2024 මෙරට නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගිය හේතුව බවට නොමග යන සටහනක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2021 – 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුධය හමුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමුවීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත එහි සහය ඇතිව ඉදිරියට යාමටත් සිදුවිය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා විවිධ ඉලක්ක ලබාදීම සිදුවිය.

නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගොස් තිබේද යන්න පිළිබඳව සහ ඊට හේතුව ලෙස පෙන්වා දී තිබූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“මෙම වසරේ නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගියා – මහ බැංකු අධිපති කියයි”

“දැන් මංකොල්ල කන්න කවුරුත් නෑ. හොර බොරු කරන්න කවුරුත් නැහැ. ඒකයි මේ ජයග්‍රහණය ලැබුණේ. පත්වෙලා කෙටි කාලයකින් ලබපු මේ ජයග්‍රහණයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මාලිමාවට”

යනුවෙන් සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

Fb|Archive

මෙම සටහන 2024 දෙසැම්බර් මස දී හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

එමෙන් ම පසුගිය දා නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් ගාල්ලේ පැවති ජන හමුවකදී, ජාතික ජන බලවේගය රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් පමණක් බවට ප්‍රකාශයක් කර තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් සමාජමාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.

Facebook 

2025 වසරේ IMF විදෙස් සංචිත ඉලක්ක මේ වනවිට සපුරා තිබේද යන්න සම්බන්ධයෙන් සහ මාලිමා රජය පත්වන විට තිබූ ඩොලර් සංචිත සම්බන්ධයෙන් අප සොයා බැලීමක් සිදුකළේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

පළමුව මෙම සටහන සඳහා පාදක වී තිබුණේ ‘ඉරි නිව්ස්’ නම් වෙබ් අඩවියක පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ආකෘතිය වන බැවින් අප එම වෙබ් අඩවිය ඔස්සේ මෙවැනි පුවතක් පළ කර තිබේද යන්න පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව මෙම පුවත එම වෙබ් අඩවිය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ කර තිබුණේ 2024 දෙසැම්බර් 19 වන දිනයි.

Fb|Archive

මෙම පුවතට අනුව රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්කයද ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපතිවරයා 2024 දෙසැම්බර් 18 වන දින මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවක දී පවසා ඇති බවට වාර්තා කර තිබුණා.

රට තුළ පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය එම මොහොත වන විට, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 කට ආසන්න බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළ බවයි එම  පුවතේ සඳහන්වන්නේ. එම පුවත මෙතනින්.(Archive Link)

කෙසේ වෙතත් මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කළ බවට මෙම පුවත පළ කළ කාලය තුළ ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීමක් දැකගත නොහැකි විය. 

අප මේ පිළිබඳව මහ බැංකු ඩිජිටල් කණ්ඩායමෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මහ බැංකු අධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

එනමුත් 2025 ජනවාරි 6 වන දින  “දෙරණ 360” වැඩසටහනට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, 2024 වසරේ රදවා ගැනීමට අපේක්ෂා කළ ඉලක්කගත විදෙස් සංචිත ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.6ක ඉලක්කය ඉක්මවා යමින් ඩොලර් බිලියන 6.5ක විදෙස් සංචිත ප්‍රමාණයක් රැස් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවත් 2025 වසර අවසානයේ එය ඩොලර් බිලියන 7ක ඉලක්කය ‌වෙත ලගා වීම අපහසු කාර්යයක් නොවන බවත්ය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙච්ච සංචිත ගොඩනැගීමේ මාර්ගයක් තියනවනේ. එතකොට මේ වසරේ (2024) අවසානයට ඇත්ත වශයෙන්ම තිබුනේ, ඉලක්කය අනුව බිලියන 5.6ක් වගේ ගාණක් තමයි ඉලක්කය තිබුනේ. අපි බිලියන 6.5ට වැඩි කරලා දැන් අර පරණ ණය ඔක්කොම ගෙවලා ඉවර උනාට පස්සෙත් මේ වසර අවසාන වෙනකොට බිලියන 6.1ක් තියනවා. මේ අවුරුද්ද (2025) අවසාන වෙනකොට තියෙන්නේ බිලියන 7ක් දක්වා වැඩි කරගැනීම. නැත්තන් බිලියන 6.1 දැනට තියන තත්ත්වය බිලියන 7 දක්වා නංවා ගැනීම. මම හිතන්නේ ඒක අපහසු කාර්යයක් නෙවෙයි. අපට ඒක බිලියන 7 දක්කවා නංවා ගන්න වාහන ආනයනය ඔය ආකාරයට විවෘත කරත් බිලියන 7 ක් ගන්න පුළුවන්.”

එම වැඩටහන මෙතනින්.

ඒ අනුව මහා බැංකු අධිපතිවරයා පවසන ලෙස 2024 අවසානය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය IMF ඉලක්කය වන ඩොලර් බිලියන 5.6ක ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේද යන්න පිළිබඳව මහ බැංකු දත්ත පරීක්ෂා කිරීමක් අප සිදුකරනු ලැබුවා. ඔබටත් මහා බැංකුවේ අදාළ දත්තවලට මෙතනින් පිවිසිය හැකියි.

මහ බැංකුවේ දත්ත අනුව 2024 දෙසැම්බර් මාසය අවසානයේ මෙරට පැවති විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.048 කි. එනමුත් මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ 2024 අවසානය වන විට ඩොලර් බිලියන 6.5ක විදෙස් සංචිත ප්‍රමාණයක් රැස් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි. මෙහිදී මහ බැංකු අධිපතිවරයා 2024 අවසානයේ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය සම්බන්ධව දක්වා ඇති දත්තය වැරදි බව පෙන්වාදිය හැකි ය.

එනමුත් 2024 වසරේ මෙරට නිල විදෙස් සංචිත IMF ඉලක්කය වන ඩොලර් බිලියන 5.6ක ප්‍රමාණය එම වසරේ ඉක්මවා ඇති බව මහ බැංකු දත්ත වාර්තාවන්ට අනුව පෙන්වාදිය හැකි ය.

2024 දී විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක් ලෙස IMF විසින්  පුරෝකථනය කර තිබුණේ මෙලෙසින්.

අනුර කුමාර දිසානායක වත්මන් ජනපතිවරයා ධුරයට පත්වන විට විදෙස් සංචිත ප්‍රමාණය

මහා බැංකු දත්ත වාර්තාවලට අනුව 2024 සැප්තැම්බර මාසය වන විට, එනම් අනුර කුමාර දිසානායක වත්මන් ජනපතිවරයා ධුරයට පත්වන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 ක් වන අතර ඔක්තෝබර් මාසයේදී එය ඩොලර් බිලියන 6 ඉක්මවා තිබෙනවා.

වත්මන් ජනාධිපති අනුර දිසානායක සිය ධූරයට පත්වන විටත් 2024 වසරේ මෙරට විදෙස් සංචිත IMF ඉලක්කය වන ඩොලර් බිලියන 5.6ක ප්‍රමාණය ඉක්මවා ඇති බව පෙනී යනවා.

ඒ අනුව මාලිමා රජය පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් පමණක් බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවට තහවුරු වනවා.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ මෙරට පැවති දරුණු ආර්ථික අර්බුධය හමුවේ ඇති වූ විරෝධතාවලින් අනතුරුව 2022 වසරේ ජුලි මාසයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරේ වැඩ පටන් ගන්නා විට ලංකාවේ මුළු විදෙස් සංචිත ප්‍රමාණය පැවතියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් ලෙසයි. නමුත් ඔහු රට පාලනය කල වසර දෙක හමාරක කාලය ඇතුලත් විදස් සංචිත ඩොලර් බිලියන 5.9 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ සම්බන්ධ දත්ත මහා බැංකු දත්ත වල අන්තර්ගතයි.

ඒ අනුව ආර්ථික අර්බුධයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේ ක්‍රමයෙන් මෙරට විදෙස් සංචිත ඉහළ ගොස් ඇති බව පැහැදිලිය.

අනුර දිසානායක ජනාධිපතිවරයා ධුරයට පත්වනේ, 2024 සැප්තැම්බරයේ වන අග්තර එම මාසය වන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක් පැවතියා. ඔක්තෝබරයේ ඩොලර් බිලියන 6.3 ක්, නොවැම්බරයේ ඩොලර් බිලියන 6.4 ක් සහ කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ එම ප්‍රමාණය ඩොලර් බිලියන 6.0 දක්වා යම් අඩුවීමක් දක්නට ලැබෙනවා.

2025 වසරේ IMF විදෙස් සංචිත ඉලක්කය මේ වන විට අභිබවා යාමට හැකි වුණා ද?

මේ වන විට 2025 වසරේ ගෙවී ඇත්තේ, මාස 3ක් සහ මෙම ලිපිය ලියන දින (7) වන විට සතියක කාලයකි.

මහ බැංකු අධිපතිවරයා පවසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ සංචිත ගොඩනැගීමේ මාර්ගයේ ඉලක්කය 2025 වසරේ විදෙස් සංචිත ඩොලර් බිලියන 7ක ප්‍රමාණයකි.

එනමුත් 2025 වසරේදී IMF විදෙස් සංචිත ඉලක්කය සපුරා ඇති බවට මහ බැංකු අධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොතිබුණි.

කෙසේ වෙතත් 2025 මාර්තු මාසය අවසානය වන විට නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි.

2025 වසරේ මාර්තු මාසය අවසානය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙරට විදෙස් සංචිත ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.ඒ අනුව නිල සංචිත වත්කම් හි 0.5% ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේදී දැකගත හැකිය. ඒ අනුව මාර්තු වන විට මෙය 7.1%ක ඉහළ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම වසරේ (2025) මාර්තු වන විට IMF ඉලක්කය වන ඩොලර් බිලියන 7ක ප්‍රමාණය ඉක්මවා නොමැත. එනමුත් ඩොලර් බිලියන 7ක ඉලක්කයට මාස 3ක් වැනි කෙටි කාලයකින් ළඟාවීම සාධනීය තත්වයකි.

පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින්ද මෙර විදෙස් සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් නිල දත්ත ඉදිරිපත් කරමින් මෙම විදෙස් සංචිත සම්බන්ධ වැරදි ප්‍රකාශයන් නිවැරදි කළේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:2024 මෙරට නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගිය හේතුව බවට නොමග යන සටහනක්!

Fact Check By: Piumika Lakshani 

Result: Insight


Leave a Reply