ඉරාන නායකයා සිටින ස්ථානය හෙළි කරන ලද ජෙනරාල්වරයකු පසුතැවිලි වී සියදිවි නසාගන්නා වීඩියෝවක් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අවවාදයයි: මෙම වීඩියෝවේ අතිශය සංවේදී දර්ශන සහිතයි.

මැදපෙරදිග යුධ ගැටුම් උත්සන්න වීමත් සමග ඒ හා සම්බන්ධ නොයෙකුත් සිදුවීම් වලට අදාලව නොමග යවන සුළු සටහන්, ජායාරූප සහ වීඩියෝපට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ෂණයක් මේ,

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ඉරාන නායකයාගේ නිශ්චිත ස්ථානය හෙළි කිරීමෙන් ඔහුව පාවා දුන් ජෙනරාල්වරයා පසුතැවිලි වී ඇත. සජීවී විකාශනයේදී ඔහු සියදිවි නසා ගත්තේය.” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එසේම අදාළ වීඩියෝව වට්සැප් ඔස්සේ ද බහුලව සංසරණය වී තිබුණා.

සැබෑ ලෙසම අදාල වීඩියෝව ඉරාන නායක අයතුල්ලා අල් කමේනි සිටින ස්ථානය හෙළි කරන ලද ජෙනරාල්වරයකු පසුතැවිලි වී සියදිවි නසාගන්නා වීඩියෝවක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, 2026 පෙබරවාරි 28 වන දින ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිල නිවසට එල්ල වූ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

එසේම අප විසින් ඉරාන රාජ්‍ය මාධ්‍ය ඇතුළු පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ඉරානයේ  උත්තරීතර නායක  අයතුල්ලා අල් කමේනි සිටින ස්ථානය හෙළි දරව් කරන ලද  ජෙනරාල්වරයකු පසුතැවිලි වී සජීවී විකාශනයක් අතරතුර පාපොච්චාරණය කළ බවට හෝ සියදිවි නසා ගැනීමෙන් මිය ගිය ගොස් ඇත් ද යන්න පරීක්ෂා කළත් ඒ පිළිබඳ තහවුරු කරන විශ්වාසදායක වාර්තා  කිසිවක් හමු වුණේ නැහැ.

ඒ අනුව අප විසින් අදාල වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්‍ෂා කිරීමට කටයුතු කළා. එහිදී තහවුරු වූයේ එම වීඩියෝව X හි Rojhelat News මගින් මුල් වරට 2024 ඔක්තෝබර් 15 වන දින පල කර ඇති බවයි. 

X

අදාල වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයා නැගෙනහිර කුර්දිස්තානයේ බානේ නගරයේ පදිංචිකරුවෙකු වන සහීර් අමිනි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු සජීවී විකාශයක් අතරතුර සියදිවි නසා ගත් බව සඳහන් වනවා. ඒ අනුව අදාල වීඩියෝව මෑතකාලීන ඉරාන ගැටුම්වලට පෙර 2024 වසරේ සිදුවූ සිදුවීමකට අදාල වීඩියෝවක් බවයි. 

එසේම ඒ බව තහවුරු කරමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් 2024 නොවැම්බර් 11 වන දින  සිදු කරන ලද කරුණු පරීක්ෂණ වාර්තාවක් ද හමුවුණා.

Read in English: Did an Iranian General Who “Betrayed” Ayatollah Khamenei, Die by Suicide on Live Broadcast?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය): 

අපගේ විමර්ෂයෙන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පාවා දුන් ඉරාන ජෙනරාල්වරයෙකු සජීවී විකාශයක් අතරතුර සියදිවි නසා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් නොවන බවයි.  හුවමාරු වන වීඩියෝව 2024 වර්ෂයේ නැගෙනහිර කුර්දිස්තානයේ පුද්ගලයකු විසින් සජීවී විකාශයක් අතරතුර සියදිවි නසාගන්නා ලද වීඩියෝවකි.

Avatar

Title:ඉරාන නායකයා සිටින ස්ථානය හෙළි කරන ලද ජෙනරාල්වරයකු පසුතැවිලි වී සියදිවි නසාගන්නා වීඩියෝවක් ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *