උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!

Social

උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන සමාජයේ නොයෙකුත් අදහස් පළ වෙද්දී, විභාග පැවැත්වීමට නියමිත දින කල් තැබීමක් සිදුවේ ද නැද්ද පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා. මේ හේතුවෙන් ඒ ගැන කරුණු සොයා බැලීමක් සිදු කළ අප ඒ පිළිබඳව අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්.

සමාජමාධ්‍යසටහන් (Social Media Posts) :

2024 උසස් පෙළ විභාගය දින 30 කින් කල් දමන ලෙසට අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් යොමුකළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

පහතින් දැක්වෙන්නේ එසේ හුවමාරු වී තිබු ලිපියයි.

Facebook | Archived Link

මේ හේතුවෙන් බොහෝ දෙනා විමසිලිමත් වී තිබුණු කරුණු නම් මෙය සත්‍ය ලිපියක් ද, යන්න සහ උසස් පෙළ විභාගය මසකින් කල් දැමීමේ තීරණයක් ඇත්ද යන්නයි.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මෙහි සත්‍යතාව සෙවීමට අප පියවර ගත්තා.

Explainer (කරුණුපැහැදිලිකිරීම) :

2024 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභගා දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට පසුගිය සැප්තැම්බර් 13 වන දා විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මැතිවරණ වකවානුවත් සමඟ, විභාග පැවැත්වීමේ දින ගැන කතිකාවතක් ඇතිව තිබෙන පසුබිමක, ඉහත ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග උසස් පෙළ විභාගය කල් දැමීමේ තීරණයක් ඇත් ද, යන්න පිළිබඳ තහවුරු කර ගැනීමට අප විභාග කොමසාරිස්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

විභාගකොමසාරිස්ජනරාල්

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, ඉහත ලිපිය, අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබු සත්‍ය ලිපියක් බවයි.

මීට අමතරව ද විභාග දෙපාර්තමේන්තුවට සෘජුව ද, උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීම් විද්‍යුත් ලිපි මගින්ද, සාමාන්‍ය ලිපි මගින් ද, ඉල්ලීම් ලැබෙන බව ඒ මහතා සඳහන් කළා.

මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරියගේ ද, අවධානය යොමු වී ඇති බවත්, නමුත් උසස් පෙළ විභාගය කල් දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, ඒ මහතා සඳහන් කළා.

උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට නියමිත විෂය නිර්දේශය ආවරණය කිරීමෙන් පසු සහ වාර 6 සම්පූර්ණ වීමෙන් පසු මෙම දින යොදා ගත් බවයි ඒ මහතා පවසා සිටියේ.

විභාගයන් කල් දැමීම තුළින්, මින් ඉදිරි වසරවල පැවැත්වීමට නියමිත විභාගයන්ට නිසි කාල සීමාවේ පැවැත්වීමට බාධා එල්ල වන බවත්, පසුගිය කාලය පුරාවටම මෙම තත්වය ඇතිවූ බවත්, මේ වසරේදී තමන් මුලින් බලාපොරොත්තු වුණේ, අගෝස්තු මස උසස් පෙළ විභාගය පැවැත්වීමට වුවත්, සිසුන්ගේ විශය නිර්දේශයට අදාළ වාර 6 සම්පූර්ණ නොවීම හේතුවෙන්, දරුවන්ගේ පාර්ශවයෙන් ද සිතා, නොවැම්බර් 25 වන දා උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට කටයුතු යෙදූ බවත්, එ් මහතා වැඩි දුරටත් සඳහන් කළා.

මීට පෙර ද පසුගිය මාර්තු මාසයේදී රූපවාහිනි වැඩසටහනකට පැමිණි විභාග කොමසාරිස්වරයා නොවැම්බර් – දෙසැම්බර් කාලය තුළ උසස්පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තු වන බවට ප්‍රකාශ කළේ මෙලෙසින්.

අග්‍රාමාත්‍යමාධ්‍යඅංශය

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරිය පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපිය සත්‍ය බව ත්, නමුත් උසස් පෙළ විභාගය කල් දැමීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

2024.පො.උසස්පෙළවිභාගයකල්දැමීමේඉල්ලීම

මෙවර 2024 උසස්පෙළ විභාගයට පළමුවර පෙනී සිටින්නෙ 2021 සාමන්‍යපෙළ කණ්ඩායමයි. 2021 දෙසැම්බර්වලට නියමිතව තිබූ ඔවුන්ගේ සාමන්‍ය පෙළ විභාගය 2022 මැයි 23 දක්වා කල් යන ලදි. එහි ප්‍රතිඵල නිකුත් වූයේ 2022 නොවැම්බර් 25 දිනයි. 2019 ත් ඊට පෙර පැවැත්වූ සියලු උසස්පෙළ විභාගවලට අනුව සලකන වර්ශයේ උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් තම සාමන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනයේ සිට මාස 28ක පරතරයක් ඇතිව උසස්පෙළ විභාගයට මුහුණ දීම සිදුවේ.

මෙම අගය 2022 දී උසස්පෙළ විභාගයට මුහුණ දුන් කණ්ඩායමට මාස 33ක් ලෙසත් 2023 උසස්පෙළ කණ්ඩායමට මාස 27ක් ලෙසත් වෙනස් විය.

නමුත් මෙවර 2024 උසස්පෙළ පළමුවර පෙනීසිටින ළමුන්ට තම සාමන්‍යපෙළ ප්‍රතිඵල නිකුත් වූ දවසේ පටන් ලැබුනේ මාස 24ක් වැනි කාලයකි. 2023 උසස්පෙළ සිසුන්ටත් මාස 28 නොලැබුනත් ඔවුන්ටද මාස 27ක කාලයක් ලැබී තිබිණ. 2023 උසස්පෙළ විභාගය හා සැසදුවහොත්, 2024 සිසුන්ට ලැබෙන්නේ සාපේක්ෂව මාස 3කට අඩු කාලයක්.

ගුරුසංගම් විසින් ඔවුන්ගෙ උසස්පෙළ ප්‍රතිඵල, මාස දෙකා හමාරක් හෝ මාස තුනක් ඇතුළත ඇතුළත ලබාදිය හැකිබව පෙන්වා දුන් බවත්, ඔවුන්ට මාස ඒ කාල සීමාව තුළ ප්‍රතිඵල ලැබුණහොත් ලබන වර්ශයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් හට එයින් බලපෑමක් ඇති නොවන බවට ඔවුන් පෙන්වා දෙනවා.

2024 පළමුවර පෙනීසිටීමට සිටින සිසුහු රට තුළ තිබෙන විභාග අර්බුදකාරී ස්වභාවය පිළිගන්නා අතර එම නිසා ඔවුන් ඉල්ලන්නෙ තවත් එක් මාසයක කාලයක් තමන්ට ලබාදෙන බව ත් ඔවුන් සඳහන් කරනවා.

මෙම ඉල්ලීම කලින් මතු නොවීමට හේතු වශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඇතැම් සිසු සමූහ පෙන්වා දී ඇත්තේ, ආණ්ඩුව වෙනස් වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නිසා විභාගය මසක් පමණ කල්යා හැකි බවට ඇතැම් ගුරුවරුන් උපකල්පනය කර තිබීම බවත්, නමුත් බලාපොරොත්තු වූ ලෙස උසස් පෙළ විභාගය කල් නොදැමීම ඔවුන්ගෙ ගැටලුව ඉස්මතුවීම වූ බව ඔවුන් පවසනවා.

එසේම නොවැම්බර් 14 දිනට මැතිවරණය පැවැත්වීම පිළිබඳ විශේෂ ගැටලුවක් නොමැති බවත්, ඔවුන්ට තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ නොවැම්බර් 25 දින උසස්පෙළ විභාගය පැවැත්වීම මඟින්, ඒ සඳහා සුදානම් වීමට ලැබී ඇති කාලය අඩුවීම බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ද, මේ පිළිබඳ සටහන් තබමින් උසස් පෙළ සිසුන් ඒ සඳහා ම නිර්මාණය කර තිබූ ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ මෙලෙසින්,මෙලෙසින් සහ මෙලෙසින්.

Facebook

ඔවුන් මේ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ #postpone2024AL ලෙස හෑෂ්ටැගයක් ද නිර්මාණය කර තිබුණේ මේ අයුරින්.

අපගේකරුණුවිමර්ෂණපිලිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok


Leave a Reply