
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.
පොලිස් නිලධාරින් හා සම්බන්ධ විවිධ පුවත් සමාජ ජාලා හරහා පසුගිය කාලය පුරාවටම පැතිරුණා. එම සමහර සටහන් පොලිසිය හා සම්බන්ධව ධනාත්මක ඒවා වූ අතර සමහරක් සමාජ ජාලා සටහන් දැඩිලෙස විවේචනාත්මක ඒවායි. මේ අතර විරෝධතා පුවරු සහිතව ලිබර්ටි වටරවුමේ උද්ඝෝෂණයක යෙදෙන පොලිස් නිලධාරින් පිරිසකගේ ඡායාරූප සටහනක් ද හුවමාරු වුණා.
සමාජ ජාලා සටහන්
“වසර 15 ක් දුෂ්කර සේවයේ… Junior අය මටත් ඉහළ පුටුවල… මාසේ පඩිය ජිවත් වෙන්නත් මදි… පොලිසියට දේශපාලන බලපෑම් එපා… ප්‍රවාහන දීමනා වැඩි කරනු .” යන පාඨයත් සමඟින් ලිබර්ටි වටරවුමේ පොලිස් නිලධාරින් පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන බව දැක්වෙන සේයාරුවක් හුවමාරු වී තිබුණා. මෙහිදී පොලිස් නිලධාරීන් අතැතිව සටන් පාඨ ඇතුලත් පුවරු ද දැකගන්නට ලැබුනේ පහත ආකාරයටයි.

ඒ සම්බන්ධයෙන් පළවුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
පොලිස් නිලධාරීන් විසින් මෙවන් විරෝධතාවයක් මෑතකදී දක්වා ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කරුණ අප මුලින්ම සොයා බැලුවා. නමුත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මෙවන් පුවතක් වාර්තා කර තිබුණේ නැහැ.
ඉන් අනතුරුව අප මෙම සේයාරුව Google Reverse Image සෙවුමක් යටතේ පරික්ෂා කර බැලුවා. එහිදී අපට මෙහි සත්‍ය සිදුවීම කුමක්ද යන්න සොයා ගැනීමට හැකිවූ අතර සමාජ ජාලාවල පැතිරුණ ඡයාරූපය සංස්කරණය කරන ලද්දක් බවට තහවුරු වුණා.
මෙහි සත්‍ය සේයාරුව ඇතුලත් ට්විටර් සටහනක් පහතින්.

එහි සදහන් වන්නේ දින ගණනාවක සිට සවස් කාලයේදී ලිබර්ටි වටරවුම ආසන්නයට පැමිණ විරෝධතා පුවරු ද අතැතිව උද්ඝෝෂණයේ නිරතවන කණ්ඩායමට බාධා වන ලෙස, නොවැම්බර 17 වන දින පොලිස් නිලධාරින් පිරිසක් කටයුතු කල බවයි. නමුත් පොලිස් බාධා කිරීම් නොතකමින් එම පිරිස් එදින ද උද්ඝෝෂණයේ නිරත වුණු බවද එහි සදහන්.
මෙම සැබෑ සේයාරුව ඇතුළත් ෆේස්බුක් පෝස්ටු රැසක් ම අපට දක්නට ලැබුණා. එවන් සටහනක් මෙතනින්. එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පෙළක් පහතින්.
මෙහිදී පොලිස් නිලධාරීන්ගේ අත්වල විරෝධතා පුවරු තිබෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ අනුව එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් උද්ඝෝෂණයක නිරත නොවන බවත්, ඇත්ත වශයෙන්ම උද්ඝෝෂකයන්ට බාධා වන ලෙස ලිබර්ටි වට රවුමේ සිටි බවත් දැකගන්නට පුළුවන්. සත්‍ය සේයාරුව සහ සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනයක් පහතින්.

උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය කරන ලද ඡායාරුපයේ සුල මුළ
සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය කරන ලද ඡායාරුපයේ සුල මුල පිළිබඳව ද අප සොයා බැලුවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් එම සංස්කරණය කළ ඡායාරුපය, විස්තරයක් සමඟ පළකර තිබුනේ රසාස්වාදය සදහා කරන ලද නිර්මාණයක් පමණක් බවට පැහැදිලිවම දක්වමින්, උපහාසාත්මක කෝණයෙන්. එම සටහන පහතින්.
නමුත් මේ ආකරයෙන් උපහාසාත්මකව සිදුකළ සංස්කරණයක් බව සඳහන් කරන්නේ නැතිව, පොලිස් නිලධාරීන් පිරිසක් සටන් පාඨ අතැතිව සිටින පුවරු සමඟ දැක්වෙන ඡායාරුපය පමණක් ඇතැම් පිරිස් මඟින් හුවමාරු කරගැනීමෙන්, ඇතැමුන් එම අවස්ථාවේ පසුබිම විමසා තිබු අතර නොමඟ ගොස් ද තිබුණා.
නොවැම්බර් 17 දින ලිබරිට් වටරවුමේ පොලිසියේ ක්‍රියා කලාපය විවේචනය කරමින් සමාජ ක්‍රියාකාරිකයෙක් වන චිරන්ත අමරසිංහ අදහස් දක්වා තිබුනේ මෙලෙසින්. කෙසේනමුත් අද (නොවැම්බර් 24) දින ද මේ ආකාරයටම ලිබර්ටි වටරවුම ආසන්න ප්‍රදේශයේ, විරෝධතා සඳහා බාධා කෙරෙන අයුරින් පොලිස් ආරක්ෂාව යොදා තිබු අයුරු දැක්වූ වීඩියෝවක් මෙතනින්
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ වැටුප් වැඩිවීම්, දීමනා ආදිය ඉල්ලා පොලිසිය විසින් ලිබර්ටි වටරවුමේදී සිදුකරන ලද විරෝධතාවයක් ලෙස සමාජ ජාලාවල පලවන්නේ උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය කරන ලද සේයාරුවක් බවයි.
එහි මුල් සේයාරුව ලබාගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙර (නොවැම්බර් 17 දින) ලිබර්ටි වටරවුම ආශ්‍රිතව දිනපතා පැවැත්වෙන විරෝධතාවයන් අවහිර කිරීම සදහා පොලිස් නිලධාරින් කණ්ඩායමක් ලිබර්ටි වටරවුමට ගිය අවස්ථාවේදීයි. සත්‍ය ඡයාරූපයේ පොලිස් නිලධාරීන් අත විරෝධතා පුවරු දක්නට නොමැත.
Also Read : පොලිස් නිලධාරීන්ට බලපාන නෛතික කරුණු පිලිබඳ සාවද්‍ය සටහන් පෙළක්!

Title:ලිබර්ටි වටරවුමේ විරෝධතාවයක යෙදෙන පොලිස් නිලධාරීන් පිරිසක්? (PHOTO)
Fact Check By: Kalana KrishanthaResult: Altered
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,