
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා පසුගිය ජනවාරි 25වනදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලදී. සංචාරකයින් කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණි එම චීන ජාතික කාන්තාව, සිය සංචාරය නිමකර ආපසු සිය රට බලා යාමට සූදානම් වන අවස්ථාවේදී කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.
පසුව එම චීන ජාතික කාන්තාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව, සුවය ලබා පෙබරවාරි 19 වනදා එම රෝහලෙන් පිටව ගියාය. එම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද, රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටි අතර දෙස් විදෙස් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි.
සමාජ මාධ්‍ය තුලද සටහන් විශාල වශයෙන් මෙම අවස්ථාව සම්බන්ධයෙන් හුවමාරු විය. මේ අතර සමාජ මාධ්‍ය සටහන් කිහිපයක ප්‍රශ්නකර සිටියේ සුවය ලබා පිටව ගිය චීන ජාතික කාන්තාව සැබවින්ම ජනවාරි 25වනදා රෝහලට ඇතුලත් කල කාන්තාවද යන්නයි.
එලෙස හුවමාරු වූ සටහනක් පහතින්.
Facebook Link | Archived Link |

“කොරොනා හැදිලා රෝහලේ ඇඩ්මිට් කලේ වයසක කාන්තාවක්ලු. කොරොනා හොඳවෙලා ඊයේ චීනයට ගියේ තරැණ කෙල්ලෙක්ලු. ෆේස්බුක් ලයිවු එකේ දාලා, ඔක්කොම පෙන්වලත් 3% ජෙප්පන් හා පක්ෂයේ ලකුණ තෝරගන්න බැරි ටොයියන්ට චෝදනා නොකරනම් ඉන්න බැහැ” ඉහත සටහන්ස හෙළා දකිමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන සටහන් පෙලක්ද පහත පරිදි දක්නට ලැබුණි.
Facebook Link | Archived Link |

පෙබරවාරි මස මුල් දිනයන්හිදීද විවිධ ඡායාරූප යොදා ගනිමින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමුකෙරුණු කාන්තාව යයි සටහන් පෙළක් හුවමාරු විය. එවැනි සටහන් කිහිපයක් පහතින්.
FB Link | Archived Link |

“ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කල පලමු රට වෙයි… චීන කතට සම්පූර්ණ සුවයි.. රෝහලෙන් බැහැර වෙන්න සූදානම්” යන තේමාව යටතේ පලවී තිබු තවත් සටහනක වෙනස්ම ඡායාරුපයක්ද යොදාගෙන තිබුනේ මෙලෙසිනි.
FB Link | Archived Link |

මෙම සටහන් සියල්ලේම යොදාගෙන තිබෙන්නේ ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය අසදිතව රෝහල්ගත කෙරුණු කාන්තාව නොවන බව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වුයේ මෙලෙසිනි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මඟින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ආකාරයේ ඡායාරූප පළකර නොමැති බවයි.
Google News Link |

නිව්ස් ෆර්ස්ට් (Newsfirst) මේ සම්බන්ධයෙන් පලකරන ලද ලිපියකට අනුව ඔවුන් චීන ජාතික කාන්තාව සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක් පළකර තිබිණ. එම ඡායාරූප පහතින්.
News Link | Archived Link |

කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව Newsfirst සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහතින්.
අප මේ සම්බන්ධයෙන් තවදුරටත් සොය බැලීමක් සිදුකලා. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ ශ්‍රී ලාංකික මාර්ගෝපදේශිකාව අද දෙරණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පෙබරවාරි මස මුල හුවමාරු වූ ඡායාරූප සඳහා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ ලුඕ යන් (Luo Yan) නමැති කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන එකදු ඡායාරූපයකවත් සිටින්නේ අදාළ කාන්තාව නොවන බවයි.
News Link |

කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ ශ්‍රී ලංකික මාර්ගෝපදේශිකාව අද දෙරණ සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහතින්.
කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම පිණිස චීන ජාතික කාන්තාව සමඟ සංචාරයේ යෙදුණු ශ්‍රී ලාංකික මාර්ගෝපදේශිකාව වන කවින්දි හංසමාලි සමග අප දුරකථනයෙන් සම්බන්ධ වුණා. එහිදී ඇය අපට පවසා සිටියේ චීනය බලා පිටත්ව යෑමට පෙර නිදහස් චතුරස්‍ර භූමියේ දී ඇය රෝගී තත්ත්වය පිළිබඳව පවසා සිටීම හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කිරීම සඳහා තමා ද එහි ගිය බවද ඉහත ඡායාරුපවල සිටින්නේ Luo Yan නමැති චීන ජාතික කාන්තාව නොවන බවත්ය.
තවදුරටත් ඇය අප සමඟ පවසා සිටියේ මුහුණු ආවරණයක් පැළඳ සිටීම හේතුවෙන් සහ ඇගේ ශරීර කුඩා හැඩය බැවින් බොහෝ දෙනෙකු ළාබාල තැනැත්තියක් ලෙස අනුමාන කර සිටියද ඇත්ත වශයෙන්ම මුහුණු අවරණයකින් තොරව ඇය මුහුකුරාගිය කාන්තාවක් ලෙස පෙනෙන බවයි. චීන කාන්තාවගේ ගුවන් ගමන් බලපත්‍ර පිටපතක් පරීක්ෂා කිරීමේදී ද අපට මේ බව පෙනී ගිය අතර ඇගේ පෞද්ගලික ඉල්ලීම මත එම මුහුණු ආවරණය රහිත එම ඡායාරූපය මෙහි පළකිරීමෙන් වැළකී සිටියෙමු.
තවද ඉහත සටහන්වල පළවූ අනෙක් ඡායාරූපය පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ 2011 වසරේදී චීන ජාතික කාන්තාවක් තට්ටු දහයක මහලකින් අවුරුදු දෙකක් වයසැති ළදරුවෙක් වැටෙන අවස්ථාවකදී තම අත් දෙකෙන් අල්ලා බේරාගත් සිද්ධියකට අදාළ ඡායාරූපයක් බවයි. ඡායාරූපයට අදාල සම්පූර්ණ සටහන පහතින්.

නව කොරෝනා වෛරසය ආසාදිතව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගත් චීන ජාතික කාන්තාව යයි පැවසෙන ඡායාරූප පිළිබඳව එම රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලද අතර එහිදී අප සමඟ පවසා සිටියේ ඉහත සටහන් වල දැක්වෙන පරිදි කිසිදු චීන ජාතික කාන්තාවක් කොරෝනා වෛරස් ආසාදන සම්බන්ධයෙන් සැක පිට හෝ පසුගිය වකවානුවේදී රෝහලට ඇතුළත් කර නැති බවයි.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මඟින් චීන ජාතික කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව ගිය අවස්ථාව අලලා පසුගිය සතියේ (පෙබරවාරි 19) සිදුකරන ලද මාධ්‍ය නිවේදනය මෙසේය.
2020.02.19-නව-කොරෝනා-ආසාදිත-කාන්තාව-සුවය-ලබා-රෝහලෙන්-පිටවිමඅවසාන නිගමනය
මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකල චීන ජාතික කාන්තාවගේ යැයි කියා සමාජ මාධ්‍ය තුල හුවමාරුවන ඡායාරූප සැබවින්ම එම චීන ජාතික කාන්තාවගේ නොවන බවයි.

Title:කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකල චීන ජාතික කාන්තාවගේ යැයි පැවසෙන සාවද්‍ය ඡායාරූප පෙළක්
Fact Check By: Sahan PereraResult: False
