දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් මධ්‍යයේ, නොමග යන සුළු තොරතුරු බහුලව හුවමාරු වනවා. මේ එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මැද පෙරදිග යුද උණුසුම අතර ඉරානය විසින් භාවිතා කළ බව කියන හෙලිකොප්ටර් සහ F-14 ප්‍රහාරක යානා වැනි රූප භූමියේම ත්‍රිමාණ ආකාරයෙන් අඳිමින් ඒවා සැබෑ යානා ලෙස පෙනෙන්නට සලස්වමින් ඒවා යුධ උපායමාර්ග ලෙස භාවිත කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් හුවමාරු වී තිබුණා.

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍යධාරා වාර්තා නැහැ
ඉරානය විසින් 3D ගුවන් යානා බිම මත පින්තාරු කළ ඇති බවට හෝ ඉරානය ගුවන් තොටුපලවල ප්‍රහාරක ජෙට් සහ හෙලිකොප්ටර් බිම ඇදීමෙන් අමෙරිකාවේ හෝ ඊශ්‍රායලය විසින් ඒවාට පහරදුන් බවට කිසිදු ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.
එමෙන් ම ඉරාන රජයේ පාර්ශවයෙන්, හමුදාවෙන් හෝ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) නිලධාරීන්ගෙන් හෝ මෙහි නිරවද්‍යතාව පිළිබ කිසිදු තහවුරු කිරීමක් අපට හමු නොවීය.
AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප
මේ හේතුවෙන් මෙම ඡායාරූප AI ඔස්සේ ජනනය කර ඇත්ද, යන්න පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා. එහිදී තහවුරු වූයේ මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇති බවයි.


අනෙක් ඡායාරූප ද, Google හි කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතයෙන් ජනනය කර ඇති බවත්, ඒවායේ නොපෙනෙන SynthID ඩිජිටල් Water Mark අඩංගු බවත් අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා. SynthID යනු AI භාවිතයෙන් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් හඳුනා ගැනීම සඳහා Google DeepMind විසින් සංවර්ධනය කරන ලද Water Mark පද්ධතියකි. මෙම Water Mark තිබීමෙන් පෙන්නුම් කරන්නේ මේවා කෘතිමව නිපදවා ඇති බවයි.

තව ත් සැටලයිට් වීඩියෝවක්
එමෙන් ම විදේශීය සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් මෙම තේමාවේ යටතේ වීඩියෝවක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරුගෙන තිබුණේ මේ අයුරින්.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ස්ථානගත කර තිබූ ඉරාන එම්අයි-17 හෙලිකොප්ටරයකට පහර දෙන වීඩියෝවක් නිකුත් කිරීමෙන් පසු මෙලෙසින් ඉරාන විසින් 3D ගුවන් යානා පොළොව මත සිතුවම් කර රැවටීම් ගැන අනුමාන කරන වාර්තා පළ වුණා.
කෙසේ වෙතත්, ඉහත වීඩියෝව නොමඟ යවන සුළු බවට පෙන්වා දිය හැක්කේ, එම දර්ශන පළ කර ඇත්තේ, ඊශ්‍රායල හමුදා X ගිණුම මගින් ඒ ඉරානය සමග 2025 ජුනි මාසයේදී ඇතිවූ යුද ගැටුම් වකවාණුවේදී ය. එබැවින්, වීඩියෝව 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ප්‍රහාර පෙන්නුම් කළ බවට කරන ලද ප්‍රකාශය අසත්‍ය වේ.
වීඩියෝව, පහත ඇති හෙලිකොප්ටරයකට බෝම්බයක් හෙළන අයුරු පෙන්වන නමුත්, මෙම පිපිරීමෙන් පසුව පවා එම රූපය නොවෙනස්ව පවතින බව දැක ගන්නට ලැබේ.
කෙසේ වෙතත්, ඉරානය විසින් මේ ආකාරටයන් යුද උපක්‍රම භාවිත කළ බවට හෝ ඉරානය එවැනි වංචාවන් භාවිතා කරන බවට සනාථ කෙරෙන විශ්වාසදායක වාර්තා මෙතෙක් කිසිවක් හමු නොවීය.
ඉරානය විසින් භාවිතා කරන යුද උපක්රම
ඉහත ඡායාරූප කෘත්‍රිමව නිර්මාණය කර තිබුණත්, විශ්ලේෂකයන් පවසන්නේ ඉරානය තම මිසයිල් බලකාය ආරක්ෂා කර ගැනීමට වෙස්ගැන්වීම (camouflage), සංචලතාව (mobility), භූගත පහසුකම් සහ ව්‍යාජ ඉලක්ක වැනි ක්‍රම ඉරානය භාවිතා කරන බවයි. පෙර වාර්තා අනුව, ඇතැම් ප්‍රහාරවලදී ඉලක්ක කරනු ලැබූ ස්ථාන කිහිපයක් ප්‍රහාරකයන්ව මඟ හැරවීමට හිතාමතා සකස් කළ ව්‍යාජ ඉලක්ක විය හැකි බවත් ඔවුන් සඳහන් කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ඉරානයට එල්ල වන ප්‍රහාර වලින් විනාශ වී ඇති පද්ධති
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ හමුදා මූලික පහසුකම් කිහිපයක් ඉලක්ක කරමින් ප්‍රහාර සිදු කර තිබේ.
හමුදා වාර්තා අනුව, මෙම මෙහෙයුම්වලදී ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් යානා සහ ඩ්‍රෝන් පහසුකම් ඇතුළු ඉලක්ක කිහිපයක් ප්‍රහාරයට ලක් විය.
ඇතැම් වාර්තා අනුව, මෙම ප්‍රහාරවලදී ඉරානයට අයත් හමුදා සම්පත් කිහිපයක්ද විනාශ වී ඇත. එයට S-300 ගුවන් ආරක්ෂක පද්ධතිවල කොටස් සහ ඉරාන ගුවන් හමුදා කඳවුරු වල නවතා තිබූ ගුවන් යානා ද ඇතුළත් වන බව සඳහන් වේ.
මේ පිළිබඳ තොරතුරු මෙතනින්.
ව්යාජ තොරතුරු පැතිරවීම සඳහා AI මගින් නිර්මාණය කරන ලද “Satellite” රූප
වත්මන් යුදමය වාතාවරණය මත Generative AI තාක්ෂණය භාවිතා කරමින් satellite imagery ලෙස පෙනෙන නමුත් සත්‍ය නොවන රූප නිර්මාණය කිරීම වැඩිවෙමින් පවති.
මීට පෙර, කටාර්හි හමුදා කඳවුරකදී අමෙරිකානු රේඩාර් උපකරණ විනාශ වී ඇති අයුරු පෙන්වන satellite ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය සටහන් වල හුවමාරු විය. පර්යේෂකයන් පසුව පෙන්වා දුන්නේ, එය බහරේනයේ වෙනත් අමෙරිකානු කඳවුරකින් 2025 Google Earth රූපයක් අනුසාරයෙන් AI ඔස්සේ වැඩිදියුණු කළ ඡායාරූපයක් බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.
මෙම සිද්ධියෙන් පෙන්වන්නේ satellite ඡායාරූප, වීඩියෝ ලෙස පෙන්වන රූප සමාජ මාධ්‍යවල ඉතා ඉක්මනින් සංසරණය වන අතර සිදුවී නොමැති සිද්ධීන් සත්‍ය ලෙස විශ්වාස කිරීමට ජනතාව පෙළඹවිය හැකි බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉරානය විසින් අමෙරිකාව සහ ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරවලින් බේරීමට 3D ගුවන් යානා බිම මත පින්තාරු කළ ඇති බවට දක්වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප නොමග යවන සුළු බවයි. එම ඡායාරූප AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප බවයි.ඉරානය විසින් පෙරදී යුද උපක්‍රම භාවිතා කර ඇති බව වාර්තා වුවද, සමාජ මාධ්‍යවල සංසරණ වන මෙම ඡායාරූප එවැනි උපක්‍රම බවට පෙන්වීමට විශ්වාසනීය සාක්ෂි කිසිවක් මෙතෙක් හමු වී නොමැත.


