පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රීවරයන් තෝරා ගැනීම පිළිබඳ පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්‍රී ලංකාවේ නොයෙක් අණ පනත්හි සඳහන්ව තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 88 -104 දක්වා ව්‍යවස්ථාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන්ද අදාල වේ. එසේම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්‍රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහිය. ඒ සමඟම එම පනතට සිදු කරන ලද පහත දැක්වෙන සංශෝධනයන් ද අදාළ වේ.
1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
1988 අංක 29 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
1988 අංක 54 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
1988 අංක 35 දරණ ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත.
2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
වෙනත් නීතිමය විධිවිධාන
දණ්ඩනීති සංග්‍රහය 169 අ – ඌ දක්වා වගන්ති.
2004 අංක 14 දරණ පාර්ලිමේන්තු පනත– ඡන්දය භාවිතා කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම.
මැතිවරණ කොමිෂන් සභාව විසින් කලින් කලට නිකුත් කරනු ලබන නියෝග චක්‍ර ලේඛන හා ගැසට් නිවේදන නඩු තීන්දු.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok