සජබ මන්ත්‍රීවරු, අගමැති හරිනිට සිදුවන හිංසනයට එරෙහිව පාර්ලිමේන්තුවේ පෙනී සිටි අවස්ථාවක් ද ?

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අතීත සිදුවීම් මෑත කාලීන තත්වයටන්ට අදාල කරගනිමින් මෑතකදී සිදු කරන ලද ඒවා ලෙස දක්වන නොමග යවන සුළු පල කිරීම් සමාජ මාධ්‍ය තුල බහුලව දැක ගත හැකි වනවා. විශේෂයෙන් දේශපාලන තත්වයන්ට අදාලව මෙවැනි සිදුවීම් බහුලව දැක ගත හැකියි. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :

‘හරිනි’ වෙනුවෙන් පෙනී සිටින්නෙමු, “කාන්තා හිංසනය නවත්වනු” යනුවෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් විසින් “කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු” ලෙස දැක්වෙන ස්ටිකර් අලවාගෙන විරෝධය පල කරන ජායාරූප සහිත සටහනක් සමාජ මාධ්‍ය තුල පල කර තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් සහ කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෙනී සිටින බව හඟවමින් ඉහත සටහන පල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදුකළා.

Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කෙරුණු 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගතයන් සහ ඒ සම්බන්ධ ගැටලු වගකීමෙන් යුතුව විසඳීමට අසමත් වීම ඇතුළු චෝදනා මුල් කරගෙන, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි සජබ ප්‍රමුඛ විපක්ෂ කාණ්ඩයමක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය විසින් කටයුතු කර තිබෙනවා. අදාල විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල විවාදයට ගැනීමට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙනුවෙන් සහ කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහිව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙනී සිටින බව හඟවමින් මෙම සටහන පළ කර තිබෙන්නේ මෙවැනි පසුබිමක වීම විශේෂත්වයක්.

මෑතක දී මෙවැනි විරෝධතාවයක් පාර්ලිමේන්තුවේ සිදුවූ බවට වාර්තා වන්නේ නැහැ

අදාළ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ජායාරූප වල News1st Digital සලකුණ අන්තර්ගත වී තිබූ අතර ඒ අනුව අප විසින් මෑතකදී News1st Digital විසින් පාර්ලිමේන්තුවේ සිදුවූ මෙවැනි විරෝධයක් සම්බන්ධයෙන් වාර්තාකර ඇද්ද යන්න පරීක්ෂා කළා. නමුත් එවැනි වාර්තා කිරිමක් News1st හෝ වෙනත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් තුළ හෝ දැක ගන්නට ලැබුණේ නැහැ. 

තවද අදාල සටහනේ දැක්වෙන ඡායාරූපවල පෙනී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් වර්තමානයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන අය නොවන බව නිරීක්ෂණය කළ හැකියි. හිටපු අමාත්‍ය බුද්ධික පතිරණ, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි අය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ. 

එසේම අදාල ජායාරූප වල පෙනීසිටින මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳගෙන සිටින අතර මෑතකදී පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් එලෙස මුව ආවරණ පැලඳගෙන සිටින බවක් පාර්ලිමේන්තු වාද විවාද වලදී දැකගන්නට ලැබුනේ නැහැ. 

2021වසරේ නොවැම්බර් 25වන දින, කාන්සිතා හිංසනයට එරෙහිව සිදු කරන ලද විරෝධයක්

මේ කරුණු ඔස්සේ ඉහත ඡායාරූප පැරණි අවස්ථාවකට අදාළ බව හැඟවෙන බැවින්, අප එම ජායාරූප Reverse Image යෙදුම් හරහා පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව තහවුරු වූයේ ඒවා 2021 වසරේ නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේ සිදු කරන ලද විරෝධයක් අවස්ථාවේදී ලබා ගත් ජායාරූප බවයි. 

නොවැම්බර් 25 ට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසන වැලැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2021 වසරේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති අත් පටි සහ “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණෙමින් විරෝධය පළ කර තිබුනා. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived

එම ඡායාරූප ඇතුළත් 2021 නොවැම්බර් 25 දින පළකර තිබු Newsfirst ෆේස්බුක් සටහන පහතින්. වර්තමාන සිදුවීමක් ලෙස හඟවමින් මේ දිනවල හුවමාරු වන සටහන්හි දැක්වෙන ඡායාරූප එහි පැහැදිලිව දැකගන්නට ලැබෙනවා.

එම කාලවකවානුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් එවකට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නද දැක්වූ ප්‍රතිචාරයකට විරෝධය දැක්වීම ද මෙලෙස සජබ මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති පටි පැළඳමින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමට මුල් වූ කාරණයක් වී තිබුණා. එහිදී ඇතිවූ විවාදයේ වීඩියෝවක් මෙතනින්. එහිදී ද ඡයරුපවල ඇති අවස්ථා දැක ගන්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදුකල තවත් මාධ්‍ය වාර්තාවන් මෙතනින්.

එවකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් වූ හරිනි අමරසුරිය ද එදින තැඹිලි පැහැ සාරියකින් පාර්ලිමේන්තුවට පැමිණි තිබුණේ “ස්ත්රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට එරෙහි දින දහසයේ (16 Days of Activism against Gender-based Violence) ක්රියාකාරීත්වයේ ආරම්භය වෙනුවෙන් අද දින පාර්ලිමේන්තු කාන්තා සංසදය තැඹිලි පැහැයෙන් සැරසුණා. යනුවෙන් මෙලෙස සටහනක් ද තබමින්.

2021 නොවැම්බරයේ මෙම ඡායාරූප යොදාගනිමින් සිදුකළ ඡායාරූප සංස්කරණයක් ගැන අප එම අවධියේ සිදුකළ කරුණු පරීක්ෂාවක් මෙතනින්.

මේ දිනවල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එල්ල වන වෛරී සහ පුද්ගලික ප්‍රහාර 

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට වර්තමානයේ එල්ල වන වෛරී සහ පුද්ගලික ප්‍රහාර හෙලා දකිමින් සිවිල් ක්‍රියාකාරීන් සහ විද්වතුන් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ සීමාවන් ඉක්මවා යන බවත්, ඒවා පිළිබඳව තමන් දැඩි කනස්සල්ල සහ කම්පනය පළ කරන බව එම නිවේදනයේ සඳහන් වනවා. 

මෙම ප්‍රහාර බොහොමයකට පදනම් වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් විසින් සකස් කරන ලද පාසල් පෙළපොතක සිදුවී ඇති වළක්වා ගත හැකිව තිබූ දෝෂයක් පිළිබඳ වාර්තා බව මෙම කණ්ඩායම පෙන්වා දෙනවා.

එවැනි වැරදි සම්බන්ධයෙන් ඉදිරිපත් වන අවංක සහ සාධාරණ විවේචන පිළිබඳව විරෝධයක් නොමැති වුවද, දැන් ක්‍රියාත්මක වන්නේ ඇයගේ පෞද්ගලිකත්වයට සහ ගෞරවයට හානි පමුණුවන සංවිධානාත්මක වෛරී ව්‍යාපාරයක් බව ඔවුන් අවධාරණය කරනවා. 

දිවයිනේ ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් 58 දෙනෙකු මෙම නිවේදනයට අත්සන් තබා තිබුණා.

එසේම ”විපක්ෂයට NPP නායිකාවන් අභියෝගයක්” වී ඇති බව පවසමින් මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ද විරෝධතාවකට එක්වී තිබුනේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙනුවෙන් පෙනී සිටිමින් සහ කාන්තා හිංසනයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ සජබ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් සිදු කරන ලද බවක් හඟවමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමග යවන සුළු බවයි. 

එවැනි විරෝධතාවයක් මෑතක දී සජබ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකර තිබුනේ නැහැ. ඡයරුපවල දැක්වෙන්නේ 2021 නොවැම්බර් 25 වැනි දින , කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයට ද සමගාමීව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තැඹිලි අත්පටි පැළඳ සිදු කරන ලද විරෝධතාවයකි.

Avatar

Title:පාර්ලිමේන්තුවේදී හරිනි වෙනුවෙන් පෙනී සිටිමින් මෑතකදී සිදු කළ විරෝධයක් ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *