ඉංජිනේරුවන් ලෙස හැඳින්වූ NPPයේ තව ත් මන්ත්‍රීවරුන් සම්බන්ධ පැහැදිලි කිරීමක්! 

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගයේ මැතිවරණ සමයේ ප්‍රධාන පාඨයක් වූයේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙසයි. මේ හේතුවෙන් මැතිවරණ සමයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද, තමන්ගේ වෘත්තිමය සුදුසුකම් දක්වමින් තම මැතිවරණ ව්‍යාපාරයන් ගෙන යනු ලැබුවා.

නමුත්, හිටපු කථානායක අශොක් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය හේතුකොටගෙන ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ජාතික ජන බලවේගයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ උපාධි සම්බන්ධයෙන් මෙන් ම, පාර්ලිමේන්තු වෙබ්අඩවියේ ඔවුන් සම්බන්ධයෙන් දක්වා තිබූ අධ්‍යාපනික සුදුසුකම් ද, වෘත්තිය සම්බන්ධ සුදුසුකම් ද, ඉවත් කිරීම ගැන විමසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණය වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1 – බිමල් රත්නායක:

අමාත්‍ය බිමල් රත්නායක මහතා ද, උපාධියක් හිමි කර ගෙන නොමැති බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

Fact – Check:

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ වන්නේ කුමක්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර එහිදී දැක ගැනීමට ලැබුණේ, ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි , උපාධි අපේක්ෂකයෙකු (undergraduate) ලෙසයි.

parliament.lk

කෙසේනමුත් බිමල් රත්නායක අමාත්‍යවරයා කිසිදු අවස්ථාවකදී තමන් ඉංජිනේරුවෙක් බවට දක්වා හඳුන්වා දී තිබෙනු අපට දැක ගන්නට නොලැබුණු අතර, අප මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ත්, ඒ අවස්ථාව ව්‍යර්ථක විය. 

මේ හේතුවෙන් අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලැබූ බවත්, පසුව දේශපාලනයට පිවිසීම හේතුවෙන් උපාධිය අවසන් කිරීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් එම අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදු නොවන බව ත් තහවුරු කරනු ලැබුවා.

Claim 2 – කෝසල නුවන් ජයවීර:

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා තමන් ඉංජිනේරුවෙකු හඳුන්වා දී තිබු තිබුණ ද  ඔහුගේ ඇත්ත අධ්‍යාපනික සුදුසුකම ඩිප්ලෝමාධාරියෙකු බවත්, දක්වන සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා.

Fact–Check:

මේ ගැන පරීක්ෂා කිරීමේදී කෝසල නුවන් ජයවීර ගැන ප්‍රවර්ධනය කළ මාලිමාවට සම්බන්ධ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයකම ඔහුව ඉංජිනේරු ලෙස සඳහන් කර තිබු අයුරු දැක ගන්නට ලැබෙනවා.

Facebook | Archived Link Facebook | Archived Link

එමෙන් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයකදී වෙන ත් පුද්ගලයෙකු විසින් ඔහුව ඉංජිනේරු ලෙස හඳුන්වා දී තිබූ තව ත් අවස්ථාවක් මෙතනින්. Facebook

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා සම්බන්ධයෙන් අධ්‍යාපනික සුදුසුකම් ලෙස දක්වා තිබුණේ, ඔහු ඩිප්ලෝමා ධාරියෙකු බව ත්, වෘත්තීය සුදුසුකම් ලෙස සහකාර ඉංජිනේරු ලෙස ද, දක්වා තිබුණේ මෙලෙසින්.

parliament.lk

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීම ට අප මන්ත්‍රීවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ත්, තවම ත් අප ට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි.

කෙසේ වෙතත් සහකාර ඉංජිනේරු ඩිප්ලෝමාධාරියෙකු සඳහා ඉංජිනේරු ලෙස හැඳින්විය හැකි ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස වෘත්තියෙහි යෙදීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව මගින් නිල වශයෙන් ලියාපදිංචි වී තිබිය යුතු බවට 2017 අංක 4 දරණ ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පනත මගින් නෛතිකව නියම කර තිබෙනවා.

2017 අංක 4 දරන ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව පනත වෙත අපගේ අවධානය යොමු කරන ලදී.

එහි 17 (1) 15 වන වගන්තිය යටතේ සඳහන් වන්නේ,  ලියාපදිංචි වී ඇති සෑම ඉංජිනේරු වෘත්තිකයකුටම,

(අ) ඔහු වරලත් ඉංජිනේරුවරයකු වේ නම්, ලුහුඬු පදවි නාමය ලෙස “CEng”:

(ආ) ආශ්‍රිත ඉංජිනේරුවරයකු වේ නම්, ලුහුඬු පදවි නාමය ලෙස “AEng”:

(ඇ) අනුබද්ධ ඉංජිනේරුවරයකු වේ නම්, ලුහුඬු පදවි නාමය “AflEng”;

(ඈ) සංස්ථාගත ඉංජිනේරුවරයකු වේ නම්, ලුහුඬු පදවි නාමය ලෙස “IEng”:

(ඉ) ඉංජිනේරු ඩිප්ලෝමාධාරියකු නම්, ලුහුඬු පදවි නාමය ලෙස “EngDip”:

(ඊ) ඉංජිනේරු කාර්මිකයකු නම්, ලුහුඬු පදවී නාමය ලෙස “EngTec”,

භාවිත කිරීමට අයිතිය ඇති බව ත් එහි සඳහන් වේ.

ඉහත කී පනතේ නීති ප්‍රතිපාදන අනුව, යම් තැනැත්තෙකු හෝ කිසියම් තැනැත්තෙකු හට ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස නම සඳහන් කිරීමට හෝ ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස පෙනීසිටීමට හෝ ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස නිල තත්ත්වයෙන් ක්‍රියා කිරීමට හෝ සේවයේ යෙදීමට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර එසේ ලියාපදිංචි නොවූ කිසිදු තැනැත්තෙකු හට ශ්‍රී ලංකාව තුළ පුද්ගලිකව හෝ, රාජ්‍ය අංශයේ හෝ, පුද්ගලික අංශයේ හෝ ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස තනතුරු දැරීමට හෝ පෙනී සිට ක්‍රියා කිරීමට නීතිමය බලයක් නොමැති බව නීති ගත කර ඇත.

එසේ හෙයින් කිසියම් තැනැත්තෙකු ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස තමාවම හඳුන්වාගනු ලබන්නේ නම් හෝ, රජයේ මුදල් හෝ අරමුදල් වලින් ඉංජිනේරු වෘත්තිකයෙකු හැටියට වැටුප් හා / හෝ දීමනා ලබන්නේ නම්, හෝ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නේ නම්, ඊට ප්‍රථමව ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පනතේ “අ” උප ලේඛනයේ පරිදි අදාල සුදුසුකම් වලට අනුකූලව ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වී නොසිටීම හා අදාල ඉංජිනේරු වෘත්තීය කාණ්ඩයේ ලියාපදිංචි නාම ලේඛනයට නම ඇතුලත් කර නොතිබීම එකී පනත යටතේ තහනම් හා නීති විරෝධී බවට පෙන්වා දී තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව

ඉංජිනේරු ඩිප්ලෝමා පමණක් ලබා ගත් ඩිප්ලෝමාධාරීන් සඳහා ඉංජිනේරු ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ, රෙජිස්ට්‍රාර් එන්.අයි.ජී සේනානායක මහතාගෙන් විමසීමක් කළා.

ඒ මහතා සඳහන් කළේ, ඉංජිනේරු ඩිප්ලෝමා සහතික වන NDT, HND, NDES ලබා ගත් ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයට(IESL) ඩිප්ලෝමාධාරියෙකු ලෙස බැඳීමට හැකි බවයි. 

ඉන් පසු ලබා ගන්නා වෘත්තීමය පළ පුරුද්ද සමගින් ඔවුන්ට සංස්ථාගත ඉංජිනේරු ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වන අතර ඔවුන්ට ඉංජිනේරු තනතුර භාවිත කිරීමේ හැකියාව ලබා දී ඇති බව ත් ඒ මහතා පෙන්වා දෙනවා. 

මෙහිදී අනිවාර්යයෙන් ම එම පුද්ගලයා අදාළ ඩිප්ලෝමාවෙන් පසු වෘත්තිමය වශයෙන් රැකියාවේ නියැලිය යුතු බව ත්, ඔහු මෙහිදී අවධාරණය කළා. ඒ අනුව ඉංජිනේරු ඩිප්ලෝමාධාරියෙකුට ද, මේ ක්‍රමය ඔස්සේ ඉංජිනේරු යන නාමය භාවිත කිරීමේ හැකියාව පවතී.

Claim 3 – තනුර දිසානායක:

මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී තනුර දිසානායක මහතා ද, තමන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් ලෙසට හඳුන්වාගත්ත ද ඇත්තෙන්ම එසේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන්නේ නොමැති බව සඳහන් කරමින් ද සමාජ මාධ්‍ය සටහන් පළ කරන තිබෙනු දැක ගන්නට ලැබුණා.

මෙම මන්ත්‍රීවරයා සත්‍ය වශයෙන් ම ඉංජිනේරුවක් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact-Check:

තනුර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ද තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරු ලෙස තමාව ප්‍රවර්ධනය කර තිබු අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා.

A screenshot of a social media post

Description automatically generated

Facebook | Archived Link

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ තනතුර ඇත්තේ කෙලෙසින් ද, යන්න අප පරීක්ෂා කළ අතර එහි ‘වෙනත්’ ලෙසට සඳහන් කළ ඇති අයුරු දක්නට ලැබේ.

parliament.lk

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, තමන් ට ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපාධියක් නොමැති බවයි. තමන් ට ඇත්තේ ඩිප්ලෝමාවක් පමණක් බව ත්, නමුත් තමන් Hsenid Business Solution ආයතනයේ හි මෘදුකාංග සහාය ඉංජිනේරු වශයෙන් (Software support engineer) කටයුතු කළ බවයි. කෙසේ වෙතත් තමන් ට අවුරුදු 12ක පමණක් තොරතුරු ක්ෂේත්‍රයේ වෘත්තිමය පළ පුරුද්ද ඇති බවත් ඔහු සඳහන් කළා. 

තවද තමන් පාර්ලිමේන්තුවට කිසි විටෙකත් ව්‍යාජ සහතික ඉදිරිපත් නොකළ බව ත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමන් සම්බන්ධයෙන් මුල සිටම තිබුණු ආකාරය තවමත් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ, උපාධියක් නොමැති ව රැකියා ආයතනයෙන් ලබා දෙන පත්වීම් මත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරු ලෙස භාවිත කළ නොහැකි බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ඉංජිනේරුවන් ලෙස හැඳින්වූ NPPයේ තව ත් මන්ත්‍රීවරුන් සම්බන්ධ පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *