
මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රබල දේශපාලන චරිත අතර වාසුදේව නානායක්කාර මහතාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහය පළ කර ඇති වාසුදේව නානායක්කාර මහතා බොහොමයක් ජන රැළි සඳහාද සහභාගී වනු දැකගත හැක.
මේ අතර මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් බොහෝ සෙයින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනු දක්නට ලැබුණා. මෙයට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන පසුබිමක, ආසිරි රෝහලේ පැවැත්වූවා යැයි පැවසෙන රහස් ඡන්දයකින් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ගෙන ඇති බව සඳහන් කරන වීඩියෝ දර්ශන පෙළක් හේතුවෙනි.
Facebook Link | Archived Link | Archived Video |

Lankanewsweb, Hasthi Senawa හස්ති සේනාව, සජිත් රටට රට සජිත්ට ආදී ෆේස්බුක් පිටු කිහිපයක්ම මඟින්ද විශාල වශයෙන් හුවමාරු කරගෙන තිබු එම පුවතේ සඳහන් වී තිබුනේ “ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් වන වාසුදේව නානයක්කාර මාධ්‍ය සාකච්ඡාවකදි ගෝඨාභයගේ ජන ප්‍රසාදය බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වා ඇත. ඔහුට අනුව ආසිරි රෝහලේ කම්කරුවාගේ සිට උසස් හෙදිය දක්වා සියළු නිලධාරින් අතර තිබූ රහස් ඡන්දයයක්න් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගෙන ඇත. වාසුදේව නානයක්කාර ඒ බව ප්‍රකාශ කරන විඩීයෝව පහතින්..” යනුවෙනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකර ඇති වාසුදේව නානයක්කාර මෙබඳු ප්‍රකාශයක් සිදුකිරීම සැක සහිත බැවින් මේ පිළිබඳව වැඩිදුර විමර්ෂණයක් සිදුකිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉහත සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීම සඳහා එම මුල් වීඩියෝව අප විසින් සොයා ගත්තා. පසුගිය (18) කොළඹදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදු කළ සාකච්ඡාවක කොටසක් Voicetube නැමැති Youtube චැනලය මගින් පළකර තිබුණේ “හු කිව්වේ අපි නොවෙයිලු – Wasudewa Nanayakkara” යනුවෙනි. එම මුල් වීඩියෝවේ ඉහත ප්‍රකාශයට අදාළ කොටස පහත දැක්වේ.
Voice Tube Youtube Link | Archived Link |
මෙම වීඩියෝව අනුව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටින්නේ ආසිරි රෝහලේ පැවැති රහස් ඡන්දයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඡන්ද එක් දහස් ගණනක්ද සජිත් ප්‍රේමදාස මහතා විසින් ඡන්ද හාරසිය ගණනක්ද ද ජනතා විමුක්ති පෙරමුණ විසින් ඡන්ද දෙසීයක් – තුන්සියයක් අතර ප්‍රමාණයක් ද ලබාගෙන ඇති බවයි.
එබැවින් අප විසින් පරීක්ෂාවට ලක්කරන ලද ප්‍රකාශිත වීඩියෝවේ සජිත් ප්‍රේමදාස විසින් ඡන්ද එක් දහස් ගණනක්ද ගෝඨාභය රාජපක්ෂ විසින් ඡන්ද හාරසිය ගණනක්ද යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය වෙනස් කොට දක්වා ඇති බව පැහැදිලිය.
සංස්කරණය කරන ලද වීඩියෝවේ කොටස සහ මුල් වීඩියෝවේ අදාළ කොටස පහත අප විසින් සංසන්දනාත්මකව පෙන්වා ඇත
Video Comparison (Edited Video Vs Original Video) |
කෙසේ වෙතත් ඇත්ත වශයෙන්ම වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව විස්තරයක් දැන ගැනීම සඳහා අප විසින් දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහි දී එතුමාගේ කාර්යාලයෙන් දන්වා සිටියේ ද ඉහත ප්‍රකාශිත වීඩියෝව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ඒ පිළිබඳව අවැසි ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා අදාල පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බවත් ය
Conclusion: (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයන් පැහැදිලි වන්නේ “ආසිරි රෝහලේ පැවතියා යැයි කියන රහස් ඡන්දයකින් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගෙන ඇත” යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කළා යැයි පැවසෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වීඩියෝවක් පදනම් කරගෙන සිදුකර ඇති ප්‍රකාශයකි.

Title:ආසිරි රෝහලේ පැවතියා යැයි කියන රහස් ඡන්දයකින් සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගත්තාද?
Fact Check By: Sahan PereraResult: False
