දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කරන නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය දා ‍සමාජයේ කතා බහට ලක් වුණු උණුසුම් මාතෘකාවක් වුණා. එම උණුසුම පහව යන්නට ත් පෙර හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කළ බවට සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරයියනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් පළ වී තිබුණේ මේ අයුරින්

Facebook

ෆේස්බුක් සටහනක් පහතින්

WhatsApp ඔස්සේ මෙම පණිවිඩය හුවමාරු වී තිබුණේ මේ අයුරින්

මෙම සටහන් වල නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (
කරුණු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කළ ත්, හිටපු ජනාධිපති ආරක්ෂාව සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් දැක ගන්නට නොලැබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කළේ, හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 163 දෙනෙකු,පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් තවදුරට ත් එළෙසම කටයුතු කරන අතර ඒ මහතාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්

රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයෙක් වන අචාර්ය ලසන්ත ගුණවර්ධන මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරයන් අසත්‍ය බවයි.

හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවට අනුයුක්ත කර තිබූ නිලධාරීන් 300 ක් ඉවත් කර ඇති අතර නමුත් නිලධාරීන් 163 ක් යොදවා ඇති බව ද, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඔහුගේ ආරක්ෂාවට ආරක්ෂක කොට්ඨාසයක් පිහිටුවන ලෙස ඉල්ලා තිබුණා.

ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163ක්, සුපවේදීන් 15කට වැඩි පිරිසක්, කුඩ 30ක්, වෛද්‍ය නිලධාරීන් 6ක්, පරිඝණකයක්, ප්‍රින්ටර් එකක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් ද එම ඉල්ලීම් වලට අයත් වේ.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරයන් අසත්‍ය බවයි. එ් බවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මෙන් ම, රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයෙක් වන අචාර්ය ලසන්ත ගුණවර්ධන මහතා ද, තහවුරු කරනු ලබනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 163 දෙනෙකු,පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු ඇතුළු තව ත් නිලධාරීන් දැනටමත් සේවයේ යොදවා තිබේ.‍

Claim Review :   හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කළ බවට අසත්‍ය ප්‍රචාරයක්!
Claimed By :  Social media user
Fact Check :  FALSE