මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදටත් ගෝලීය තර්ජනයක් වන, මානව ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපන කරන වෛරස් ආසාදනය, නැතහොත් (HIV/AIDS) යනුවෙන් ප්‍රචලිත ආසාදනය හේතුකොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 32ක් පමණ (1920 පමණ සිට මේ දක්වා) ජීවිතක්ෂයට පත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකි ඖෂධ ප්‍රතිකාර ඖෂධයක් නොමැති අතර මෙම රෝගය පැතිරී යන ක්‍රම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති විටින් විට මතු වීමට පටන් ගෙන තිබුණි.

මෙවන් පසුබිමක ඩිල්ෂාන් වෙදගේ නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක මැද රතු පැහැ ගැන්වු කෙසෙල් ගෙඩියක් අඩංගු සේයාරුවක “කෙසෙල් ගෙඩි වලට ඒඩ්ස් වෛරසය එන්නත් කරලා, එච්.අයි.වී. වෛරසය එන්නත් කරන ලද කෙසෙල් ගෙඩි මිලියන ගණනක්, හිතවතෙක් අමාරුවේ වැටීමට පෙර share කර දැනුවත් කරන්න” යන වදන් රෝපණය කළ සටහනක් 2016 මාර්තු මස ඉදිරිපත් කොට තිබූ බව නිරීක්ෂණය විය. මෙම සටහන මේ වනවිට ෆේස්බුක් පරිශීලනය කරන්නන් දාහත් දාහකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණි. මෙයට ලැබුණු ප්‍රතිචාර අතර මෙම රෝගය ආහාර මඟින් ආසාදනය විය නොහැකි බව යෝජනා කර තිබෙනුද දක්නට ලැබුණි.

LinkArchived Link

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

ප්‍රථමයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් HIV/AIDS තවත් රෝගියෙකුට ආසාදනය විය හැකි අවස්ථා පිළිබඳව පළකර ඇති නිල වාර්තාව පරීක්ෂා කර බැලුවෙමු. ඉංග්‍රීසි බසින්වු එහි සිංහල අරුත මෙසේය.

“ආසාදිත පුද්ගලයින්ගෙන් රුධිරය, මව්කිරි, ශුක්‍රාණු සහ යෝනි ස්‍රාවයන් වැනි විවිධ ශරීර තරල හුවමාරු කර ගැනීමෙන් රෝගය වැළඳිය හැකිය. ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී මවකගෙන් තම දරුවාට එච්.අයි.වී.රෝගය ආසාදනය විය හැකිය. සිප ගැනීම, බදා ගැනීම, අතට අත දීම, පුද්ගලික වස්තූන්, ආහාර හෝ ජලය බෙදාගැනීම වැනි සාමාන්‍ය එදිනෙදා සම්බන්ධතා මගින් පුද්ගලයන්ට ආසාදනය විය නොහැක.”

WHO LinkArchived LinkDinamina LinkArchived Link

එසේම HIV/AIDS රෝගය වැළඳිය නොහැකි අවස්ථා පිලිබඳ තොරතුරු hiv.gov වෙබ් අඩවිය මඟින්ද පළකර තිබුනේ මෙලෙසිනි.

hiv.org linkArchived LinkCDC LinkArchived Link

HIV/AIDS ආහාර හරහා වැළඳිය හැකිද යන්න පරීක්ෂා කිරීමේදී අපට දක්නට ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ජලය හෝ ආහාර මගින් HIV වෛරසය සම්ප්‍රේෂණය විය නොහැකි බවයි. ඔවුන් පවසා සිටි අන්දමට, HIV වෛසරයට මිනිස් සිරුරෙන් පිටත සක්‍රීයව පැවතීමේ අවකාශයක් නොමැත. ආහාරවල HIV ආසාදිත රුධිරය ප්‍රමාණයක් තිබුණද, වාතයට නිරාවරණය වීම, ඉවුම් පිහුම් වලින් ලැබෙන උෂ්ණත්වය සහ ආමාශ ආම්ලිකතාවය වෛරසය විනාශ කරයි යනුවෙන් එහි පළකර තිබුණි.

Link Archived Link

HIV අසාදිත කුඩා දරුවන් රැකබලා ගන්නෙකු හපන ලද ආහාර කුඩා දරුවකුට ලබාදීමෙන් ඉතා විරල ලෙස රෝගය වැළඳීමේ හැකියාවක් ඇති අතර එබඳු වාර්තාවී ඇති සිද්ධි අතලොස්සද කුඩා ළදරුවන්ගෙන් හමුවී තිබේ.CDC Link

කෙසෙල් ගෙඩි වලට HIV/AIDS ආසාදිත රුධිරය එන්නත් කර ඇති වූ වාර්තා පිළිබඳ ව අප ගූගල් සෙවීමක් කළෙමු. Snopes, Africacheck සහ AFP පුවත් සේවය විසින් කෙසෙල් ගෙඩි වලට HIV/AIDS ආසාදිත රුධිරය එන්නත් කර ඇති බවට වූ අසත්‍ය වාර්තා පිළිබඳව කළ කරුණු විමර්ශන වාර්තා ඇතුළු වාර්තා රැසක් එහිදී නිරීක්ෂණය විය.

එහි පෙන්වා දී තිබුනේ කෙසෙල් ගෙඩි වල රතු පාට වීම පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ Nigrospora (නිග්‍රොස්පෝරා) යන දිලීර රෝගය හේතුවෙන් කෙසෙල් ගෙඩි ඇතුලත තද රතු පැහැයට හැරෙන බවයි. නිවර්තන දේශගුණික ප්‍රදේශවල පලතුරු වගාවන්ට මෙම දිලීරය විශේෂයෙන්ම ආසාදනය කළ හැකි අතර මොකිලෝ, මොකෝ සහ රුධිර රෝග බැක්ටීරියාවද කෙසෙල් වල රතු පැහැයට හේතු විය හැකි බැක්ටීරියා රෝග බවයි. කෑමට ප්‍රියජනක නුවුවත්, කෙසෙල් වලට බලපාන මෙම රෝග මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් නොවේ, කෙසේ වෙතත් සැකයක් ඇති විට එය ඉවතලන්න යනුවෙන්ද එහි දක්වා තිබුණි. ඔවුන් කළ කර්ම විමර්ශනයෙන් සනාථ වී තිබුණේ කෙසෙල් ගෙඩි රතු පාට වන්නේ දිලීර රෝගයක් නිසා බවය.

කැනේඩියානු රජයේ ආහාර පරීක්ෂණ ඒජන්සිය මඟින් ඒ පිළිබඳව සිදුකරන ලද නිල නිවේදනය පහතින්. Link

අවසාන නිගමනය

අපගේ කරුණු විමර්ශනයෙන් සනාථ වූයේ HIV/AID ආසාදනය විය හක්කේ විවිධ ශරීර තරල හෝ රුධිරය හරහා විනා සිප වැළඳ ගැනීම හෝ ආහාර මගින් නොවන බවය. එමෙන්ම කෙසෙල් ගෙඩි රතුපාට වන්නේ දිලීර රෝගී තත්වයක් හේතුකොටගෙනය.

එම නිසා ඇතුලත රතු පාට වූ කෙසෙල් ගෙඩි, HIV/AIDS ආසාදිතයකු ගේ රුධිරය එන්නත් කළ බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු.

Avatar

Title:කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?

Fact Check By: Sahan Perera

Result: False