රෝවන් ඇට්කින්සන් සහ මියා කලීෆා පෙම් සබඳතාවක?

False Internatioanl

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

විදේශී ප්‍රහසන නළුවෙකු වන මුළු ලොවකගේ ආදරයට පාත්‍ර වූ Mr.Bean ලෙස බොහෝ දෙනා අදටත් ආමන්ත්‍රණය කරන රෝවන් ඇට්කින්සන් රංගන ශිල්පියා හා සම්බන්ධ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරෙනවා. මෑතකදී ඔහු හා වැඩිහිටි නිල් චිත්‍රපට නිලියක් ප්‍රසිද්ධියට පත් මියා කලීෆා සමග සබඳතාවයක් පවත්වාගෙන යන බව ත්, ඔවුන්ගේ හමුවීම් වල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගියා. මේ නිසා ම මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රෝවන් ඇට්කින්සන් සමග මියා කලීෆා සිය නිදහස් කාලය ගත කරන අයුරු බවට හඟවමින් ඡායාරූප කිහියපක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

රෝවන් ඇට්කින්සන්, මියා කලීෆා සමඟ නිහඬව පෙම් සබඳතාවක් පවත්වන බව ත්,  දකුණු ප්‍රංශයේ මොවුන්ගේ හමුවීම සිදුවි ඇති අතර පසුව පෞද්ගලික යාත්‍රා චාරිකා, මාලදිවයිනේ සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ රාත්‍රී භෝජන සංග්‍රහ දක්වා දිව ඇති බවට මෙම යුවළට සමීපතයන් පවසන බවට ඉංග්‍රීසි බසින් විදේශීය සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ද, මෙම ඡායාරූප සටහන් පළ වී තිබුණා.

Facebook |X |Instagram

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රෝවන් ඇට්කින්සන් සහ මියා කලීෆා හොර රහසේ පෙම් සබඳතාවක් පවත්වන බවට හෝ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඡායාරූප දක්වමින් හෝ කිසිදු පිළිගත හැකි ජාත්‍යන්තර මාධ්‍යයක් මෙන් ම පිළිගත් entertainment  වෙබ් අඩවියක හෝ සඟරාවක හෝ පළ වී නොතමැති බව අප කළ පරීක්ෂාවේදී තහවුරු විය.

මේ හේතුවෙන් අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී දැක ගැනීමට ලැබුණේ ඉහත ඡායාරූපය theafro.ia නම් Instagram ගිණුමකින් පළ කර ඇති බවයි. එමෙන් ම එම ගිණුම කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපය පළ කර ඇති බවයි.

රෝවන් ඇට්කින්සන්, මියා කලීෆා සිටින ඡායාරූප එකතුවට ඇල්බට්‍ අයින්ස්ටයින්,  රාමන් වැල්ඩෙස් ද, එම අවස්ථාවේ ඡායාරූපවල දැක ගන්නට ලැබෙන අයුරින් එම ඡායාරූප ජනනය කර තිබුණේ මෙලෙසින්.

Archive 

ඉහත ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්ද යන්න අප AI හඳුනාගැනීමේ මෙවලම් කිහිපයකට යොමු කොට පරීක්ෂා කළ අතර එහිදී තහවුරු වූයේ මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

ඔහු විසින් මොවුන් හා වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්.

මියා කලීෆාගේ ප්‍රතිචාරය

මියා කලීෆා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන මෙම කටකතා ප්‍රතික්ෂේප කරමින් සිය නිල X ගිණුමේ 2026 ජනවාරි 20 වන දින, “යාලුවනේ, මම මෝඩයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වනවා, නමුත් ඒ මිස්ටර් බීන් නොවේ.” යනුවෙන් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

රෝවන් ඇට්කින්සන්ගේ වත්මන් සබඳතාව

රෝවන් ඇට්කින්සන් 2013 සිට රංගල ශිල්පී ලුයිස් ෆෝඩ් සමඟ දිගුකාලීන සම්බන්ධතාවයක සිටින අතර, මෙම යුවළට දරුවෙකු සිටී. පසුගිය දශකය පුරා විදේශීය Enternainment ආයතන විසින් මෙම සම්බන්ධතාවය නිරන්තරයෙන් වාර්තා කර ඇත. මොවනු දෙදෙනා ඇට්කින්සන් ප්‍රධාන චරිතය රඟපාන මෑතකදී තිරගත වූ ” Man vs. Baby” මංගල දර්ශනයේදී ද, දැක ගන්නට ලැබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

Read in English : Fact Check: Is Rowan Atkinson (Mr. Bean) Dating Mia Khalifa?

Also Read :

Mr.Beanගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

Mr.Bean මිය ගිහින් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Mr.Bean සහ මියා කලීෆා පෙම් සබඳතාවක් පවත්නා බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප වන අතර මෙම කටකතාව මියා කලීෆා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර රෝවන් ඇට්කින්සන්ගේ වත්මන් සබඳතාව වන්නේ ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වන ලුයිස් ෆෝඩ් වේ.

Avatar

Title:රෝවන් ඇට්කින්සන් සහ මියා කලීෆා පෙම් සබඳතාවක?

Fact Check By: Pavithra Sandamali  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *