අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමගම තවත් ප්‍රහාර එල්ල වේ යැයි ප්‍රකාශ කරමින් , ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගත වන තුරුත්, නොයෙකුත් ආකාරයේ කටකතා පැතිරී යනු අපට දක්නට ලැබුණි. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව විසින් මෙබඳු කට කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බවත් මේ සෑම අවස්ථාවකදීම තහවුරු කර සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් දියත් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා ආරක්ෂක අංශ සූදානම් ව කටයුතු කරන ලෙසත් දන්වමින් මින් ලිපියක් පසුගිය 04 වැනි සිකුරාදා උදෑසන සිටම මුලින්ම WhatsApp ඔස්සේත් පසුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේත් විශාල වශයෙන් හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා.

Facebook Link 1Archived LinkFacebook Link 2Archived Link

මීට අමතරව වෙබ් අඩවි කිහිපයක් මඟින්ද ඉහත පුවත පළකර තිබෙනු අපට දක්නට ලැබුණි.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබද වැඩිදුර තොරතුරු එදිනම අප විසින් පරීක්ෂා කරන ලද අතර දෙවන ලිපිය සම්බන්ධයෙන් හොටල කිහිපයක් මගින් තොරතුරු විමසන ලද අතර එහිදී පහත පරිදි ලිපියක් ලැබී ඇති බව තහවුරු කර ගත්තෙමු.

මෙම ලිපිය කොටුව පොලිස් ස්ථානාධිපති විසින් කොළඹ හෝටල් 10 ක් ඉලක්ක කරගෙන එම හෝටල්වල නම්ද සහිතව යොමු කර තිබු අතර එමඟින් එම හෝටල් කළමනාකරුවන්ට දන්වා තිබුනේ ළඟදීම සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවීමකි. හිල්ටන්,ගලදාරි,කිංස්බරි,ෂැංග්‍රිලා,ටාජ්,ග්‍රෑන්ඩ් ඔරියන්ටල්, සිටි හොටෙල්,ස්ටවුට් හොටෙල්, ෆෙයාර්වේ හොටල් හා ද වන් හෝටල වෙත යොමු කර තිබෙන ලිපියෙන් ප්‍රහාරයක් ගැන පොලිසිය සතුව තොරතුරු ඇති බව දන්වා ඇති අතර ඉදිරි දිනවල එම හෝටලවලට එන සංචාරකයින් දැඩි පරීක්ෂාවට ලක්කරන ලෙසත් ඔවුන්ගේ ලියාපදිචි විස්තර සෑම දිනකම පෙරවරු 9 ට පොලිසිය වෙත යොමු කරන ලෙසත් ඉල්ලා ඇත.

තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් කියා තිබුනේ බුද්ධි අංශ මගින් තහවුරු නොකරන ලද කරුණු මත පදනම්වූ මෙම ලිපිය යොමු කළ නිලධාරීන් ගැන පරීක්ෂණයක් පවත්වන බවයි.

Hiru News LinkArchived Link

මේ අනුව ඊයේ (08) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා කරුණු දක්වා සිටියේ කොටුව පොලිසිය මගින් නිකුත් කර ඇති එම ලිපිය පිළිබඳ විමර්ශනයේ තොරතුරු අනුව අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ඇතුළත් ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

නිල මාධ්‍ය නිවේදනයේ තවදුරටත් දක්වා තිබුනේ “විමර්ශනයේදී මූලිකව අනාවරණය වූ කරුණු මත මෙම අසත්‍ය කරුණු ඇතුළත් ලිපිය යැවීමට ක්‍රියා කර තිබූ කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේත් එමෙන්ම කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුගේත් වැඩ තහනම් කිරීමට මීට සුළු මොහොතකට පෙර පොලිස් මුලස්ථානය කටයුතු කරන ලදී” යනුවෙන් පහත පරිදිය.

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, නිල පොලිස් මාධ්‍ය ප්‍රකාශයට කොටුව පොලිසිය මඟින් නිකුත්කරන ලද, කොළඹ ප්‍රධාන හොටල වෙත යැවූ ලිපිය, අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ඇතුළත් ලිපියකි.

Avatar

Title:කොටුව පොලිසියෙන් ප්‍රධාන හෝටල දහයක් වෙත යවන ලද්දේ තහවූරු කර ගන්නා ලද ලිපියක්ද?

Fact Check By: Sathyajith Subasinghe

Result: Mixture