FACT CHECK: පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා  අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් […]

Continue Reading

FACT CHECK: “ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ස්ටාලින් පැවසුවාද?

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක පළවූ පුවත් ටිකරයක (News ticker)  ආකාරයෙන් පළවන පුවත් දුටු සැණින්  බොහෝ දුරට සත්‍ය පුවතක් ලෙස ජනතාව විශ්වාසය කිරීමට පෙළඹෙනවා. මේ හේතුව නිසාම ඇතැම් ව්‍යාජ සටහන් නිර්මාණකරුවන් අසත්‍ය පුවත් පැතිරවීමට ප්‍රධාන නාලිකාවල ආකෘති යොදා ගැනීම ද සුලබව දක්නට ලැබෙනවා.  මෙවන් ව්‍යාජ නිර්මාණ බොහෝ විට මැතිවරණ කාලයේ දී දැක ගන්නට ලැබෙන අතර ජනතාව නොමග යැවීම […]

Continue Reading

FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “හිරේට නියම වූ […]

Continue Reading

FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය නයිට් පදවියක් ?

බ්‍රිතාන්‍ය නයිට්පදවියට හිමිකම් කීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැකි වූ බවට විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මෑතකදී නැවත හුවමාරුවන මෙම සටහන් වල දැක්වෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට නයිට් පදවිය ප්‍රදානය කළ යුතු බවට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරියගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබු බව දැක්වුණා. මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශන පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: විරෝධතා රැළියේ සටන් පුවරුවක් යොදාගනිමින් සිදුකළ උපහාසාත්මක සංස්කරණයක්!

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ […]

Continue Reading

FACT CHECK: ලංකාවේ තියෙන්නේ කාබනික පොහොර මාෆියාවක් යනුවෙන් නලින්ද ජයතිස්ස පැවසුවාද?

රටේ සිදුවන කාලීන තොරතුරු උපයෝගී කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිදු කළ බවට ව්‍යාජ ප්‍රකාශ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු වෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙනවා. මේ දිනවල කාබනික පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති මොහොතක ජ.වි.පේ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කාබනික පොහොර මාෆියාවක් සම්බන්ධයෙන් පුවත්පතකට කළ ප්‍රකාශයක් යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ […]

Continue Reading

FACT CHECK: වියත්මග සභාපතිකම නාමල්ට ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්?

වියත්මග සභාපතීත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට වියත්මග විද්වතූන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වුණා.  එම පුවත වාර්තා වීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ඉල්ලීම්ද ලැබුණා. මෙම පුවතේ කරුණු සනාථ කිරීමට අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : Lanka C news ෆේස්බුක් පිටුවේ […]

Continue Reading

FACT CHECK: Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් ජනප්‍රිය විදෙස් සඟරාවක් වන Forbes විසින් හෙළි කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ දී ඉතා සීඝ්‍රයෙන් සංසරණය වුණා. මෙහි සඳහන් දත්තයන් හා තොරතුරු වල නිරවද්‍යතාවය සෙවීම සඳහා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වල් ශේෂන් නම් ෆේස්බුක් පිටුවක සඳහන් වූයේ 2018 […]

Continue Reading

FACT CHECK: සෞඛ්‍ය සේවයේ පිං පඩි කාරයන් ගැන උපුල් ගලප්පත්ති කිව්වද?

දේශපාලඥයින් විසින් පැවසූ ප්‍රකාශයන් බවට සඳහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පුවත් පතකට සඳහන් කළ ප්‍රකාශයක් බවට දක්වමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Parcy Milan නම් අයෙක් විසින් “(විපත් මග) මුන්ට […]

Continue Reading

FACT CHECK: මනීශා චංචලා රංගන ශිල්පිනිය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහය දක්වන ආකාරයේ ඡායාරුපයකට පෙනී සිටියා ද?

ඇතැම් කලාකරුවන් මැතිවරණ ව්‍යාපාර තුළ දී දේශපාලන පක්ෂ වෙනුවෙන් සහයෝගය දක්වන අයුරු දැකගන්නට ලැබෙනවා. පසුගිය පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දී ද ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබා දෙන ඇතැම් කලාකරුන්වන් අපට දැක ගන්නට ලැබුණා. මේ අතර රංගන ශිල්පිනියක් වන මනීශා චංචලා විසින් සමගි ජන බලවේගය වෙත තම සහයෝගය පල කරන ආකාරයේ ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ දී […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළෙහි වීඩියෝවක්?

ජනපති , අගමැති ඇතුළු මැති ඇමති වරුන්ගේ ආරක්ෂක රථ පෙළ සම්බන්ධයෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවත් නිර්මාණය වෙනු අපට දැක ගණනට ලැබෙනවා. මේ ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළක් බව හඟවමින් පළකර තිබු බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ වීඩියෝවක සත්‍ය කරුණු පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “Sajith […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති නැවේ අයිතිය ගැන කිව්වද?

යම්කිසි පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක් විකෘති කරමින් නැතහොත් වැරදි අර්ථකනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ජනතාව නොමග යෑමක් සිදුවන අතර එම පුද්ගලයාගේ කීර්ති නාමයටද ඉන් හානි වනවා අපට සුලබව දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන එවැනි සටහන් සම්බන්ධයෙන් Factcresendo අප නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර එවන් වැරදි නිවැරදි කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිමු. පසුගියදා ජනතා […]

Continue Reading

FACT CHECK: X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණියේ ජ.වි.පෙ තොප්පියක් දමාගත් පුද්ගලයෙක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්. බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dulip Dee නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මංගල මහත්තය වගේම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් රනිල් වික්‍රමසිංහ […]

Continue Reading

FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

කෝවිඩ් මර්දන එන්නත්වල මිල සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වී තිබුණා. ඒ, ශ්‍රී ලංකාව එන්තත් මිලදී ගන්නේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි මුදලකට ද යන්න පිළිබඳව ඇති වී තිබෙන කතිකාවතත් සමඟයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කර ලිපියක් යවා ඇති බවට හැඟවෙන පරිදි […]

Continue Reading

FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්. මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය […]

Continue Reading

Fact Check: චීන තානාපති කාර්යාලයෙන් සිරසට සුබපතා ට්විටර් පණිවුඩයක්?

පසුගියදා කොළඹ වරාය නගරය හා සම්බන්ධ පුවතක් විකාශය කිරීමෙන් අනතුරුව සිරස ප්‍රධාන පුවත් සේවයේ චීන බසින් පාඨයක් යොදාගැනීම පිළිබඳව සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා මේ අතර චීන ජනපති විසින් සිරස පුවත් සේවය එසේ පළකළ පාඨයට විශේෂ ස්තුතියක් පිරිනමා තිබු බවට ට්විටර් පණිවුඩයක් ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු […]

Continue Reading