කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ගැන සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහන් අසත්‍යයි! 

False Social

දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

බුදු සසුනේ චිරස්තිථිය හා සමාජීය යහපැවැත්ම වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙමින්, දේශීය වශයෙන් පමණක් නොව විදෙස් රටවලට ද වැඩම කරවමින් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදුකරන පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් දේශනා කරනු ලබන සදහම් කරුණු සමාජ මාධ්‍යයෙහි ද නිතර අසන්නට දකින්නට ලැබේ. මේ උන්වහන්සේ  සම්බන්ධව සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් කිහිපයක් පිළිබඳව Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“කවදාවත් බොරු කියන්න එපා. පේනවා නේද ජනාධිපතිතුමනි ඔබතුමාට දැන් වෙලා තියෙන දේ, ඔබ තුමාගේම ෆේස්බුක් පිටුව අද ඔබතුමාගේම සතුරා වෙලා. මීට අවුරුදු 2,3කට කලින් දාපු පෝස්ට් ඔබටම ඩිලීට් කරන්න වෙලා. බොරුවෙන් බලයට පැමිණි ඔබතුමා ඒ බොරු මතින්ම අවසන් වේවි”

Facebook | Archived Link

ඉහත සටහන සත්‍යයක් බවට අනුමාන කරමින් බොහෝ පිරිසක් එය හුවමාරු කරගෙන තිබූ අතර තවත් පිරිසක් එය සත්‍යක් බවටත් තවත් පිරිසක් එහි සත්‍යතාවක් නොමැති බවත් කියමින් මෙලෙස අදහස් පළ කර තිබුණා.  

ඉහත තේමාවේ සටහන් තවදුරටත් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ ආකාරයෙනි. 

  Facebook | Archived Link                        Facebook | Archived Link

WhatsApp ඔස්සේ ද එම සටහන් මෙලෙස හුවමාරු වී තිබුණා.

මේ අතර ස්වාමීන් වහන්සේ රෝගී වී ඇති බව පවසමින් තවත් සටහනක් මාර්තු 07 වැනිදා ෆේස්බුක් ඔස්සේ පළ කර ඇත්තේ, උන්වහන්සේගේ රෝගී වි සිටින බවට හැඟී යන ඡායාරූපයක් සහ වැඩි විස්තර සඳහා වන සබැඳියක් ද සහිතවයි.  

Facebook | Archived Link

පාඨයින් රැසක් ඉහත සටහන්වල නිර්වද්‍යතාව විමසා තිබූ අතර ඒ අනුව ලද පාඨක ඉල්ලීම් ද සලකා සටහන්වල නිර්වද්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කිසිදිනක බොරු නොකියන ලෙසටත්, මීට වසර කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයාගේ ගිණුමේ පළ කළ සටහන් ඔහුටම ඉවත් කිරීමට සිදුව ඇති බවටත් කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ධර්මදේශනාවකදී ප්‍රකාශයක් සිදුකර ඇතැයි හැඟී යන ආකාරයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් සංසරණය වන්නේ, මීට වසර කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද සටහනක් ඉවත් කර | Archived Link ඇතැයි කියමින් සටහන් සංසරණය වන පසුබිමකදී ය.

මේ අතර කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ බවට හැඟි යන ආකාරයේ ප්‍රකාශයක් සහිත සටහන් ෆේස්බුක් පිටු කිහිපයකම සටහන් ආකෘති යටතේ පළ වී තිබිණ. එහෙත් අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු වූයේ, සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ආකාරයේ සටහන් Sundari -සුන්දරී  සහ TTvnews  යන ෆේස්බුක් පිටුවල පළ කර නොමැති බවයි. 

තවදුරටත් මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ අරමුණින් අප කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් පසුගිය දින කිහිපයේ දේශනා කරන ලද ධර්ම දේශනා කිහිපයක් පරීක්ෂා කර බැලූ අතර ඒවායෙහි ද සමාජ මාධ්‍යයෙහි සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් උන්වහන්සේ සිදුකරන බවක් දැකගන්නට නෙමැත. තව ද උන්වහනසේගේ ධර්ම දේශනාවල අන්තර්ගතයන් බොහෝමයක් සමාජ මාධ්‍ය ජාලාවල නිරතුරුවම සංසරණය වන වටපිටාවක් තුළ උන්වහන්සේ ඉහත ආකාරයේ ප්‍රකාශක් සිදු කළේ නම්, එහි වීඩියෝව ද සමාජ මාධ්‍ය ජලා ඔස්සේ  සංසරණය විය යුතු ය. එහෙත් සමාජ මාධ්‍යයෙහි සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සහිත වීඩියෝවක්  සමාජ මාධ්‍යයෙහි පළ වී නොමැති බව අපගේ නිරීක්ෂණයේදී තහවුරු විය.

මේ අතර කත්නෝරුවේ සිරිධම්ම හිමියන් අසනීප වී ඇති බවට වන සටහනේ සඳහන් සබැඳියෙහි උන්වහන්සේගේ රෝගී තත්ත්වයට අදාළ විස්තර  කිසිවක් නොමැති අතර මීට පෙර ද මෙම ඡායාරූපය ම යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ උන්වහන්සේ රෝගී වී ඇති බව කියමින් පළ කර තිබූ සටහන්  අසත්‍ය ප්‍රචාරයක්  බවට උන්වහන්සේ ම  සිය  නිල ගිණුම ඔස්සේ මෙලෙස ප්‍රකශ කර තිබුණා. මේ අතර මාර්තු 18 වැනිදා පැවැත්වෙන ධර්ම දේශනාවක් පිළිබඳ පෝස්ටරයක් උන්වහන්සේගේ නිල ගිණුමේ පළ කර තිබීම තුළ පැහැදිලි වන්නේ, ඉදිරියේදී සංවිධානය කරන ලද ධර්ම දේශනා සඳහා  උන්වහන්සේ සහභාගීවීමට සූදානමින් පසු වන බවයි. 

මේ අනුව ද පැහැදිලි වන්නේ, කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් අසනීප වී ඇති බවට වන සටහනෙහි ද සත්‍යතාවක් නොමැති බවයි.  

කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ සම්බන්ධීකාරක 

මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව අප සිදු කළ විමසීමකදී පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ සම්බන්ධීකාරකවරයා පැවසුවේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් උන්වහන්සේ විසින් සිදු නොකළ බවයි. එම සටහන් සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ද ඔහු ප්‍රකාශ කළා.  

මේ අතර උන්වහන්සේ පූර්ණ සුවයෙන් පසුවන බවත් රෝගී වි ඇති බවට වන සටහන් ද අසත්‍ය බව අදාළ සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

මීට පෙර ද කත්නෝරුවේ සිරිධම්ම හිමියන් රෝගී වි ඇති බව කියමින් සමාජ මාධ්‍යයෙහි සටහන් හුවමාරු වූ අතර මීට පෙර පළ වී තිබූ එවැනි සටහනක් පිළිබඳව අප සිදු කරුණු පරීක්ෂාවක්. 

කත්නෝරුවේ සිරිධම්ම හිමියන් රෝහල් ගත කර ඇති බවට පලවන වාර්තා අසත්‍යයි !

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කිසිදිනක බොරු නොකියන ලෙසටත්, මීට වසර කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයාගේ ගිණුමේ පළ කළ සටහන් ඔහුටම ඉවත් කිරීමට සිදුව ඇති බවටත් වන ප්‍රකාශයක් කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් සිදුකර නොමැති බවයි. මෙම සටහන් ෆේස්බුක් පිටු කිහිපයක ආකෘති ව්‍යාජව යොදා ගනිමින් කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඡායාරූපය භාවිත කරමින් සමාජය නොමග යැවීමේ අරමුණින් සකසා පළ කරන ලද  ව්‍යාජ සටහන් බවයි. 

මේ අතර උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් පසුවන බවට වන සටහනෙහි ද සත්‍යතාවක් නොමැති අතර එය ද ව්‍යාජ සටහනකි. 

Result Stamp

Title: කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ගැන සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහන් අසත්‍යයි!

Fact Check By: Sagarika Chathumali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *