Update 5/25/26 :
ශ්‍රී ලංකාවට PayPal මඟින් මුදල් ලබාගැනීමේ පහසුකම (Receiving Payments) දැන් නිල වශයෙන් ලබා දී තිබෙනවා. 2026 මැයි 15 දින සිට මෙම සේවාව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කෙරුණා.
සේවා ලබාගත හැකි ආකාරය :
මුදල් ලබාගැනීම (Inward Payments): මුල් අදියරේදී ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට සහ කුඩා ව්‍යාපාරවලට (B2B) විදේශීය මුදල් ආරක්ෂිතව ලබාගැනීමට ප්‍රමුඛතාව දී ඇත.
නිදහස් වෘත්තිකයන් (Freelancers): පුද්ගලික ගිණුම් සඳහා ද Request Payments විශේෂාංගය ක්‍රමයෙන් විවෘත වන අතර, දේශීය බැංකු පද්ධතිය සමඟ මුදල් ආපසු ගැනීමේ (Withdrawal) කටයුතු තවදුරටත් පුළුල් වෙමින් පවතී.
මුදල් ගෙවීම් (Outbound Payments): වෙනදා මෙන් ම දේශීය ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් සම්බන්ධ කර විදේශීය භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවීමේ හැකියාව තවදුරටත් පවතී.
සම්බන්ධිත දේශීය බැංකුපිටරටින් එන මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම්වලට ලබාගැනීම සඳහා PayPal ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියලත් ප්‍රධාන බැංකු කිහිපයක් සමඟ අත්වැල් බැඳගෙන ඇත:
කොමර්ෂල් බැංකුව
සම්පත් බැංකුව
ලංකා බැංකුව
PayPal ශ්‍රී ලංකා නිල වෙබ් අඩවියට පිවිස නව ගිණුමක් (Business Profile) අලුතින් සාදාගන්න හෝ පවතින පුද්ගලික ගිණුම Business ගිණුමක් දක්වා Upgrade කරගැනීමට හැකි වේ.ඔබගේ PayPal Dashboard එක හරහා ඉහත සඳහන් කළ අනුමත දේශීය බැංකු ගිණුමක් ලින්ක් (Link) කරන්න. මහ බැංකු රෙගුලාසිවලට අනුකූලව, විදේශ මුදල් ලංකාවේ බැංකුවට ලබාගැනීමට පෙර ඔබගේ අනන්‍යතාව සහ ව්‍යාපාරික තොරතුරු (KYC) බැංකුව හරහා තහවුරු කළ යුතු වේ.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෑතකදී සමාජ මාධ්‍යවල බහුල වශයෙන් පැතිර යන සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් වන්නේ PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් භාවිතා කළ හැකි බවත්, විශේෂයෙන් ජාත්‍යන්තර මුදල් ලබාගැනීම සහ බැංකු ගිණුම්වලට මුදල් ලබාගැනීමටත් අද(24) සිට හැකියාව පවතින බවට දක්වා තිබුණා.මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට Factcrescendo Sri Lanka අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :




එමෙන් ම ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දෙන්නේ, PayPal හරහා මීට පෙර මුදල් ලබා ගැනීමේ අවස්ථාව අවහිර ව කිරීම 2026 පෙබරවාරි 24 වන දා සිට ලබා දී ඇති බවයි. (Receive money)
මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අප වෙත බොහෝ ඉල්ලීම් ලැබුණු අතර අප ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි PayPal ශ්‍රී ලාංකිකයන්ට දැවෙනත් රටවල්වල පරිශීලකයන්ට ඇති සේවාවන්ම ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත් ද, යන්න අප පරික්ෂා කරනු ලැබුවා. මේ සඳහා අප පිලිපීනයේ Paypal පාරිභෝගිකයෙකුගේ උපකරණ පුවරුවේ(dashboard) ලබා දී තිබූ පහසුකම් සහ වත්මන ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති උපකරණ පුවරුව පරීක්ෂාවට ලක් කළා.
පිලිපීන PayPal පාරිභෝගියෙකුගේ සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී මට්ටමේ තිබූ උපකරණ පුවරුව

අද(24) දිනයේ ලබා ගත් උපකරණ පුවරුව

මෙම පුවරු දෙක සංසන්දනය කිරීමේදී ද, පිලිපීනයේ PayPal ෙගිණුම් ඇති පරිශීලකයන්ට invoicing, payment links සහ “request money” වැනි business features තම උපකරණ පුවරු තුළ පෙරදී පෙන්වූවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවන සීමා කිරීම මගින්, විශේෂයෙන් මුදල් ලබා ගැනීමේ සහ ආපසු ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්, සහ අනෙකුත් විශේෂාංග තවමත් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සේවාවන් ලෙස ක්‍රියාත්මක කර නොමැති බව තහවුරු වේ.
2026 පෙබරවාරි 24 වන දින එනම් අද දින PayPal සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බවට දක්වා තිබීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමේදී තවමත් බැංකු කාඩ්පතකට හෝ බැංකු ගිණුමකට මුදල් ආපසු ලබාගත නොහැක. බැංකු ගිණුමක් එකතු කිරීමේ විකල්පය හෝ ලබා ගැනීමේ විකල්පය දක්වා තිබුණද, එය ක්‍රියාවිරහිත ලෙස පවතී.
PayPal සක්‍රීය රටවල් අතර ශ්‍රී ලංකාව ද, දැක ගන්නට ලැබුණත්, අප රටට ලබා දී ඇත්තේ, මිලදී ගැනීම(Buy) සහ මුදල් යැවීමේ(Send) විකල්ප දෙක පමණි.

www.paypal.com/lk/home| Archived Link
අප අසල්වාසී රට වන ඉන්දියාවට ලබා දී ඇති විශේෂාංග පිළිබඳව ද, පරීක්ෂා කළ අතර එය ශ්‍රී ලංකාවට වඩා වැඩි විකල්ප ප්‍රමාණයක් දැක ගන්නට ලැබෙනවා.

එමෙන් ම අමෙරිකාව වැනි රටවල තව ත් විකල්ප ක්‍රම බහුලව ලබා දී ඇති බව ද, දැක ගන්නය ලැබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව
අප මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ, තවමත් නිල වශයෙන් PayPal සම්පූර්ණ සක්‍රිය වී ඇති බවට ප්‍රකාශයක් කළ නොහැකි බව ත්, නමුත් ඔවුන් දිගින් දිගටම PayPal සම්පූර්ණයෙන් සක්‍රිය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළා.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය
2026 පෙබරවාරි 24 වන දින වන විට, PayPal ශ්‍රී ලංකාව තුළ අරමුදල් ලබා ගැනීමේ සහ ආපසු ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් ලබා ගැනීමේ හැකියාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි එම ආමත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරිය සඳහන් කළේ.
PayPal
PayPal යනු අන්තර්ජාලය හරහා ගනුදෙනු කල හැකි හා මුදල් හුවමාරු කල හැකි ලොවම පිළිගත් විශ්වාශවන්ත ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවකි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.
අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
ශ්‍රී ලංකාව PayPal විසින් සහාය දක්වන රටක් ලෙස ලැයිස්තුගත කර ඇතත්, ප්‍රධාන වශයෙන් දේශීය විදේශ විනිමය රෙගුලාසි සහ බැංකු නීති නිසා ශ්‍රී ලංකාවට මෙම සේවාවේ ප්‍රධාන විශේෂාංග අහිමි විය. මේ පිළිබඳ PayPal වෙබ් අඩවියේද, දැක්වෙන්නේ මෙලෙසින්.

ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් භාවිත කළ හැකි නමුත් අප හට ඇති එකම අවාසිය ලංකාවේ නීති වලට අනුව අපගේ රටට වෙනත් රටකින් පේපැල් හරහා මුදල් ගෙන්වා ගත නොහැකි වීමයි.
රටේ විදේශ විනිමය පාලනය සහ බැංකු අනුකූලතාවය, දේශීයව අරමුදල් ලබා ගැනීම සහ ආපසු ගැනීම වැනි පූර්ණ අභ්‍යන්තර ගෙවීම් කාර්යයන් සක්‍රීය කිරීමෙන් PayPalමෙරට සම්පූර්ණ භාවිතය නැවත ලබා දිය හැක. එනමුත් පේපැල් අප රටට නැවත ලබා දීම කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුව ඇත. පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුව වේ. කෙසේ වෙතත් මහ බැංකුව සහ ඩිජිටල් අමාත්‍යාංශය පවසන පරිදි අද දිනයේ Paypal ශ්‍රී ලංකාව තුළ අරමුදල් ලබා ගැනීමේ සහ ආපසු ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් ලබා ගැනීමේ හැකියාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් කරන බැවින් නුදුරේම Paypal යළි සක්‍රිය කිරීමේ ඉඟි එමගින් පලවන බවට අනුමාන කළ හැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Title:PayPal ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භාවිතයට නැවත අවසර ලැබුණද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


