අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටි වාරුවෙන් ඇවිදින බව පෙන්වීමට යොදාගත් සාවද්‍ය ඡායාරුප සටහනක්

මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතයේ පශ්චිම භාගය ගත කරන වයස්ගත පුද්ගලයින්ය. මෙවැනි පසුබිමක Ananda Samarawickrama නැමැත්තෙකු “සැරයටියෙන් මම යනෙන තුරා …” තේමාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක වාරුවෙන් ඇවිදිනසේ සැකසුණු ඡායාරූපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. Link Archived Link මෙම සටහනම විවිධාකාරයේ තේමා යටතේ තවත් බොහෝ දෙනෙකුද හුවමාරු […]

Continue Reading

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ සමයකදී සෑම දේශපාලන පක්ෂයක්ම සහ සමහර අපේක්ෂකයින්, විවිධ ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් පසුබිමක Sisila Ranawana නමැත්තෙකු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සේයාරුවකට “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” වදන් රෝපනය කර ඉදිරිපත් කර […]

Continue Reading

ජනපති විසින් ආරක්ෂක රථ 18ක් යොදාගන්නා බවට සාවද්‍ය ප්‍රකාශයක්!

2019 වසර අවසානයේ ජනපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් සිය පරිවාර රථ සංඛ්‍යාව තුනකට සීමා කමින් දුන් ආදර්ශය රටවැසි සැමගේ ප්‍රසාදයට හේතුවිය. මෙවන් පසුබිමක Mayuri Roshini නමැත්තියක SPG 2020 Media Unit නම්වු ෆේස්බුක් පිටුවකට “ජනාධිපති වෙලා සති 2ක් වාහන 3ක් පාවිච්චි කරපු නන්දසේන “ස”   දැන් ආරක්ෂාවට තර්ජනයක් හින්දා වාහන 18ක් පාවිච්චි කරනවා”  යන වදන අන්තර්ගත […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුණු නොමඟ යවන සුළු සංස්කරණ පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙත්ම දේශපාලන පොරපිටිය උණුසුම් වී ඇත. දේශපාලන පක්ෂ මෙන්ම ක්‍රියාකාරින්ද අළලා සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් නිර්මාණය වෙමින් පවතින අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා සැකසුණු, වැඩිපුර හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් කෙරෙහි අපගේ අවධානය නැවත වරක් යොමුවිය. මෙවන් පසුබිමක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මියගේ සේයාරුවක් සහිතව […]

Continue Reading

අනුර කුමාර දිසානායක අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු ලෙස තරග වදියි. ඔහු අලලා සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබු සටහන් පෙළක් අපට පසුගිය දින කිහිපයේදී  ආයුබෝවන් ලක් මවුනි ගරු නමැති ෆේස්බුක් පිටුවක් “ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” තේමාවෙන් “ණය අර්බුදය විසඳන්න සැබෑ අවශ්‍යතාවයක් තියනව […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනුයේ මාලිමා ළකුණ යටතේ, ජාතික ජන බලවේගය නමැති සන්ධානයකිනි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් අලලා  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත්වී තිබු නොයෙකුත් සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් පසුගිය සති කිහිපය පුරාම කරුණු අනාවරණ සිදුකරන ලදී. එවන් සටහන් කිහිපයක්ම පසුගිය දින කිහිපයේද හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගනන්ට හැකි විය. […]

Continue Reading

Fact Check : ජනපති ජුලි මස 05 වැනිදා රුවන්වැලිසෑය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැවින් මළුවේ සිල් සමාදන් වී සිටි අය රාත්‍රීයෙදී ඉවත් කෙකෙරුණු බවට සාවද්‍ය පුවතක්!

අනුරාධපුර බෞද්ධයන්ගේ පුජනීය නගරයකි. විශේෂයෙන්ම පොසොන් පුර පොහෝ දිනය හා ආශ්‍රිත කාලයේ වන්දනා මාන සඳහා අනුරපුරයට පැමිණෙන සැදැහවතුන්ගෙන් බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම නගරයද පිරි යෑම සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පෙර පරිදි අනුරාධපුරයට පැමිණ වඳ පුදා ගැනීමට බැතිමතුන්ට නොහැකි වූ අතර ඇදිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කිරිමෙන් පසුව ජනතාවට වෙහෙර විහාරස්ථාන වැදපුදා ගැනිමට […]

Continue Reading

2019 වසරේ කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් සිදු කල නර්තනයක් UNP පක්ෂයේ නර්තනයක් ලෙස පෙන්වා දීමක්!

මැතිවරන සමය ආසන්නවත්ම ඉදිරිපත්වන පාර්ශව ජනතා ආකර්ශනය දිනාගැනීමට විවිධ ක්‍රම අනුගමනය කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණක් වුවද මෙවර කොරෝනා පාලන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමත් සමඟම එවැනි ප්‍රවර්ධන කරයුතු බොහෝ ලෙස අවම මට්ටමක පවතියි. එමෙන්ම මැතිවරනයක් යම් පාර්ශවයක් විසින් ජයග්‍රහනය කල පසුව එහි සාමාජිකයන් විසින් ඔවුන්ගේ සතුට විවිධාකාරයෙන් සමරනු දැකගන්නට හැකියි. ඇතැම් අවස්ථාවන්හි පාක්ශිකයන් සංගීතයට අදාලව […]

Continue Reading

Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂය සන්ධානගතවී ඇති ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා, සමාජ මාධ්‍යය‍ ඔස්සේ නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන්, පසුගිය වකවානුව තුල දී ද විශාල වශයෙන් ඉදිරිපත්වී තිබු අතර ඒ පිළිබඳව අප විමර්ශණ රැසක්ද සිදුකළා. එම සන්ධානයේ බිමල් රත්නායක මහතා අලලා සිදුවී […]

Continue Reading

කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමඟි ජන බලවේගයේ උද්ඝෝෂණයක් සුදානම් යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පලවූ සාවද්‍ය පුවතක්!

හිටපු ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීම සම්බන්ධව සිදුකළ  ආන්දෝලනාත්මක ප්‍රකාශය මුලික කරගෙන ආරම්භ වූ විමර්ශනයට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා අමත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම පිළිබඳව ලක්වැසි බොහෝ දෙනෙක් සමාජ ජාල ඔස්සේ විරෝධය පළකර තිබුණා.  මීට දින කිහිපයකට පෙර […]

Continue Reading

අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

තමිල්නාඩු කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතු බව සම්පන්තන් මහතා ප්‍රකාශ කර නොමැත!

ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දමිල සම්භවයක් සහිත ජනයා නියෝජනය කරන පක්ෂයක් වන දෙමල ජාතික සංවිධානයේ (TNA) නායකයා ලෙස කටයුතු කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස අත්දැකීම් සම්භාරයක් ඇති  රාජවරෝදියම් සම්බන්දන් මහතාය. මීට පෙර ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ ක්‍රියාකාරම් සහ ප්‍රකාශ අලලා ඉන්දියාවට සහ තමිල්නාඩු ප්‍රාන්තයට හිතවාදි බවට මතයක් සමහර පාර්ශව අතර ගොඩ නැගි තිබුණි. මෙවන් පසුබිමක “තමිල්නාඩු ප්‍රාන්තයේ […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.  ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම […]

Continue Reading

කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකලා යයි කියවෙන සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් පසුගියදා සිදු කරන ලද යුද සමයේදී සිදු කළ රණවිරුවන්ගේ ඝාතන පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගම ඔහු අළලා සටහන් රැසක් නිර්මාණය වන්නට පටන් ගත්තේය. මීට පෙර ද කරුණා අම්මාන් පොදුජන පෙරමුණෙන් මෙවර තරග වදින බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳ අප කළ විමර්ශනයක් මෙසේය. පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

පුවත් ටිකරයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකල ව්‍යාජ සටහනක්!

කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු සපයන්නෙක් ව සිටි බවට ද වාර්තා පලවී තිබුණි. මැතිවරණ සමය ආරම්භ වීමත් සමඟම, […]

Continue Reading

MCC ගිවිසුම ජන්දයෙන් පසුව අත්සන් කරන බව ඇමරිකානු තානාපතිනිය පැවසුවාද?

එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කතිකාවත පසුගිය ජනාධිපතිවරණ සමයේ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව ද විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගිවිසුම පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුවක් ද පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේදී MCC ගිවිසුම අත්සන් කෙරෙන බවට […]

Continue Reading

විජිත හේරත් මහතා 2016 දී නාරාහේන්පිටින් ඉඩමක් ගත් බවට පළවූ සටහනක්!

එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරන්නේ ජාතික ජන බලවේගය නමැති සන්ධානයක් යටතේය. ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය සහ නොමඟයවන සුළු සටහන් ඉදිරිපත් වන ප්‍රවණතාවයක් පෙනීමට තිබේ. “සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීට අයත් කෝටි 20ක් වටිනා නාරාහේන්පිට සිවු මහල් ගොඩනැගිල්ල බදු දෙයි.” සිරස්තලයෙන් Lanka […]

Continue Reading

නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස පළවූ සංස්කරණය කල සටහන් පෙළක්!

කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹ‍ෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා  අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති බව නිරීක්ෂණය විය.  පසුගියදා ජනපති විසින් මහ බැංකු නිලධාරීන් වෙත තරයේ කරුණු අවධාරණය කිරීම පිලිබඳ […]

Continue Reading

නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක අලලා පළවූ අසත්‍ය ප්‍රකාශ පෙළක්!

කොරෝනා වෛරස් ආසාදනය නිසා කල් දැමුණූ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස් වෙනිදා පැවත්වීමට සුදානම් කර ඇතිබව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මැතිවරණ උණුසුම ඇතිවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පක්ෂයන්ගෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා […]

Continue Reading

Fact Check : වැරදි මනාප අංක සහිත සටහන් පෙළක් !

කොරොනා වෛරස් ආසාදනය නිසා  නියමිත කාලවකවානුවේ පැවත්වීමට නොහැකිවු පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන අගෝස්තු  මස පස්වෙනි දින පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසම, අපේක්ෂකයන් සඳහා මනාප අංකද ලබාදෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකති කල බවට බර්ත විය. ඒ හා සමඟම එක් එක් අපේක්ෂකයින්ගේ මනාප අංක ප්‍රවර්ධනය කිරීමේ සටහන්ද ක්‍රමයෙන් හුවමාරු වී තිබෙනු දැකගැනීමට හැකිවිය.  මෙවන් පසුබිමක J V […]

Continue Reading