රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නතර කිරීමට චක්‍රලේඛනයක් නිකුත් කළාද?

TrueNews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි.  “මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රටේ වැඩ කරන ජනතාවට මෙතෙක් ගෙව ගෙවා තිබුණු අතිකාල දීමනා නතර කරන්න කියා. රටේ පවතින ආර්ථික තත්ත්වය උඩයි එවැනි චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ. ජනතාවට අහිතකර විදියට නොවෙයි. […]

Continue Reading

ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලම හදන බව එංගලන්තය කියයි?

දෙසැම්බර් 12 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී, එහි පුරවැසිභාවය ලබාගත් වැසියන්ගේ ඡන්දය තමන් වෙත ලබා ගැනීමට, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ මහත් වෑයමක් දරනු පෙනේ. ඉන්දියානු මෙන්ම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විශාල දෙමළ ජන කොට්ඨාශයක්ද බ්‍රිතාන්‍යයේ  ඇති අතර පසුගියදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත ලබාදුන් තීන්දුවද ප්‍රතිඵලයක් ලෙස බොහෝ විචාරකයින් පෙන්වා දී […]

Continue Reading

රානු මොන්දාල්ගේ නව විලාසිතාවක් කරළියට?

ඉතාමත් සුළු කාලයකදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි චරිතයක් ලෙස රානු මොන්දාල් හැඳින්විය හැකිය. අහඹු සිදුවීමක් මගින් ජනප්‍රියවු ඇය පිළිබඳව අවධානය යොමුකළ ඉන්දියාවේ Sony Entertainment රූපවාහිනී නාලිකාව, ඔවුන්ගේ රියැලිටි වැඩසටහනකට ආරාධනය කිරීමත් සමගම ඇයගේ ගායන කුසලතාවයන්, චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේත් අවධානයට ලක්වීමට පටන් ගත්තේය. “රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි […]

Continue Reading

නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් පත් කරයි ?

හිටපු ආරක්ෂක ලේකම් , වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. වර්තමාන ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් බැවින් රට තුල හමුදා පාලනයක් ඇති බව හැගෙන ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වේ. නව රජයේ අමාත්‍යංශ  ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන් […]

Continue Reading

Fact Check : බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි

උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟම 1998 වසා දැමුණු විල්පත්තු වනෝද්‍යානය වසර දහසයකට පසු 2014 දි නැවත මහජනතාවට විවෘත විය. උතුරු මැද පළාතේ පිහිටා ඇති හෙක්ටයාර් 131,693 වපසරියක් සහිත විල්පත්තුව, දිවයිනේ විශාලතම සහ පැරණිම  ජාතික වනෝද්‍යානයයි. ලංකාවට ආවේණික විලෝපික ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයක් වන දිවියන් (Panthera pardus kotiya) සුලභව දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස ලොව ප්‍රසිද්ධියක් උසුලන, උද්හිද […]

Continue Reading

ගාල්ල තල්පිටිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් !

ලංකාවේ ජනගහනයෙන් 10% ට ආසන්න ප්‍රතිශතයක් ඇති මුසල්මානුවන්, දෙමළ ජනගහණයට පසුව ඇති ප්‍රධාන සුළුතර ජාතිය ලෙස සැලකේ. ඈත අතීතයේ සිට අද දක්වාම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් වෙළෙඳ ප්‍රජාව නියෝජන කරයි. 2019 ජනාධිපතිවරණයෙදි සුළු ජාතිකයන්ගේ ඡන්ද බහුතරයක් හිමිවූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතාටය. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල ගෝඨාභය […]

Continue Reading

Fact-Check :යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදීමක්?

ප්‍රධාන මැතිවරණයක් අවසානයේදී පරාජය ලබන පාර්ශවය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී පක්ශය විසින් විවිධාකාරයේ හිරිහැර සහ බලපෑම් සාමාන්‍යයෙන් දක්නට ලැබුණ ද මෙවර මැතිවරණ සමයේ මෙන්ම  මැතිවරණයෙන් පසුවද එවැනි සිද්ධීන් වාර්තාවූයේ ඉතාමත් ස්වල්ප වශයෙනි.   “යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි..” යනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් පිළිබඳව ඡායාරූපද සහිත සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් […]

Continue Reading