
දෙසැම්බර් 12 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී, එහි පුරවැසිභාවය ලබාගත් වැසියන්ගේ ඡන්දය තමන් වෙත ලබා ගැනීමට, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ මහත් වෑයමක් දරනු පෙනේ. ඉන්දියානු මෙන්ම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විශාල දෙමළ ජන කොට්ඨාශයක්ද බ්‍රිතාන්‍යයේ ඇති අතර පසුගියදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත ලබාදුන් තීන්දුවද ප්‍රතිඵලයක් ලෙස බොහෝ විචාරකයින් පෙන්වා දී තිබුණි.
එබඳු පසුබිමක මීට දින කිහිපයකට පෙර The Truth.lk නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය, ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ “ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලම හදන බව එංගලන්තය කියයි… ලිඛිතව දිවුරයි…” යන තේමාව යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි.

මෙම ෆේස්බුක් සටහනට පාදක වූ ලිපිය අධ්‍යයනය කිරීමේදී අපට පැහැදිලි වූයේ එම ප්‍රකාශයට මුල් වූයේ බ්‍රිතාන්‍යයේ වර්තමාන පාලක පක්ෂය වන කොන්සර්වෙටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව අන්තර්ගතවී ඇති ප්‍රතිපත්තිමය ඡේදයක් බවයි. එහි සිංහල අර්ථය මෙසේ දක්වා තිබුණි.
“ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ලඟා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහය ලබා දීම අඛණ්ඩව සිදු කරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බූද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගනු ලැබේ.”( මැතිවරණ ප්‍රකාශනයේ උපුටා ගැනීම)
තවද මෙහි වැඩිදුරටත් කරුණු දක්වා තිබුනේ “එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ දැනටත් පාලනය කරන මී ළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන කොන්සර්වැටිව් පක්ෂය ජනවරමක් පතන්නේ මොකටද? ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහි කරන්න. වඩාත් පැහැදිලිව කිව්වොත් දෙමළ ඊළම හදන්නයි.” යනුවෙනි.
මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වෙමින් පැවතිණි. මෙම සටහනට සමාන සටහන් තවත් ෆේස්බුක් පිටු කිහිපයකම ඉදිරිපත් වී තිබෙනු අපට නිරීක්ෂණය විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව මෙවැනි සටහනක් ඇත්දැයි අපි ප්‍රථමයෙන්ම පරීක්ෂා කළෙමු. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ 53 පිටුවේ ලංකාව පිළිබඳ පහත දක්වා ඇති සටහන අන්තර්ගත විය.
“We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.”

කන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය එළි දැක්වීමත් සමඟම එහි පනස් තුන්වැනි පිටුවේ ලංකාව පිළිබඳව සඳහන් ඇති ඡේදය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය සිටින ලංකාවේ මහ කොමසාරිස්තුමිය විසින් කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ගරු ජේම්ස් ක්ලෙවර්ලි මහතා වෙත 2019 නොවැම්බර් මස 27 දින පහත පරිදි ලිපියක් යොමු කරන ලදි.
High-Commissioner-to-UK-Letter-to-Conservative-Partyඑම මාධ්‍ය නිවේදනයේ සංක්ෂිප්තය මෙසේය.
ලංකාව රාජ්‍යයන් දෙකක් කිරීමේ ප්‍රතිපත්තිය අපට පිළිගත නොහැකි අතර, මෙතෙක් කල් පැවති සැම බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් ප්‍රතිපත්තිය වුයේ සාමය සහ සංහිඳියාව පිරි ඒකීය ලාංකික රාජ්‍යයක් පිළිබඳවය. එබැවින් ලංකාව පිළිබඳව සටහන ඇති ඡේදය සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටිමු.
කොමසාරිස්තුමියගේ ලිපියට පිළිතුරු ලෙස කොන්සර්වේටිව් පක්ෂය ලබා දී ඇති ස්ථාවරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පහත පරිදි කරුණු දක්වා තිබුණි .
Media Statement by Ministry of Foreign Relations

එහි සිංහල පරිවර්තනය වන්නේ “ශ්‍රී ලංකාව පිළිබඳව අපේ ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැත. රාජ්‍ය දෙකක් පිළිබඳව වූ සංකල්පය අපි ඉදිරිපත් කර ඇත්තේ පලස්තීනය සඳහාය. ලංකාව සහ සයිප්‍රස්ය පිළිබඳව අපගේ ප්‍රතිපත්තිය වන්නේ බෙදී ඇති සමාජයන් එකමුතු වන පිණිස සාමය සහ සංහිදියාව උදෙසා ඇති ක්‍රියාදාමයන්ට සහයෝගය දැක්වීමය”
පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ ලේකම් තෙරේසා විලියර්ස් මැතිනිය පවසා ඇත්තේ රාජ්‍යයන් දෙකක් පිළිබඳ සංකල්පය මැදපෙරදිග සඳහා පමණි. ශ්‍රී ලංකාවට සහ සයිප්‍රසයට එය අදාළ නොවේ. මම අපගේ විදේශ සම්බන්ධතා ලේකම් තුමාගෙන් එය සනාථ කර ගතිමි.
මේ සම්බන්ධයෙන් ඇයගේ ෆේස්බුක් ගිණුමේ ලබාදී තිබු පැහැදිලි කිරීමක් පහතින් දක්වා තිබේ.
“To be absolutely clear, the two-state line was intended to refer only to the Israel-Palestine situation in the Middle East (as is stated policy). The commitments on Sri Lanka and Cyprus were simply about continuing existing efforts to support peace and reconciliation in divided societies.”

Theresa Villiers FB Post | Archived Link
Conclusion: (අවසාන නිගමනය)
අපගේ විමර්ශනවලින් පැහැදිලි වූයේ බ්‍රිතාන්‍යය කොන්සවේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ කරුණක් පාදක කරගනිමින් “ ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලම හදන බව එංගලන්තය කියයි… ලිඛිතව දිවුරයි…” යනුවෙන් සිදුකර ඇති ප්‍රකාශය නොමඟ යවන සුළු සටහනකි. රාජ්‍ය දෙකක් පිළිබඳ සංකල්පය පලස්තීනය වෙනුවෙන් යෝජනා කර ඇත. ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය වෙනුවෙන් යෝජනා කරන්නේ බෙදී තිබෙන සමාජවල සාමය හා සංහිඳියාව ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දැක්වීමකි.

Title:ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලම හදන බව එංගලන්තය කියයි?
Fact Check By: Sahan PereraResult: Partly False
