අමාත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ගල් ප්‍රහාරයක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉන්ධන පිරවුම් හළකදී ආමත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. එහි නිර්වද්‍යකාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රාජගිරිය ගුවන් පාලම අසල ඇති ඉන්ධන පිරවුම්හළේ දී ඊයේ(18) දින අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ආරක්ෂක රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ල වූ බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වුණා. 

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ තව ත් සටහන් පෙළක් පහතින්.

Facebook | Facebook |Facebook

Threads සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ද, මෙම සටහන් හුවමාරු වී තිබුණා.

Threads| Archived Link

මෙම සටහන් වල නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ගේ රථ පෙළකට හෝ ආරක්ෂක රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ල වූයේ නම් එවැනි තොරතුරක් පිළිබඳ රටේ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළ යුතුව තිබුණ ත්, කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවකින් එවැනි පුවතක් වාර්තා කර නොමැති බව අප කළ මූලික පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණි.

එමෙන් ම සමාජ මාධ්‍ය සටහන්වල පමණක් දැක්වෙන ලෙස වාහන ගල් ප්‍රහාරයට ලක් වන අවස්ථාවක හෝ ඉන්පසු හානි වූ වාහන පෙන්වන හෝ කෝළහාලයක අවස්ථාවන් දැක්වෙන එකදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී නොතිබීම ද, පුදුමයට කරුණකි.

එසේම ඉහත ඇතැම් සටහන්හි වීඩියෝ දර්ශන ඇති බවක් සඳහන් කර තිබුණ ද මේ දක්වා එවැනි කිසිඳු සාක්ෂියක් හෝ ඉදිරිපත් කර හෝ තිබුනේ නැත.

රාජගිරිය පොලීසිය

කෙසේ වෙතත් මෙවැනි කෝළහාල අවස්ථාවක් උද්ගතවී තිබුණි නම්, ඒ පිළිබඳ පොලිසියට වාර්තා විය යුතු බැවින් හා වාහන වලට හානි කිරීම මත හෝ පොලීසිය විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් හෝ තිබෙනවාද යන්න තහවුරු කර ගැනීම සඳහා අප රාජගිරිය පොලිස් ස්ථානයෙන් , විමසීමක් කරනු ලැබුවා. 

වැලිකඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, රාජගිරිය ඉන්ධන හල අසල එවැනි ගල් ප්‍රහාරයක් රථ පෙළකට එල්ල කළ බවට සිදුවීමක් වාර්තා නොවූ බවයි. එසේම අදාළ ඉන්ධන හලේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද, ආරක්ෂාවට යොදවා ඇති අතර එවැනි සිදුවීමක් ඔවුන් ද වාර්තා නොකළ බවට තහවුරු කළා.

රාජගිරිය ඉන්ධන පිරවුම්හල

අප මේ පිළිබඳව තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා රාජගිරිය K D U S Perera සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුව ද, දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු සඳහන් කළේ ද, ඊයේ (18) දින ඉන්ධන පිරවුම් හළ තුළ පරිශ්‍රයේ කිසිදු ගැටුමක් උද්ගත නොවූ බවයි.  ඉන්ධන හළින් පිටත අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ වාහනයට ගල් ප්‍රහාරයක් එල්ලවූවාද යන්න පිළිබඳ තමන් නිසි ආකාරයෙන් දැනුවත් නොමැති බව ත් සඳහන් කරනු ලැබුවා.

රාජගිරිය ඉන්ධන පිරවුම් අසල කඩ සාප්පු

රාජගිරිය ඉන්ධන පිරවුම් අසල කඩ සාප්පු කිහිපයකින් ද, අප මෙම ඉන්ධන පිරවුම්හළ අසල ඊයේ දින ගැටුමක් ඇති වූයේ ද, යන්න හා ගල් ප්‍රහාර එල්ල කළ බවට දැක තිබුණේ ද, යන්න පිළිබඳව විමසනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, එවැනි ගැටුමක් පිළිබඳ දැක නොමැති බව ත්, එවැනි ආරංචියක් ද, දැන ගැනීමට නොලැබුණු බවයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස 

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ද, අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන සටහන් පිළිබඳ විමසීමක් කළ අතර, අමාත්‍යවරයා පැවසූවේ, මෙම සටහන් අසත්‍ය බව ත්, තමන් ගමන් කරන්නේ තනි වාහනටක බව ත්, ආරක්ෂක රථ පෙළවල් රැගෙන යාම සිදු නොකරන බවයි. 

මෙවැනි අසත්‍ය තොරතුරු මුදා හරින පාර්ශවයන් සම්බන්ධ තමන් දැනුවත් අතර අසත්‍ය තොරතුරු සමාජගත කරන එම කණ්ඩායම පිළිබඳ අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රැගත් රථපෙළකට රාජගිරියේ ගුවන් පාලම අසල ඇති ඉන්ධන පිරවුම්හලේ දී  ඊයේ (18)ගල් ප්‍රහාරයකට ලක් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එවැනි ප්‍රහාරයක් එල්ලවූ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර රාජගිරිය පොලීසිය ද, තහවුරු කරන්නේ, එවැනි ගැටුමක් ඇති වූ බවට කිසිදු වාර්තා වීමක් නොමැති බවයි.

Result Stamp

Title: අමාත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ගල් ප්‍රහාරයක්?

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *