පරහිතකාමී සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නන් ඔවුන් කරන්නා වූ සමාජ සත්කාර සේවාවන් මිතුරන් අතර දැනුවත් කිරීමට සහ ඔවුන්ට උපකාර කළ මිතුරන්ට, එම සේවාවන්හි වර්තමාන තත්වයන් දැනුවත් කිරිමට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරිමට පෙළඹි ඇත. එහෙත් විවිධ සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් මෙම සමාජ සත්කාර සේවාවන් හි පළ වන දත්තයන් සහ ඡායාරූප විකෘති කරමින් විව්ධාකාරයේ අකටයුතු සඳහා යොදා ගැනීමට පෙළඹී ඇත. 2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මෙම ගිණුම් හිමියන් විසින් තමන්ගේ අපේක්ෂකයාට සහාය දැක්වීමට බොහෝ ප්‍රවෘත්ති විකෘති කර තැබීමෙහි සීඝ්‍ර වර්ධනයක් දැකීමට ඇත.

“පිටරටක නෙවෙයි... පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්.....” යන මැයින් ඉඳුනිල් රවීන්ද්‍ර සංගක්කාර නමැත්තෙකුගේ ෆේස්බුක් ගිණුමේවු සටහනක් ෆේස්බුක් ජාලය පරිශීලනය කරන්නන් අතර ශීඝ්‍රයෙන් හුවමාරු වෙනු දක්නට ලැබිණි. එහි සේයාරුවක් පහත ඇත.

Facebook LinkArchived LinkFacebook Link 2Archived Link 2

මෙයට ප්‍රතිචාර දක්වමින් දරුවාට ඉක්මන් සුවය පතමින් බොහෝ දෙනා විසින් සටහන් තබා තිබු අතර, නෙත්මා රෙහානි සිල්වා මහත්මිය සටහන් කර තිබුනේ “මේ දරුවා අක්මා බද්ධයකින් පසුව පසුගිය 19 වෙනිදා නැති වුනා. කරුණාවෙන් මේ පින්තූරය ඉවත් කරන්න. දෙමවුපියන් මේවා දකිද්දි කම්පා වෙනවා. දේශපාලන වාසි වෙනුවෙන් මේ වගේ කැත වැඩ කරන්න එපා. වැඩි විස්තර අවශ්‍ය නම් දරුවාට අක්මාව දන් දීපු දරුවගේ මාමා Nilan Ranasigha හෝ දරුවගේ ගමේ ආරාමෙ මෙහෙණින් වහන්සේ මෙත් සිසිල අභය දාන ගෙන් දැනගන්න.” යනුවෙනි. නෙත්මා රෙහානි සිල්වා මහත්මියගේ සටහනෙහි සේයා රුවක් පහත ඇත.

මෙම ඡායාරූප යන යොදාගෙන ෆේස්බුක් සටහනක් කිහිපයක්ම පළ වී තිබූ අතර ඉහත සටහන ෆේස්බුක් පරිශීලකයන් දහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වී තිබීම හේතුවෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳ වැඩිදුර කරුණු විමසීමට අප විසින් නෙත්මා රෙහානි සිල්වා මහත්මියගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂාවට ලක් කළෙමු. ඔක්තෝබර් මස 22 දින ඇය විසින් ළැදරියකගෙ සේයා රුවසහිතව ඉංග්‍රීසි භාෂාවෙන් යොදා තිබූ පහත සටහන අපට හමුවිය. මෙහි සිංහල පරිවර්තනය වන්නේ “අක්මාව බද්ධ කිරීමෙන් පසු (19/10/2019) දිනිති ළදැරිය මියගිය බව දන්වන්නේ සාතිශය සංවේගයෙනි. මෙම සත් ක්‍රියාව සඳහා තවදුරටත් මුල්‍ය ආධාර එකතු නොකරන බව කරුණාවෙන් සලකන්න. දිනිති ළැදරිය සහ ඇගේ දෙමව්පියන් වෙනුවෙන් ඔබ දැක්වූ පරිත්‍යාගශීලී භාවය සහ කරුණාව ගැන අප ස්තූතිවන්ත වෙමු.” ඇයගේ එම සටහනෙහි සේයාරුවක් පහත දක්වා ඇත.

Facebook LinkArchived Link

මේ පිළිබඳව පළවී ඇති සටහන් තවදුරටත් පරීක්ෂා කිරීමේදී අපට දැකගැනීමට හැකිවූයේ “අසරණ සරණ” නැමැති ෆේස්බුක් පිටුවක් මගින් ඔක්තෝබර් මස 17 වෙනිදා පලකරන ලද සටහනකි. “ ඔබට හැකි පමණින් මෙය Share කර උදවු කරන්න. තෙරුවන් සරණින් සුවපත් වේවා ! Please help baby Dinithi’s parents” යනුවෙන් දක්වා තිබූ එම සටහනේ වෛද්‍ය වාර්තා ඇතුළු අනෙකුත් ඡායාරූප සමග ඉහත ඡායාරූපය ද පළකර තිබෙනු අපට දැකගන්නට ලැබුණා.

අසරණ සරණ Facebook PostArchived Post

තවදුරටත් මේ පිළිබදව කුඩා දැරියගේ මාමාගෙන් විස්තර විමසන ලද අතර එහිදී අපට දැනගන්නට ලැබුණේ දැඩි රෝගි තත්ත්වයකින් පෙළුණු මෙම කුඩා දැරිය ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා අක්මාවක් බද්ධ කිරීමට සිදුවූ බවත් ඒ සඳහා තමා අක්මාව පරිත්‍යාග කළ බවයි.  ඇගේ රෝගී තත්ත්වයට පාස්කු ප්‍රහාරය හා කිසිඳු සම්බන්ධයක් නැති අතර මෙසේ පළ වන පුවත් දැඩි ලෙස හෙළා දකින බවත් ඔහු පවසා සිටියා.  තවද දිනිති කුඩා දැරිය බේරා ගැනීම සඳහා බොහෝ පාර්ශවයන්ගේ උදව් මත හැකි සෑම උත්සාහයක්ම ගත්තද අවාසනාවන්ත ලෙස ඇය මෙලොවින් සමුගත් බවද ඔහු දැනුම් දුන්නා.

තවදුරටත් මෙම කරුණු  ඉන්දියාවේ චෙන්නායි නුවරදී ශල්‍යකර්මය සිදුකරන ලද Dr. Rela Institute & Medical Centre සමග සම්බන්ධවීමෙන් අපට තහවුරු කරගැනීමට හැකි විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් දිනිති දැරියගේ දෙමව්පියන් සහ හිතවතුන් ඉහත පරිදි ව්‍යාජ ලෙස පළ කරන ලද ෆේස්බුක් සටහන් report (වාර්තා) කිරීමත් සමඟ මේ වන විට බොහෝ දුරට එබඳු සටහන් කිහිපයක්ම ඉවත් කරගෙන ඇති බවද අපට දැනගන්නට ලැබුණා.

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “පිටරටක නෙවෙයි... පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්.” යනුවෙන් පළ වී ඇති සටහන් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. දැඩි රෝගාතුර තත්වයකින් පසුව අක්මා බද්ධයකින්ද දිවි ගලවා ගැනීමට නොහැකිව මෙලොවින් සමුගත් දිනිති නමැති කුඩා දැරියගේ ශල්‍යකර්ම සඳහා මුදල් පරිත්‍යාගකයකින් උදව් වන ලෙස ඉල්ලමින් පළවූ ෆේස්බුක් සටහනකින් ලබාගත් ඡායාරූපයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:Fact Check : පිටරටක නෙවෙයි... පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්

Fact Check By: Sahan Perera

Result: False