යතාව තවදුරටත් විමසා බැලීම සඳහා අප ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් කළේ ය. 

ඔහු සඳහන් කළේ,  අමාත්‍යවරය පසුගියදා ගංවතුරින් පීඩාවට පත් උතුරේ ජනාතව හමුවීමට ගිය බවත් එහිදී ජනතාවගේ තත්ත්වය විමසා බලා ඔවුන්ට අවශ්‍ය කරන ආහාර පාන අතුළු ද්‍රව්‍ය ලබාදුන් බවයි. තව ද අමාත්‍යවරයා එහි රැඳී සිට ජනතාව සමග එක්ව  ආහාර ද ලබා ගෙන ඇති බව මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළා. 

කෙසේ වෙතත්  අමාත්‍යවරයා අශ්වයෙකු පිට නැගී සිටින අයුරු දැක්වෙන ඡායාරූපය එම අවස්ථාවේ ගන්නා ලද සත්‍ය ඡායාරූපයක් නොවන බවත් එය නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවත් මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වන්නේ ධීවර ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ ගන්නා ලද සත්‍ය ලෙස ලබාගත් ඡායාරූප අතරට, අමාත්‍යවරයා අශ්වයෙකු පිට නැගී සිටිමින් ප්‍රදේශය නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන බව හැඟවීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද ඡායාරූපයක් ද සමගින් බවයි.

Avatar

Title:ධීවර ඇමති ආපාදවට පත් ජනතාව හමුවූ අවස්ථාවේ ගත් ඡායාරූප ද? 

Fact Check By: Sagarika  

Result: Partly False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *