දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පිං පොං චරිතයෙන් ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් රංගන ශිල්පී රජිත හිරාන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක ධුරයක් ලබා දී ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එම සටහන් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රංගන ශිල්පී රජිත හිරාන් පොතක සටහනක් තබන අයුරු දැක්වෙන ඡායාරූපයක් සහිතව ෆේස්බුක් ඔස්සේ සංසරණය වන මෙම සටහනේ සඳහන් වන්නේ, ගාමිණී ලොකුගේ මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක ධුරය රංගන ශිල්පි රජිත හිරාන් (පිංපොං) ට හිමිව ඇති බවයි. රංගන ශිල්පියා සටහනක් තබන අයුරු දැක්වෙන ඡායාරූපය ඔහුට ආසන සංවිධායක ධුරය හිමිවූ අවස්ථාවේ ඡායාරූපයක් බව හැඟී යන ආකාරයෙන් මෙම සටහන පළ කර තිබේ.

රජිත හිරාන් රංගන ශිල්පියාට ආසන සංවිධායක ධුරයක් හිමිවී ඇති බව කියමින් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණා.






Facebook | Archived Link | Facebook | Facebook Facebook | Facebook
මෙම සටහන්වල සත්‍යතාවක් තිබේ දැයි විමසා ලද ඉල්ලීම් ද සලකා අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප මූලිකවම ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ධුරය සම්බන්ධයෙන් මෑතක දී පළවී තිබු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පරික්ෂා කර බැලුවා. එහිදී, ලෝටස් හවුස් ලෙස නම් කරන ලද කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයක් පසුගිය (29) වැනිදා පවත්වා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.
පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල ද සහභාගී වූ බවයි, මෙහි වර්තා කර තිබුණේ.
මෙම විවෘත කිරීමේ උත්සවයට රජිත හිරාන් ඇතුළු කලාකරුවන් පිරිසක් ද එක්ව සිටින ආකාරය මෙම දර්ශනවල දැකගත හැකි වුව ද ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනමා ඇති බවට එම පුවත් වාර්තාවේ හෝ සඳහන් නොවිය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සිදු කර මෙම අදහස් පළ කිරීම් අනුව ද කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල මහතා බව තහවුරු වේ.
රංගන ශිල්පි රජිත හිරාන් කැස්බෑව ආසනය සංවිධායක ධුරයක් හිමිව නැහැ
මේ අනුව අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී රජිත හිරාන් කැස්බෑව ආසනයේ සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ප්‍රධාන සංවිධායක අජිත් නාරගල උපුටා දක්වමින් පුවත් වෙබ් අඩවි කිහිපයක් ද මෙලෙස සහ මෙලෙස තොරතුරු වාර්තා කර තිබුණා.
එම පුවත් වාර්තාවල දැක්වෙන්නේ, ඊයේ (29) පැවති පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළ පිරිසක් සහභාගී වී සිට ඇති බවත් එම අවස්ථාවට එක්ව සිටි රජිත හිරාන් අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබන අවස්ථාවේ ඡායාරූපයක් යොදා ගනිමින් ඔහු ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවට අසත්‍ය තොරතුරක් සංසරණය වන බවත් ය.
කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගලගේ ෆේස්බුක් සටහන
මේ අතර අජිත් නාරගල ඡායාරූප කිහිපයක් ද සහිතව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, කැස්බෑව ආසන සංවිධායවරයා තමන් බවත් රංගන ශිල්පි රජිත හිරාන්ට(පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධුරයක් ලබාදී ඇති බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයක් බවත් ය. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය කැස්බෑව පොදුජන පෙරමුණු කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී රංගන ශිල්පි රජිත හිරාන්, අමුත්තන්ගේ පොතෙහි සටහන් තබන අවස්ථාවේ ගන්න ලද ඡායාරූපයක් බවත් එහි සඳහන් වේ.

කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කරන අවස්ථාවේ සජීවි වීඩියෝවක් අජිත් නාරගල සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අතර එය නිරීක්ෂණය කිරීමේදී ද අජිත් නාරගල කැස්බෑව ආසනයේ සංවිධායකවරයා බව තහවුරු වේ. රජිත හිරාන් එම අවස්ථාවට සහභාගී වී ඇති කලාකරුවන් අතරින් කෙනෙකු පමණක් බවත් ඔහුට අමතරව සහභාගී වී සිටි අනෙක් කලාකරුවන් ද අදාළ පෙතෙහි සමරු සටහන් තබන අයුරු වීඩියෝව අවසන් කොටසේදී දැකගත හැකියි.
එම අවස්ථාවට සහභාගී වූ රජිත හිරාන් විසින් දැක්වූ අදහස් දැක්වීමකදී ඔහු පැමිණියේ, අජිත් නාරගල මහතා කැස්බෑව ආසනයේ සංවිධායකවරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාවට සඳහන් කර තිබුණේ මේ අයුරින්.
SLPP හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
රංගන ශිල්පි රජිත හිරාන් කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස පත්කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන තොරතුර පිළිබඳව අප SLPP හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යයක් බවයි. කැස්බෑව ආසන සංවිධායකවරයා අජිත් නාරගල බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, කැස්බෑව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයක් පසුගිය දා පවත්වා තිබූ බවත් කලාකරුවන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිට ඇති බවයි. එහිදී රංගන ශිල්පි රජිත හිරාන් සමරු සටහනක් තබන අවස්ථාවේ ඡායාරූපක් මෙලෙස සමාජය නොමග යවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.
රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං)
සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ ව්‍යාජ පුවත් පිලිබඳව, රංගන ශිල්පී රහිත හිරාන් අදහස් දක්වා තිබු අදහස් පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි. පසුගිය දා කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටි ඔහු අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් මෙලෙස නොමග යවන සුළු ආකාරයෙන් සමාජ මාධ්‍යයෙහි සංසරණය වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කැස්බෑව ආසන සංවිධායකවරයා වන්නේ, අජිත් නාරගලයි.
Title:කැස්බෑව පොහොට්ටු ආසන සංවිධායකවරයා රජිත හිරාන් (පිං පොං) ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


