දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 අප්‍රේල් මාසයේ සිට Facebook Messenger යෙදුම, සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පවසමින් මෑත කාලීන සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය පරිශීලකයින් තුළ ව්‍යාකූලත්වයක් ඇති කර තිබේ. බොහෝ පරිශීලකයින් මෙම යාවත්කාලීන කිරීම මගින් Messenger සේවාව සම්පූර්ණයෙන්ම වසා දැමීමක් ලෙස අර්ථකථනය කර තිබේ. මේ හේතුවෙන් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ කරුණු සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මැසෙන්ජර් යෙදවුම එළැඹෙන අප්‍රේල් මාසයේ සිට අත්හිටුවීමට කටයුතු කරන බව මෙටා සමාගම නිවේදනය කළ බවට සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
Please add below images in one line like a table


Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Facebook Messenger යනු Meta ආයතනය විසින් සංවර්ධනය කරන ලද පණිවිඩ හුවමාරු කර ගතහැකි යෙදුමක් වන අතර එය පරිශීලකයින්ට කෙටි පණිවිඩ යැවීමට, හඬ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට සහ අන්තර්ජාලය හරහා ඡායාරූප, වීඩියෝ සහ අනෙකුත් අන්තර්ගතයන් බෙදා ගැනීමට ඉඩ සලසයි.
Meta නිල වශයෙන් නිකුත් කළ නිවේදනය
මෙටා විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල උපකාරක ලිපියට අනුව, Meta ආයතනයට අනුබද්ධව වූ Messenger.com වෙබ් අඩවිය 2026 අප්‍රේල් සිට පණිවිඩ යැවීමට සහාය දැක්වීම නවත්වන බව නිවේදනය කර ඇත. Messenger හි වෙබ් සහ ඩෙස්ක්ටොප් ප්‍රවේශයට පමණක් මෙලෙසින් Messenger හරහා පණිවිඩ යොමු කිරීම ඉවත් කිරීම සිදු කිරීමට නියමිතව තිබේ. මෙම නිල පැහැදිලි කිරීම මෙතනින්.
Messenger අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කුමකින්ද?
Messenger ජංගම යෙදුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර එය අත්හිටුවා නොමැත. පරිශීලකයින්ට බාධාවකින් තොරව Android සහ iOS උපාංගවල Messenger ජංගම දුරකතන යෙදුම තව දුරටත් ක්‍රියාත්ම වේ. පරිශීලකයින් ඔවුන්ගේ Facebook ගිණුම්වලට ලොග් වී ඇත්නම්, ඩෙස්ක්ටොප් බ්‍රව්සර්වල facebook.com/messages හරහා පණිවිඩකරණ සේවාවන් ලබා ගත හැක.

ජංගම යෙදුම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන අතරතුර Messenger.com වෙබ් පණිවිඩ සඳහා පමණක් Messenger යෙදුම ඔස්සේ මෙය අවසන් වේ. එමෙන් ම පැරණි පණිවිඩ මකා දමන බවට නිල නිවේදයේ සඳහන් නොවන අතර. පරිශීලකයින්ට කලින් සකසා ඇත්නම් ඔවුන්ගේ backup PIN අංකය භාවිතයෙන් පෙර පණිවිඩ නැවත ප්‍රතිසාධනය(Restore) කළ හැකි බව එම පණිවිඩයේ ම දැක්වේ.
Meta ආයතනය විසින් මෙම වෙනස ක්‍රියාත්මක කිරීමට හේතුව?
පිරිවැය සහ නඩත්තුව:
ෆේස්බුක් තුළ පණිවිඩ යැවීම සමඟ වෙනම ඩෙස්ක්ටොප් යෙදුම් සහ ස්වාධීන වෙබ් අඩවියක් පවත්වා ගැනීම ඉහළ පිරිවැයක් එක් කරන බව ත්, facebook.com/messages සහ ජංගම යෙදුම් වලට සියල්ල ඒකාබද්ධ කිරීම මෙටා විසින් නඩත්තු කිරීමට අවශ්‍ය වේදිකා අඩු කිරීමේ පියවරක් වේ.
නිෂ්පාදන උපාය:
මෙටා විසින් මැසෙන්ජර් සම්පූර්ණයෙන්ම ස්වාධීන නිෂ්පාදනයක් ලෙස ප්‍රබලව ප්‍රවර්ධනය කිරීමෙන් ඉවත්ව, පණිවිඩ හුවමාරුව නැවත Facebook ප්‍රධාන අත්දැකීමට සමීප කරමින් එකතු කර ඇත. එසේ වුවද, ජංගම යෙදුම තවමත් ප්‍රධාන සම්බන්ධතා මාර්ගයක් ලෙස පවත්වාගෙන යයි.
මේ සම්බන්ධයෙන් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
| Messenger යෙදුම | 2026 අප්‍රේල් මාසයෙන් පසු සිදුවන වෙනස්කම් |
| Messenger.com වෙබ් අඩවිය | පණිවිඩ යැවීම නවතා පණිවිඩ facebook.com/messages වෙත හරවා යවයි. |
| Messenger ඩෙස්ක්ටොප් යෙදුම් (වින්ඩෝස්/මැක්) | දැනටමත් අත්හිටුවා ඇති අතර තවදුරටත් ලබා ගත නොහැක. |
| Messenger ජංගම යෙදුම (ඇන්ඩ්‍රොයිඩ්/iOS) | අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර තවදුරටත් සේවාව ලබා ගත හැකිය |
| පණිවිඩ සහ පෙර පණිවිඩ | ෆේස්බුක් පණිවිඩ සහ ජංගම යෙදුම හරහා ප්‍රවේශ විය හැක. PIN හරහා පණිවිඩ restore කර ගත හැක. |
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
2026 අප්‍රේල් මාසයේ සිට Facebook Messenger සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට කරන ප්‍රකාශය නොමඟ යවන සුළු වේ. ස්වාධීන Messenger.com වෙබ් අඩවිය මගින් පණිවිඩ යැවීමට නවත්වන අතර ඩෙස්ක්ටොප් යෙදුම් දැනටමත් අත්හිටුවා ඇතත්, Messenger ජංගම යෙදුම සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ. පරිශීලකයින්ට තවමත් ජංගම යෙදුම හරහා සහ ඩෙස්ක්ටොප් හි facebook.com/messages හරහා ඔවුන්ගේ සංවාද වෙත ප්‍රවේශ විය හැකිය.Messenger යෙදුම මකා දමන බවට හෝ කතාබස් ඉතිහාසය මකා දමන බවට පළ වන තොරතුරු අසත්‍ය වේ.


