එල් සැල්වදෝරයේ සිද්ධියක් ඉතාලියේ කොරෝනා මරණයකට සම්බන්ධ කරමින් සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනයේ කේන්ද්‍රස්ථානය දැන් ඇමරිකාව බවට පත්වී තිබුණද යුරෝපයේ මුලින්ම වෛරස් බලපෑමට ලක්වුයේ ඉතාලියයි. ඉතාලිය තත්වය පිළිබිඹු කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ අන්දමේ ඡායාරුප සහ වීඩියෝ සටහන් ඉදිරිපත් වී තිබු අතර අප සිදු කළ කරුණු විමර්ශනවලදී මෙම සටහන් බොහොමයක් ම අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව තහවුරු විය.  “මෙවන් ඉරණමක් කිසිදු දරුවකුට […]

Continue Reading

ජනපති සහ අගමැති, යුද හමුදාපතිතුමාට බැණ වැදුණු බවට සිදු කළ සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීම පාලනය කර ගැනීම පිණිස සෞඛ්‍ය අංශයේ මහත්ම මහත්මීන් සමග කරට කර පෙරමුණේ සිටින්නේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායයි. හමුදාපති තනතුරේ මෙන්ම වැඩබලන  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන ජනාධිපති  කාර්ය සාධක බලකායට ද නායකත්වය දෙමින් ඉමහත් මෙහෙවරක් ඉටු කරයි. බෙදුම්වාදී […]

Continue Reading

කන්තලේ වෙළෙඳපොළක් ලෙස හුවමාරු වූ මියන්මාරයේ වෙළඳපොලක ඡායාරුපයක්!

සම්පූර්ණ ශ්‍රී ලංකාවට බල පවත්වන පරිදී පුරා මාසයක කාලයක් මුළුල්ලේ පැවැති ඇඳිරිනීතිය බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ලිහිල් කිරීමට පසුගියදා රජය විසින් තීරණය ගන්නා ලදී.  එම තීරණයට අනුව අවදානම් කලාපයෙන් බැහැර එකී දිස්ත්‍රික්කවල උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ඇඳිරි නීති තත්වය ලිහිල් කරනු තිබූ අතර දිවයිනේ විවිධ […]

Continue Reading

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “කොරෝනා අවදානම ඉවරයි” යනුවෙන් සඳහන් කල බවට වැරදි සිරස්තලයකින් සිදුකල පළකිරීමක්

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ද ලංකාව පුරා ඇඳිරි නීතිය පනවා තිබිණි. අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල ඇඳිරිනීතිය නොකඩවා ක්‍රියාත්මක වූ අතර අන් ප්‍රදේශවල සෑම කිහිපයකට වරක් පැය කිහිපයකට ඇඳිරිනීතිය මඳක් ලිහිල් කරනු ලැබීය. රෝගය ව්‍යාප්ත වීම පාලනය වුවද ජන ජීවිතය සහ ආර්ථිකය අකර්මණ්‍ය විය. නැවතත් රට යථා තත්ත්වයට  කිරීම සඳහා ඇඳිරිනීතිය ක්‍රමානුකූලව […]

Continue Reading

සුනාමි ව්‍යසනයෙන් සිදුවූ මරණ කොරෝනා වසංගතේ මරණ ලෙස පෙන්වාදීමක්

කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලොව පුරා ජීවිත 160,000කට අධික සංඛ්‍යාවක් බිලිගෙන ඇත. බටහිර ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කොරෝනා වෛරස් ආසාදනය හමුවේ ඉතා අසරණ තත්වයකට පත්වී තිබේ. දිනකට මියයන සංඛ්‍යාව අධික වීම නිසා අවසන් කටයුතු කිරීම බොහෝ රටවල් වලට බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම තත්වය කරණකොටගෙන සමාජ මාධ්‍ය ජාලා තුල අසත්‍ය […]

Continue Reading

කොරෝනා රෝගීන්ට සත්කාර කරන ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිකගේ ඡායාරුපයක්ද?

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගය මේ වෙන විට රටවල් 210 ක මිලියන 2.3 අධික පිරිසකට ආසාදනයවී 160,000 කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත.  කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන්, අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ සේවකයන් නිරන්තරයෙන්ම සමාජයේ ගෞරවය හිමිව තිබේ. ඔවුන්ව තවදුරටත් දිරිගන්වමින් බොහෝ […]

Continue Reading

2019 වසරේ රාජපක්ෂ පවුල අවුරුදු චාරිත්‍රවල යෙදුන ඡායාරුපයක් යොදාගනිමින් සිදුකල සටහනක්!

සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වේ. එහෙත් මෙවර කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස රජය ඇඳිරි නීතිය පනවා සමාජ සමාජ දුරස්ථ භාවය පිළිබඳ ජනතාවට අවවාද කර තිබූ බැවින් ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීමේ කටයුතු සහ වත් පිළිවෙත් තම නිවෙස්වලට සීමාවී තිබුණි. මෙවන් පසුබිමක “රටේ ජනතාවට ලමයෙකුට ඇදුමක් අරන්දෙන්න […]

Continue Reading

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ JVP අලලා උපහාසාත්මක කෝණයකින් සිදුකල සාවද්‍ය සටහනක්!

කොරොනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස කෘෂි නිෂ්පාදන දිවයින පුරා බෙදා හරින දඹුල්ල, කැප්පෙටිපොල සහ තඹුත්තේගම වැනි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වූ ගොවි ප්‍රජාව මේ පිළිබඳව මැසිවිලි නගන බව වාර්තා විය. රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවද […]

Continue Reading

කොරෝනා ආසාදිත ඉතාලි මවක් ලෙස පෙන්වීමට, වසර 35ක් පැරණි ඡායාරුපක් යොදාගත් අවස්ථාවක්!

සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ජීවිත ලක්ෂයකට අධික ප්‍රමාණයක් පිළිගෙන තිබියදි, සමාජ මාධ්‍ය ජාලා තුල ලොව පුරා සිදුවන මරණ පිළිබඳව අනුවේදනීය ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන්ගෙන ඇත. මෙලෙස ඉදිරිපත් වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී,  එම සටහන් රාශියක් නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් බවට තහවුරු වී තිබුණි “මියයන […]

Continue Reading

කොරෝනා රෝගයෙන් සුවය ලබා පැමිණි පුත්තලමේ රෝගියා ගම පුරා සංචාරය කර නැත!

2020 මාර්තු මස 11 වන දින ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත ප්‍රථම ස්වදේශික රෝගියා සොයා ගනු ලැබීය. රෝගය දිවයින තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිණිස රජය විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය. විදේශයන්හි සිට පැමිණ සියල්ලන්ම නිරෝධායනට යොමු කරන ලදී. රජය කොතෙක් උපදෙස් දුන්නද සමහර අවස්ථාවන්හිදි ජනතාව එය නොපිළිපදින බවට දක්නට ලැබුණි. ස්වයං නිරෝධායන සඳහා යොමු කළ […]

Continue Reading

ආලෝකමත් වූ නෙලුම් කුළුන අප්‍රේල් 11 කුරුණෑගලට දිස්වු ඡායාරූපක් නොවේ!

COVID-19 ව්‍යසනයට එරෙහි සංග්‍රාමයේ පෙරමුණ ගන්නා සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය සේවකයින් ඇතුළු අනෙකුත් සහය සේවාවල සේවකයින්ගේ කැපවීම් ඇගයීම පිණිස කොළඹ නෙළුම් කුළුණ තවත් කිරීමට රජය විසින් පසුගියදා තීරණය කරන ලදී මේ පිළිබඳව ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේද හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි එම ඡායාරූප අතරේ කුරුණෑගල ප්‍රදේශයට නෙළුම් කුළුණ දිස්වූ […]

Continue Reading

PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවක් නොමැති බවට සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමගම ලොව අනෙක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය ද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ පොලිසිය ඇතුළු රජය විසින් නිරන්තරයෙන්ම සත්‍ය අසත්‍ය කරුණු හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස දැනුම් දී තිබූ අතර මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන් පිළිබඳව කිහිපවිටක්ම මාධ්‍ය හරහා දැනුවත් කර තිබුණි එවන් පසුබිමක පාලිත රාජපක්ෂ යන පුද්ගලයකු ගේ […]

Continue Reading

කොරොනා සහන ලබාදීමට අතුරු සම්මත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුයේ නැත!

Covid-19 හෙවත් කොරොනා වෛරස් ආසාදනය දිවයින පුරා පැතීරීම වැලක්වීම පිණිස රජය අවදානම් කලාප ලෙස හඳුණාගත් ප්‍රදේශයන්ට නොකඩවා ඇඳිරි නීතිය පනවා, අනෙක් ප්‍රදේශයන්ට කඩින් කඩ ඇඳිරි පැනවීමට ක්‍රියා කළේය. අඩාලවු ජන ජීවිතය පවත්වා ගෙන යාමට රජය සහන රැසක් ලබා දෙන බව රජය පවසා සිටි අතර  මෙම ක්‍රියාදාමය සමාලෝචනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් 7වෙනි […]

Continue Reading

මේ අංගොඩ IDH රෝහල නොවේ. මැලේසියාවේ රෝහලක දර්ශනයකි.

දිවයිනේ කොරෝනා වෛරස් රෝග ආසාදිත රෝගීන්ට මෙන්ම බෝවෙන රෝග  වැලඳුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛස්ථානය ගන්නේ අංගොඩ පිහිටි ජාතික වසංගත රෝග විද්‍යායතනයයි. ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමේදී බහුතරයක් රෝගීන් මෙම රෝහලේ ප්‍රතිකාර වෙත යොමුකිරීමත් සමඟම ජනතා අවධානයද එහි ක්‍රියාකාරම් සඳහා යොමුවී ඇත. සමාජ මාධ්‍ය ජාලය තුළ ද අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග  විද්‍යායතනය පිළිබඳව […]

Continue Reading

ඇමෙරිකාවේ දුම්රිය මාර්ගයක පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශයක්!

ලෝකයේ අනෙක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද කොරෝනා රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් සිදුවීමත් සමග රජය විසින් පසුගිය මාර්තු මස 20 වැනිදා ඇඳිරි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ හා සමගම අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැර සෑම සේවාවක්ම පාහේ නවතා දමන ලදී දුම්රිය සේවය ද එබඳු එක් සේවාවක් වන අතර පසුගිය සති කිහිපය තුළ දුම්රිය ගමනාගමනයක් සිදුවූයේ […]

Continue Reading

Fact Check : අචාර්ය චාල්ස් ලීබර් අත්අඩංගුවට ගන්න ලද්දේ COVID19 නිර්මාණය කිරීම සඳහා නොවේ

මධ්‍යම චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වී ඇත. මේ වන විට සමස්ත ලෝකයේම පහළොස් ලක්ෂයකට අධික ජනගහනයකට මෙම රෝගය වැළඳී ඇති අතර  අති විශාල සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගෙන ඇත.  පර්යේෂණ මධ්‍යස්ථාන රැසක් ඇති වූහාන් නගර ආශ්‍රිතව ආරම්භ වූ නිසාත්, චීනය ඔවුන්ගේ ප්‍රධාන නගරවලට පැතිරයාමට අවකාශ නොදි […]

Continue Reading

ඇඳිරි නීති සමයේ යාල වෙරළ තීරයේ සැරිසැරූ මුවන් රංචුවක් නොවේ.

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම පැතිරී යාම වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවෙස්වලට සීමා කර ඇත. එමෙන්ම දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමනාගමනය නවතා දමා ඇත. එම නිසා පරිසර දුෂණය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය.  මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම නිසා වන සතුන් ද නිදහසේ කාලය […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට COVID-19 වැළඳී ඇති බවට පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත් බවට පසුගිය දින කිහිපය පුරාම වාර්තා වී තිබෙනු දක්නට ලැබුණි. මෙම රෝගය අසාදනය වී ඇති බව සඳහන් කරමින් විවිධ දේශපාලන චරිතයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයන්හි සටහත් ඉදිරිපත්වීමටද පටන් ගෙන ඇත. මෙවන් පසුබිමක පන්නරය නැමැති ෆේස්බුක් පිටුවක “ගොටාභයට කොරෝනා”  යන තේමාවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ […]

Continue Reading

ඇඳිරි නීති සමයේ කුළු බඩු බෙදා දීමේදී පොහොට්ටුවේ ලාංඡනය සහිත ඇසුරුමක් යොදාගත්තේද?

ශ්‍රී ලංකාව තුළද කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේ දිවයින පුරාම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු සකස් කරන ලදී. බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් දැඩි අවදානම් කලාප වශයෙන් හඳුනාගත් බැවින් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීති තත්වය දිගටම ක්‍රියාත්මක කරන ලදී. […]

Continue Reading

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වශයෙන් අප්‍රේල් මාසයේ පත්වුවාද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ සුවිශේෂ සේවාවක් සිදු කරමින් සිටියි. ජනවාරි 26 වැනි දින ස්ථාපනය කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීම් සදහා නිරන්තරයෙන්ම සහභාගිවෙමින්, ජනතාව දැනුවත් කරමින් ඔහු කරනු ලබන සේවාව බොහෝ පාර්ශව මඟින් ඇගයීමට ලක්වී තිබෙනු දක්නට ලැබුණි එවන් අවස්ථාවක, ඔහු ලෝක […]

Continue Reading