දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සැබෑ සිදුවීම්වල අන්තර්ගතයන් විකෘති කරමින් සහ ඇතැම් අවස්ථාවල අතිශයෝක්තියක් ආරෝපණය කරමින් සටහන් සමාජ මාධ්‍යට මුදා හැරීම හරහා සිදුවන්නේ, සමාජය නොමගයාමක් සහ අසත්‍ය තොරතරු ප්‍රචාරණයයි. මේ එලෙසින් ඉන්දීය ජනරජ දින සැමරුමට අදාළව සමාජ මාධ්‍යයෙහි, සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන්(Social Media Posts) :
ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී වීමට නියමිත බව හඟවමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ පසුගිය 24 වැනිදා ය.

එම තේමාව යටතේම පළ කර ඇති පහත සටහන මගින් ද කියා පෑමට උත්සාහ කර ඇත්තේ, නාමල් රාජපක්ෂ ඉන්දීය ජනරජ දිනය සැමරුමට සහභාගී වීමට සූදානම් වන බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය දේශපාලනඥයින් සමග නාමල් රාජපක්ෂ පෙනී සිටින ඡායාරූප සහිත මෙම වීඩියෝව මගින් ද හැඟවීමට උත්සාහ කර ඇත්තේ මන්ත්‍රීවරයා ජනරජ දින ජාතික සැමරුම් උත්සවයට සහභාගීවීමට සූදානමින් පසුවන බවයි.
ඉන්දීය ජනරජ දින සැමරුමෙන් පසුව ද ඉන්දීයාව ප්‍රථම වරට ඉන්දීය අගමැති නොමැතිව නාමල් සමග ඉන්දීය ජනරජ දිනය සමරයි වැනි තේමා යටතේ තවත් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරුවී තිබුණේ මේ ආකාරයෙනි.

Facebook | Archived Link Facebook | Archived Link
ඒ අනුව ෆේස්බුක් ඔස්සේ සංසරණය වන මෙම සටහන්වල නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉන්දීය ව්‍යවස්ථාව නිල වශයෙන් සම්මත කරගැනීම සහ ඉන්දියාව ජනරජයක් බවට පත්වීම සනිටුහන් කරමින් සෑම වරකම ජනවාරි 26 වැනිදා එරට ජනරජ දිනය සමරයි. ඒ අනුව 2026 වසරේ ජනවාරි 26 වැනිදා ඉන්දියාව සිය 77 වැනි ජනරජ දිනය සමරනු ලැබුවා.
ඉන්දීය ජනරජ දින සැමරුම අගමැති මෝදි ප්‍රධානත්වයෙන්
සමාජ මාධ්‍යයේ සඳහන් පරිදි ඉන්දීය ජනරජ දින ජාතික සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී වී සිටියේද යන්න පිළිබඳව අප ඉන්දීය මාධ්‍ය වාර්තා ඇතුළු මෙරට මාධ්‍ය වාර්තා ඔස්සේ පරීක්ෂා කර බැලුවා. කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතනිය ද්‍රෞපදී මුර්මුගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී පැවති ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස නාමල් රාජපක්ෂ සහභාගී වූ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක සඳහන් නොවේ. එම වාර්තාවල දැක්වෙන්නේ, 77 වන ඉන්දීය ජනරජ දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස යුරෝපා කොමිසමේ සභාපති උරුසුලා වොන් ඩර් ලේයන් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා සහභාගි වූ බවයි. ඊට අදාළ පුවත් වාර්තා මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.
ඉන්දීය ජනරජ දින සැමරුමට නාමල් රාජපක්ෂ සහභාගී වූ බවට මෙරට මාධ්‍ය විසින් හෝ වාර්තා කර නොමැති අතර එම වාර්තාවල ද දැක්වෙන්නේ, යුරෝපා කොමිසමේ සහ යුරෝපා කවුන්සිලයේ සභාපතිවරුන් 77 වන ඉන්දීය ජනරජ දින ජාතික සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්ව සිටි බවයි.
මන්ත්‍රී නාමල් ඔඩිස්සාහි ජනරජ දින සැමරුම් උත්සවයකට එක්වෙයි
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනරජ දින ජාතික සැමරුම් උත්සවය සහභාගී වී නොමැති අතර අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූයේ, මන්ත්‍රීවරයා ඔඩිස්සාහි පෞද්ගලික විශ්වවිද්‍යාලක් වන කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයේ (KIIT) සහ කාලිංග සමාජ විද්‍යා ආයතනය (KISS) විසින් පවත්වනු ලැබූ ජනරජ දින සැමරුමට සහභාගී වී ඇති බවයි.
ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ, සැමරුම සඳහා නාමල් රාජපක්ෂ සමග තවත් මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එක්ව සිට ඇති අතර මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැමරුම් උත්සවය අමතමින් දේශනයක් ද පවත්වා තිබේ. මේ අතර මෙරට මාධ්‍ය විසින් ද නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ඔඩිස්සාහි කාර්මික තාක්ෂණ ආයතනයේ පැවති ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වී ඇති බව ඡායාරූප ද සහිතව මෙලෙස, මෙලෙස සහ මෙලෙස තොරතුරු වාර්තා කර තිබුණා.
Kalinga Institute of Industrial Technology නිල ෆේස්බුක් පිටුවේ ද ඔවුන් පැවැත්වූ ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී වූ බව ඡායාරූප ද සහිතව මෙලෙස පළ කර තිබුණා.
මේ අතර මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ඉන්දියාවේ ඔඩිසා හිදී පැවැත් වූ ඉන්දියානු ජනරජ දිනයට ‘මාගේ සුබ පැතුම් එක් කරමි’. යනුවෙන් තමන් සහභාගී වූ ජනරජ සැමරුම පිළිබඳව ෆේස්බුක් පිටුවේ ඡායාරූප කිහිපයක් ද සහිතව සටහනක් එක් කර තිබුණේ මෙලෙසයි. සැමරුම් උත්සවය අමතා මන්ත්‍රීවරයා අදහස් පළ කළ ආකාරය ද මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනු මෙලෙස දැකගත හැකි වුණා.
මේ අනුව පැහැදිලි වන්නේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇත්තේ, ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විසින් පැවැත්වන ලද ජනරජ දින සැමරුම් උත්සවයක් සඳහා බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දීය ජනරජ දින ජාතික සැමරුමට එක් නොවූ බවත් ඔහු ඔඩිස්සාහි පැවති ජනරජ සැමරුමක ආරාධිතයෙකු ලෙස සහභාගී වූ බවත් Fact Crescendo අපගේ ඉන්දීය කණ්ඩායම ද තහවුරු කළා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය
මේ අතර අප කළ විමසීමකදී කොළඹ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය, තොරතුරු සහ සංස්කෘතික කටයුතු පිලිබඳ ප්‍රධානි සඳහන් කළේ, නවදිල්ලි නුවර පැවති ජනරජ දින ජාතික සැමරුම් උත්සවය සඳහා මෙරට රාජ්‍ය නායකයින් සහභාගී නොවූ අතර ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන්නට ඇති බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවේ ජනරජ දින ජාතික සැමරුම් උත්සවයට සහභාගී වූයේ දැයි අප මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයාගෙන් වැඩිදුරටත් විමසා සිටි අතර සඳහන් කළේ, මන්ත්‍රීවරයා ජනරජ දින ජාතික උත්සවයට සහභාගී නොවූ බවත් ඒ සඳහා ඔහුට ඉන්දීය රජයෙන් කිසිදු නිල ආරාධනාවක් නොතිබූ බවත් ය. තව ද, මන්ත්‍රීවරයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විසින් පවත්වනු ලැබූ ජනරජ දින සැමරුම් උත්සවයක් සඳහා සහභාගී වී ඇති බව වැඩිදුරටත් කියා සිටියා.
ඉන්දීය ජනරජ දිනය සැමරුම් උත්සවයක් කොළඹ දී..
77 වෙනි ඉන්දීය ජනරජය දිනය නිමිත්තෙන් විශේෂ අමුත්තන් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 26) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යයාල නිල නිවසේදී පවත්වා තිබුණේ, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාගේ ප්‍රධානත්වයෙනි.
77 වෙනි ඉන්දියානු ජනරජය දිනය නිමිත්තෙන් විශේෂ අමුත්තන් පිළිගැනීමේ උත්සවයක් ඉන්දියානු නිල නිවසේදී අද (26) රාත්‍රියේ පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. විශේෂ ආරාධිතයන් ලෙස අග්‍රාමාත්‍යය හරිනී අමරසූරිය, කථානායක, කැබිනට් අමාත්‍යවරුන්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ද ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
මෙහිදී දෙරටේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ රචනා වූ ග්‍රන්ථ පිරිනැමීමක් ද සිදුව තිබූ අතර, පසුව සියලුදෙනා එක්ව රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වූ බව මෙරට මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවේ 77 වන ජනරජ දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී නොමැති බවත් ඔහු සහභාගී වී ඇත්තේ, ඔඩිස්සාහි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විසින් සංවිධානය කරන ලද ජනරජ දින සැමරුම් උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙසයි. 77 වන ඉන්දීය ජනරජ දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභගී වී ඇත්තේ, යුරෝපා කොමිසමේ සහ පුරෝපා කවුන්සිලයේ සභාපතිවරුන් දෙදෙනා ය.
xa
Title:ඉන්දීය ජනරජ දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නාමල් ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


