මේ වන විට ලොව පුරා ලක්ෂ තුනකටත් වඩා අධික සංඛ්‍යාවක් ආසාදනයට ලක්වී තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වය හේතුවෙන් යුරෝපයේ පමණක් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ඇත. එනමුත් චීනය සහ යුරෝපයට මායිම් ව තිබෙන රුසියාවෙන් මේ වන තෙක් වාර්තා වී තිබෙන්නේ ආසාදිතයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ වනතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

තත්ත්වය මෙලෙසින් පාලනය කරගැනීමට හැකිවුයේ තත්ත්වය පිළිබඳව කරුණු කල්තියා අවබෝධ කරගනිමින් දැඩි විනය ක්‍රියාමාර්ග පැනවීම හේතුවෙන් බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා පවසා තිබෙන මාධ්‍ය කිහිපයක ම වාර්තා වී තිබෙනවා දක්නට ලැබුණි. හමුදා නායකයකු වන ජනාධිපති පුටින්ගේ කොරෝනා වෛරසය මැඩලීමේ පිළිවෙත් පිළිබඳව විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන අවධියක පහත සඳහන් පරිදි සටහනක් දක්නට ලැබුණි.

කනේ පහර - Kane Pahara, නම් වූ ෆේස්බුක් පිටුවක සිංහයකු නගරයක සැරිසරන ඡායාරූපයක් සහිත සටහනක ඉංග්‍රීසි බසයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබුණි. “In Russia Containment: Vladmir Putin has dropped 800 Lions and Tigers across the country to push people to stay at home...”

එම ඉංග්‍රීසි සටහනේම අර්ථය ලැබෙන පරිදි සිංහල භාෂාවෙන් ද මෙවැනි කතාවක් ඉදිරිපත් කර තිබුණි. “ඇඳිරි නීති නෑ.. ලෝකඩවුන් නෑ.. මිනිස්සු පාරට එන එක නවත්තන්න රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් පාරට දාලා... ලංකාවේ එහෙම වුනානම්... කොරෝනා හැදිලා නෙවෙයි පාරට දාපු සිංහල බලන්න ගිහින් අපේ උන් මැරෙන්නේ”

LinkArchived Link

ඉහත සටහන ඉතා කෙටි කලකදී ෆේස්බුක් පරිශීලකයන් හත් දාහකටත් අධික ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබූ අතර තවත් ෆේස්බුක් කිහිපයකම එවැනි සටහන් විශාල ප්‍රමාණයෙන් සංසරණය වී තිබෙනු අපට දැකගන්නට ලැබුණි

එවැනි සටහන් අතුරින් සමහර සටහන් හාස්‍යෝත්පාදක කෝණයකින් නිර්මාණය කර තිබුණ ද මේ සඳහා ලැබී ඇති ප්‍රතිචාර පරික්ෂා කිරීමේදී බොහෝ දෙනෙකු රුසියානු ජනාධිපති පුටින් මහතාගේ දැඩි ක්‍රියා පිළිවෙතත් සමඟ මෙය සත්‍ය සිද්ධියක් ලෙස සලකා තිබෙනු ද දැකගන්නට ලැබුණි. මේ අතර තවත් කිහිප දෙනෙකු විසින් මෙම ඡායාරූපය මීට වසර කීපයකට පෙර භාවිතා වූ ඡායාරූපයක් ලෙස ද සඳහන් කර තිබෙනු දැක ගන්නට ලැබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත සටහන පිළිබඳව විමර්ශනය කිරීමේදී මෙය පැය 24 ක කාලය තුල ලොව බොහෝ ප්‍රදේශවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබූ සටහනක් බවට දැකගන්නට ලැබුණි.

එම සටහනේ ඇති ඡායාරූපය google reverse image වීමකට ලක් කළෙමු එහිදී එම ඡායාරූපය 2016 වසරේ සිට අවස්ථාවන් ගණනාවකදී යොදාගෙන තිබූ ඡායාරූපයක් බව පැහැදිලි විය.

එම සෙවුම් ප්‍රතිඵල බොහොමයක් දක්වා තිබුණේ මෙම ඡායාරුපය 2016 වසරේ දී පළ වී තිබූ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ ඡායාරූපයක් වූ මෙය එම දිනවලදී විට ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් කථා බහට ලක් වූ ඡායාරූපයක් බවත් මෙම සිද්ධිය ඇත්ත වශයෙන්ම චිත්‍රපටයක රූගත කිරීමක කොටසක් බවත් ය.

එම සටහන් අතරින් 2016 වසරේ අප්‍රේල් මස Catersnews මඟින් පළ කර තිබූ පහත සටහනේ දක්වා තිබුනේ ජොහැනස්බර්ග් නගරයේ වැසියන් එක් දිනක රාත්‍රියේ සිංහයකු නගර මධ්‍යයේ සැරිසැරීම පිළිබඳව කලබලයට මුලින් කලබලයට පත් වුවද පසුව විමසාබලීමේදී කොලොම්බස් නමැති මෙම සිංහයා අසල පිහිටි සිංහ උද්‍යානයකින් චිත්‍රපටයක රූගත කිරීම සඳහා යොදාගෙන තිබු බව තහවුරු වූ බවයි.

එම පුවතම තවත් වෙබ් අඩවි රැසක ම වාර්තා කර තිබුනේ මෙලෙසිනි

CitybuzzDaily MailThe SunMirror UKNew York Post

https://www.facebook.com/TimesLIVE/videos/10154174844324617/

බ්‍රම්ෆන්ටීන්හි (Braamfontein) කොලොම්බස් නමැති මෙම සිංහයා බොහොමයක් චිත්‍රපට සඳහා යොදාගෙන ඇති අතර පහත දැක්වෙන්නේ මෙම ප්‍රසිද්ධ සිංහයා පිලිබඳ වීඩියෝවකි.

https://youtu.be/rlyXSZjinWo

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා සහ රුසියාව ආශ්‍රිතව පසුගිය දින කිහිපයේදී පළවී තිබූ පුවත් පරික්ෂා කිරීමේදී මෙම සටහන වැනි සටහන් කිහිපයක් මගින් රුසියාවේ coronavirus රෝගීන්ගේ අගය පිළිබඳ ප්‍රශ්න මතු කර තිබූ බව දැකගනන්ට ලැබුණි. නමුත් පුටින් මහතා රුසියාවේ තත්ත්වය පාලනය කොට ඇති බව දිගින් දිගටම අවධාරණය කර තිබු අතර රුසියානු හමුදාව විසින් ඉතාලිය වෙත වෛද්‍ය ආධාර යැවීමේ ක්‍රියා පිළිවෙත් ද ආරම්භ කර ඇති බව මෙසේ දැකගන්නට ලැබුණි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයන් පැහැදිලි වන්නේ “ඇඳිරි නීති නෑ.. ලෝකඩවුන් නෑ.. මිනිස්සු පාරට එන එක නවත්තන්න රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් පාරට දාලා” යනවා පළකර ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය නොමග යවන සුළු සටහන් බවයි. 2016 වසරේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ චිත්‍රපටක රූගත කිරීමකදී සිංහයකු නගර මධ්‍යයේ සැරි සැරූ දර්ශනයක් මේ සඳහා යොදාගෙන තිබේ.

Avatar

Title:2016 වසරේ ඡායාරුපයක් රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් මුදාහරී ලෙස සිදුකල අසත්‍ය ප්‍රකාශයක්

Fact Check By: Sahan Perera

Result: False