ගාල්ලට ඇති වූ සුනාමි තත්වයක් ගැන දැක්වෙන වීඩියෝවක් ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

2025.11.11 (අද)  දින ගාල්ලට සුනාමි තත්වයක් ඇති වූ බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. එම හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් / Social Media Posts

අද උදෑසන ගාල්ලට සුනාමි තත්වයක්. දිගින් දිගටම රැල්ල ගොඩ ගසමින් රැල පහර වෙගවත්ව වෙයි. හැමෝම පරිස්සම් වෙන්න. 2025/11/11″ යනුවෙන් සඳහන් කරමින් අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

 

Post Link | Archived Link

අදාල වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වී තිබෙන ආකාරට හඳුනා ගැනීමට හැකි වුනා.

 

මෙම වීඩියෝවේ  දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම 2025.11.11 වන දිනය ගාල්ල ප්‍රදේශයට බලපෑ සුනාමි තත්වයක් ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2025.11.11 සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයට සුනාමි තත්ත්වයක් වාර්තා වූයේද යන්න තහවුරු කර ගැනීම සඳහා අප ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් සිදු කල අතර, එහිදී තහවුරු වූයේ 2025.11.11 වන දින ගාල්ල ප්‍රදේශය තුළ සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් වාර්තා වී නොමැති බවයි.

ලංකාවේ සුනාමි තත්වයක දර්ශන පෙළක් නොවේ!

එසේම අප අදාළ වීඩියෝ පටයේ දර්ශන Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී හඳුනා ගැනීමට හැකි වූයේ මෙම වීඩියෝ පටය 2025.11.09 වන දින පිලිපීනයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ටයිෆූන් ෆන්ග් වොන් නැමති ප්‍රභල සුළි කුණාටුවේ වීඩියෝ පටයක් බවයි.

 

ටයිෆූන් ෆන්ග් වොන් සුළි කුණාටු දර්ශන ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙතනින් සහ මෙලෙසින්

පිලිපීනයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ටයිෆූන් ෆන්ග් වොන් සුළි කුණාටුව

පිලිපීනයේ නැගෙනහිර වෙරළ තීරයට ටයිෆූන් ෆන්ග්-වොන්ග් නම් ප්‍රභල සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලට යවා ඇති බව වාර්තා වනවා.

රජයේ කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව එම රටේ බොහෝ ප්‍රදේශවලට අවම වශයෙන් 200mm (අඟල් 8) ක වර්ෂාපතනයක් හා පැයට කිලෝමීටර 230 ක් දක්වා සුළං , අධික වර්ෂාව හා ගංවතුර තත්වයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන කරනවා. ටයිෆූන් ෆන්ග්-වොන්ග් සුළි කුනාටුව හේතුවෙන් මේ වන විට 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වන විට පිලිපීනයේ අගනුවර වන මැනිලා ඇතුළු ප්‍රධාන පිලිපීන දූපතක් වන ලුසොන්හි පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් 300කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇත.

ටයිෆූන් ෆන්ග් වොන් සුළි කුණාටුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Conclusion (නිගමනය):

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේඅද උදෑසන ගාල්ලට සුනාමි තත්වයක් දිගින් දිගටම රැල්ල ගොඩ ගසමින් රැල පහර වේගවත්ව වෙයි. හැමෝම පරිස්සම් වෙන්න 2025/11/11″ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුනු වීඩියෝ පටයේ දැක්වෙන්නේ මීට දින කිහිපයකට පෙර පිලිපීනයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ටයිෆූන් ෆුන්ග් වොන් නමැති ප්‍රබල සුළි කුණාටුවේ දර්ශන පෙළක් බවයි. 2025.11.11 වන දින ගාල්ල ප්‍රදේශයට කිසිදු සුනාමි තත්ත්වයක් වාර්තා වී නොමැත.

Avatar

Title:ගාල්ලට ඇති වූ සුනාමි තත්වයක් ගැන දැක්වෙන වීඩියෝවක් ද?

Fact Check By: Factcrescendo Team 

Result: Misleading

 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *