
කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද ක්‍රමයෙන් ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත. රෝගය තවදුරටත් ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා රජය විවිධ පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිළධාරියකුටද කොරෝනා වෛරස් රෝගය වැළඳුණු බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කල අතර ඔහු රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් ශාන්ත තෝමස්විද්‍යාලයේ ආදි ශිෂ්‍යන්ගේ සංකීර්ණයේ සිටි බවට වාර්තා විය. මේ සමගම සමාජ මාධ්‍ය ජාලා තුල මෙම කොරෝනා වෛරස් රෝගය ආසාදිතවූ නිලධාරියා පිළිබඳ විවිධ පුවත් සටහන් ඉදිරිපත් වීම ආරම්භ විය.
මෙවන් පසුබිමක Srilanka political jokes නමැති ෆෙස්බුක් පිටුවක ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංකීර්ණයක සේයාරුවක් සහිතව “මේ pic එක දාන්න වුනාට සමාවෙන්න මේ පොටෝ එකේ ඉන්න හැමෝම රට ගැන හිතල නිරෝදායනය වෙන්න...plz…” යන තේමාව සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙණු නිරීක්ෂණය විය. මෙම සේයාරුව සහිතව මෙම තේමාව යටතේම Back to Mahinda නමැති ෆේස්බුක් පිටුවකද ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණි. මෙම සේයාරු දෙකේම එක්තරා පුද්ගලයකු නිල් පාටින් කොටුකර, ඔහු කොරෝනා වෛරස් රෝගය ආසාදිත වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියාසර නිලධාරියා ලෙස හැඳින්වීමට තැත්කර තිබුණි.

Link1 | Link2 |
Archived Link1 | Archived Link2 |
මේ අයුරින්ම අදාල නිලධාරියා බව සඳහන් කරමින් විවිධාකාරයේ වීඩියෝ සහ සටහන් පෙළක් මෙසේ සංසරණය වී තිබෙනුද දක්නට ලැබුණි. එහි ” Covid 19 patient තොල දීපු උන්ට මේ වෙලාවෙ මොනා හිතෙනවා ඇත්ද? ” යනුවෙන්ද සඳහන් වී තිබුණි.

Link 1 | Link 2 | Link 3 | Archived |
මෙම සටහන් වැනි සටහන් රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ වී තිබුණේය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප මෙම සටහන්වලට හිමිවු ප්‍රතිචාර අධ්‍යයනය කළෙමු. එම පරීක්ෂාවේදි බොහෝ දෙනෙකු විසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යාමෙන් වළකින ලෙස සටහන් රැසක් ප්‍රකාශ කර තිබු අතර මෙම ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම සිටින්නේ ගයාන් නාගා නැමැත්තෙකු බව පවසා තිබෙනු දක්නට ලැබුණි.
මේ අනුව අප එහි සඳහන් වී තිබු ගයාන් නාගා යන අයගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පහත සටහන දැක ගන්නට ලැබුණි.
Link | Archived Link |

එම සටහනේ සිංහල පරිවර්තන මෙසේය. “පින්තූරයේ නොමැති පළමු නිලධාරි රණබාහු ලෙස මා සලකුණු කරන පින්තූරයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. කරුණාකර එය හුවමාරු කර ගැනීමෙන් වළකින්න. දැනටමත් එය ශිග්‍රව සංසරනය වෙමින් පවතින අතර මට මේ පිළිබඳව විවිධ ඇමතුම් ලැබෙමින් පවතී. මෙවැනි අවසනාවන්ත සිදුවීමක් අපේක්ෂා නොකළෙමි. මෙය ඉක්මනින් අවසන් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. එසේම සියලු කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමි. කරුණාකර මෙම ලිපිය බෙදාගෙන මගේ මිතුරන්ට සහ අනෙක් අයට මෙය වරදවා වටහා ගැනීමක් බව දැනුම් දෙන්න”
අප මෙසෙන්ජර් පණිවුඩ සේවය මගින් ගයාන් සමග සම්බන්ධ වුයෙමු. ගයාන් නාගසේන වන තමා ගුවන් නියමුවකු නොවන බවත්, ස්පාඤ්ඤ සමාගමක දකුණු ආසියාතික කලාපයේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන බව පැවසීය. එමෙන්ම ශාන්ත තොමස් විදුහලේ ආදි සිසුවකු වන තමා, තම කණ්ඩායමේ මිතුරන් සමග ක්‍රිකට් තරඟය නැරඹු බවත්, එහිදි තම කණ්ඩායමේ මිතුරෙකු සමුහයේ ඡායාරූපයක් ගත් බවත්, එම සේයාරුව පිටස්තරයකු විසින් අවභාවිතා කරන බව පැවසීය.
තවද ඔහු සමඟ වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගැනීමේදී තමා දැන් සිටින්නේ නිවසේ බව සනාථ කිරීමට දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කර පෙන්වීය. එමෙන්ම මිතුරන් සමුහයේ WhatsApp සමුහයේ සංසරනය වන මුල් ඡායාරූපයද ලබා දෙන ලදි.

Srilanka political jokes ෆේස්බුක් පිටුවේ සහ Back to Mahinda ෆේස්බුක් පිටුවේ ඡායාරූප ගයාන් නාගසේන ලබාදුන් ඡයාරූපය සමග සංසන්දනයේදි තහවුරුවුයේද එය එකම ඡායාරූප බවය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් කොරෝනා අසාදිත නිලධාරියා පිලිබඳ මෙසේ නිල නිවේදනයක් නිකුත් කර තිබුණු අතර අපට දන්වා සිටියේ මෙබඳු ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ විමර්ශන ඒකකයටද දැනුම්දී ඇති බවයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය දැන ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ රෙජිස්ට්‍රාර් අශාන් පතිරණ මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. එහිදී අපට පවසා සිටියේ ඔහු පෞද්ගලිකවම දැනට රෝහල්ගතවී සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඉහත ඡායාරූප සහ වීඩියෝ පට ඇතුළත් දර්ශන සියල්ලේම සිටින්නේ ඔහු නොවන බවත් එමගින් මෙම රෝගී අවස්ථාවේ විශාල පීඩනයකට මුහුණදී ඇති අතර ඔහු ඇතුළු පවුලේ සියල්ලන්ටම මහත් ගැටළුවක් වී ඇති බවද පවසා සිටි බව දැනගන්නට ලැබුණා
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Srilanka political jokes සහ Back to Mahinda යනාදී ෆේස්බුක් පිටුවල ඇති ඡායාරූපයන්හි නිල්පාටින් සළකුණු කර ඇති පුද්ගලයා කෙරොනා වෛරස් රෝගය ආසාදිතව ශ්‍රී ලංකාන් ගුවන් සේවයේ පළමු නිලධාරියා නොව ගයාන් නාගසේන නමැත්තෙකු බවය.
එබැවින් ඉහත ෆේස්බුක් පිටුවල “මේ pic එක දාන්න වුනාට සමාවෙන්න මේ පොටෝ එකේ ඉන්න හැමෝම රට ගැන හිතල නිරෝදායනය වෙන්න…plz…” යන තේමාව සහිතව හුවමාරු වන සටහන් නොමග යවන සුළු අසත්‍ය සටහන් බව නිගමනය කරමු.

Title:ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, කොරෝනා අසාදිතව දැනට ප්‍රතිකාර ලබන නිලධාරියා බවට පළවන අසත්‍ය ඡායාරූපයකි.
Fact Check By: Sahan PereraResult: False

Thank you for revealing truth. And block those pages that spreading false news.