
සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී තාරකා විද්‍යාත්මක සිදුවීම් පිලිබදව ලෝකවාසීන් දක්වන්නේ ඉහල උනන්දුවක්. සමාජ ජාලා හරහාද මේ සම්න්බන්ධ සටහන් නිතර හුවමාරුවෙනවා.
අප මේ අවධානය යොමුකරන්නේ ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් යයි පවසමින් හුවමාරුවන නොමගයවන සුලු වීඩියෝවක් පිලිබදවයි.
සමාජ ජාලා සටහන්
ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ලෙස වීඩියෝවක් හුවමාරුවී තිබුණේ පහත සටහනද සමගින්.
“වීඩියෝව රූගත කර ඇත්තේ කැනඩාව, ඇලස්කාව සහ රුසියාව යන දේශසීමා අතර ආක්ටික් කවය තුළ ය. එය පවතින්නේ තත්පර කිහිපයක් පමණි, නමුත් එය දර්ශනීය දසුන අගය කිරීම වටී. මෙම සංසිද්ධිය තත්පර 36 ක් සඳහා දැකිය හැක්කේ වසරකට වරක් පමණි; සඳ එහි සියලු තේජසින් දිස්වන අතර පසුව අතුරුදහන් වේ. එය කෙතරම් සමීපද යත්, එය පෘථිවිය සමඟ ගැටීමට යන බව පෙනේ, වහාම තත්පර 5 කට පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වන අතර එහිදී සියල්ල අඳුරු වේ. මෙම සංසිද්ධිය සිදුවන්නේ පෙරිජී (සඳ පෘථිවියට ආසන්නතම ස්ථානය) හිදී පමණක් වන අතර අපගේ ග්‍රහලෝකය චලනය වන විශාල වේගය අපට වටහා ගත හැක්කේ එහිදීය.”
මෙම සටහන් ෆේස්බුක් අවකාශය තුළ පැතිර තිබුණේ පහත ආකාරයෙන්.

ඒ සම්බන්ධයෙන් වන Whatsapp සටහන් ව්‍යාප්තව පැවතියේ මෙලෙසින්.

මේ පිලිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)
මෙම වීඩියෝව සම්බන්ධයෙන් keyword සෙවීමක් සිදුකළ අපට මේ සම්බන්ධයෙන් HoaxEye නම් අසත්‍ය තොරතුරු පිළිබද සටහන් තබන කණ්ඩායමක් විසින් සිය ට්විටර් පිටුවේ තබන ලද පණිවිඩයක් දක්නට ලැබුණා.
එහිදී ඔවුන් පවසන්නේ මෙම වීඩියෝව පරිගණක ආශයෙන් කරන ලද නිර්මාණයක් මිස සැබෑ සිදුවිමක වීඩියෝවක් නොවන බවට පැහැදිලි නමුත් මෙහි නිර්මාණ ශිලිපියා කවුරුන්ද යන වග තමන්ට ඒ වන විට සොයාගැනීමට නොහැකිවූ බවක්. Tweet | Archived
ත්‍රිමාණ සජීවිකරණ වීඩියෝවේ විස්තර
ඉන්පසුව මේ වීඩියෝව පිලිබදව අප තවදුරටත් සොයා බැලුවා. එහිදී අපට මෙම වීඩියෝවේ මුල් වීඩියෝව යයි සිතිය හැකි ටික් ටෝක් වීඩියෝවක් සොයා ගැනීමට හැකිවුණා.එය ටික් ටොක් වෙත මුදාහැර තිබුණේ 2021 මැයි මස 17 වන දිනයි. ඒ Laryloo නමින් හැදින්වෙන ගිණුමක් මගින් . එම වීඩියෝව පහතින් .
එහිදී අපට ඉහත වීඩියෝව මෙන්ම, මේ හා සමාන වෙනත් ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණයෙන් සකසන ලද වීඩියෝ ගණනාවක්ම ඔහු විසින් පළකර තිබෙන ආකාරය දක්නට ලැබුණා. නමුත් මෙම වීඩියෝවේ පහතින් වීඩියෝව උඩුගත කල හිමිකරුවාගේ නම ලෙස සදහන් වන්නේ “Aleksey” නම් වෙනත් ගිණුමක නමයි.
ඉන්පසුව අප Alesky නම් එම ගිණුමද නිරීක්ෂණය කළා.එහිදී අපට දක්නට ලැබුණේ Alesky ගිණුමේ මෙවැනි ත්‍රිමාණ පරිගණක සජීවිකරණ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වෙනත් වීඩියෝ පළකර තිබුණත් සමාජ ජාලාවල වේගයෙන් හුවමාරුවන වීඩියෝව මේ වන විට දක්නට නොමැති බවයි.
ඉහත වීඩියෝව ම මීට පෙර ඉන්දියාවේ ද විශාල වශයෙන් හුවමාරු වූ අතර අප Fact Crescendo ඉන්දීය කණ්ඩායම, 2021 වසරේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද සිදුකළා. එම අවස්ථාවේ දී Alexky ගිණුමේ මෙම වීඩියෝව පළව තිබුණු අතර Alexky නමින් තමන්ව හදුන්වාගන්නා ත්‍රිමාණ සජිවිකරණ ශිල්පියාව ද සම්බන්ධ කර ගැනීමට අප කණ්ඩායමට හැකිව තිබෙනවා. ඒ Instagram හරහායි. එහිදී ඔහු පවසා ඇත්තේ මෙම වීඩියෝව තමන් විසින් පරිගණක සජීවිකරණ තාක්ෂණය (Computer Animation ඔස්සේ සංස්කරණය කරමින් සකසන ලද එකක් වන අතර තමන් ජීවත්වන්නේ යුක්රේනයේ වන බවයි.
මේ සම්බන්ධයෙන් Fact Crescendo ඉන්දීය කණ්ඩායම ඉංග්‍රීසි බසින් 2021 වසරේදී සිදුකල කරුණු විමසා බැලීම සදහා යොමුවිය හැකියි මෙතනින්.
Supermoon පිලිබඳ විස්තර:
එසේම චන්ද්‍රයා පෘථිවිය වටේ ගමන් ගන්නා මාර්ගය අනුව පෘථිවියට ආසන්නවම පවතින අවස්ථා Perigee ලෙස හැඳින්වෙන අතර සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට වඩා මෙම අවස්ථාවේ දී 14% පමණ විශාලව සහ 30% පමණ දීප්තිමත්ව ද දැකිය හැකියි. මෙම අවස්ථාව Supermoon ලෙස හැඳින්වෙනවා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින් සහ මෙතනින් .
එසේම ඇතැම් අවස්තාවල දී වසරක දී Supermoon කිහිපයක් ද දැකගන්නට ලැබෙන බවත් සඳහන්. අගෝස්තු මස මේ වසරේ අවසාන Supermoon දක්නට ලැබෙන බව දක්වමින් පළවූ වාර්තාවක් මෙතනින්
Also Read: Aphelion තත්ත්වය නිසා අගෝස්තු 22 තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News |TikTok
Conclusion (අවසාන නිගමනය )
අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වන්නේ ආක්ටික් ප්‍රදේශයේ සිදුවූ සුර්යග්‍රහණ සංසිද්ධියක් ලෙස සමාජ ජාලා හරහා පැතිරෙන මෙම වීඩියෝව පරිඝනක තාක්ෂණ උපයෝගී කර ගනිමින් සිදුකළ නිර්මාණය විනා සැබෑ වීඩියෝවක් නොවන බවයි. එය නිර්මාණය කල ශිල්පියාද අප හට පැවසුවේ මෙය පරිගණක ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණ යොදාගනිමින් තමන් විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

Title:ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ද? (Video)
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,