කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය කල් යෑම හේතුවෙන් දේශපාලනික මතවාද පසුබිම් කරගත් ව්‍යාජ සටහන්වල සුළු අඩුවීමක් තිබුනද කොරෝනා මර්ධන ක්‍රියාකාරම් පිලිබඳ විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙනු දක්නට ලැබේ. බස්නාහිර පළාත දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමත් සමඟම ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම පිළිබඳව යාන්ත්‍රණයක් දියත් කිරීමේ වැඩපිළිවෙළක් සතොස ඇතුළු වෙළඳ ආයතන සමඟ ක්‍රියාවට නැංවීමට කටයුතු සම්පාදනය කර තිබුණි

එවන් පසුබිමක Neero Neero නමැති ෆේස්බුක් ගිණුමකින් “මහින්ද මාමේ මේ වෙලාවේ පාට කරන්න යන මුදල් වලින් දුප්පත් අපිට තව සහනයක් දුන්නාන්ම් නරකද පොටොස් දැම්මා මදෑ???බලන කොට මේවගේ රටට විනාශය එනකම් ඉන්නේ එයාට නම ප්‍රසිද්ධ කර ගන්න නේද ??? යන සටහන සමඟ ලොරිපෙලක ඡායාරූපක් පහත පරිදි පළකර තිබුණි. ඡායාරූපයට යටින් “අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ස්ටිකර් කරමින් සතොස ලොරි රථ වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදෙන අයුරු” යනුවෙන්ද සඳහන් කර තිබෙනු දැක ගන්නට හැකි විය

LinkArchived LinkLinkArchived Link

එම අරුත් යටතේම Sidath Wijayarathna නැමැත්තෙකු විසින් “කොරොනා මර්ධනය කෙසේ වෙතත් 2/3 හොයන්න වැඩ 69 ලක්ෂයේ බුරුවො ඉන්නවා නේද අවුලක් නැහැ” යන තේමාව යටතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡයරුය රැගත් ලොරි රථ පෙළක් පෙන්වා තිබුණි

“කාලය මැවු වෙනසක් අරුමේ” තේමාවෙන් සේයාරූ දෙකක් සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙනු තවත් එවැනිම සටහනක් ද දක්නට ලැබුණි. “අද” යනුවෙන් නම්කර තිබූ සේයාරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සේයා රුව රැගත් සතොස ආයතනයේ බෙදාහැරීමේ ලොරි සමූහයක් ද “එදා” යනුවෙන් නම්කර තිබූ ඡායාරූපයේ සුවසැරිය ගිලන්රථ සමූහයක් ද දක්නට ලැබුණි. එම සටහන් දෙක පහතින්

Link 1 Archived 1LinkArchived Link

මෙම ව්‍යසන කාලයේ දී අගමැතිතුමාගේ රුව රැගත් බෙදාහැරීමේ ලොරි මඟීන් ආහාර බෙදීමේ කටයුතු සිදුවන බව ව්‍යංගාර්ථයෙන් ඇඟවීමට උත්සාහ කර තිබුණි. ප්‍රතිචාර රැසක් හිමිකර ගත් මෙම තේමාව යටතේ සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීම ආරම්භ වී තිබුණි. සටහනට හිමිවූ ප්‍රතිචාර අතර මෙම ඡායාරූපයේ දක්වා ඇති සතොස ආයතනයේ ලොරි සමූහයේ සේයාරුව පැරණි සේයාරුවක් බවත් මෙය අසත්‍ය සටහනක් බවට බොහෝ ප්‍රතිචාර යෝජනා කර තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් අපි Google Reverse Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Daily Mirror වෙබ් අඩවිය හා සබැඳි 2014 වසරේ පලකිරීම් රැසක් ඇති බවයි. එබැවින් අපි තවදුරටත් එම ඡායාරූපය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරනලදී.

2014 දෙසැම්බර් මස 4 දින “Sathosa lorries carry MR imageසිංහල අර්ථය “ මහින්ද රාජපක්ෂ සේයාරුව සහිත සතොස ලොරි රථ” යන තේමාව යටතේ ඩේලි මිරර්හි පළවූ පුවත් වාර්තාවක මෙම සේයාරුව අන්තර්ගතව තිබෙන අයුරු නිරීක්ෂණය විය.

LinkArchived Link

ඩේලි මිරර් පුවත්පත විසින් ඊයේ දිනයේදී (මාර්තු මස 25) මෙම ඡායාරුපය පිලිබඳ ලැබී තිබු විමසීම් රැසක් හේතුවෙන් පලකරන ලද වියාචන සටහනක් (Disclaimer) අපට නිරීක්ෂණය විය. දැනට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම ඡායාරුපය ව්‍යාජ එකක් බව එහි පළකර තිබුනේ මෙලෙසිනි.

LinkArchived Link

එහි සිංහල අර්ථය පහත දැක්වේ.

“ඇඳිරි නීතිය යටතේ ජනතාවගේ නිවාසවලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඡයාරූපය සහිත සතොස ආයතනයේ ලොරි යොදා ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පින්තූර, 2014 දෙසැම්බර් 4 වන දින ඩේලි මිරර් පුවත්පත සහ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කළ ලිපියක පිටපතකි. සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපි අසත්‍යය. ඩේලි මිරර් 2020 මාර්තු මාසයේදී එවැනි අන්තර්ගතයක් හෝ ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කර නොමැත.”

මහින්ද රාජපක්ෂ තොරතුරු කේන්ද්‍රය ද සිය ෆේස්බුක් පිටුවේ සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන මෙම ප්‍රවෘත්තිය පිළිබඳව පහත සටහන යොදා ඇති බව නිරීක්ෂණය විය.

https://www.facebook.com/mahinda.info/photos/a.1545864368997543/2504454746471829/?type=3&__xts__%5B0%5D=68.ARBFJqk9Pgxw7iXgf8D8bZwwvc332r8-nkAydWCrKDnU7WLipP_k4CBPE8Omzvskng0g3wtp5n0BZq30mcnLSsfAycjMDhU1CV2jfJSLd9Jm5zy11VPF2vaDLlZm6fBBp5zJAYFu1es6yhQOXWjJcYo41IgkWbkqglPj-TRqx6QpctMeg0P8VhKnMOmfxm-ChGDXEOiFVe_XmUqdtfbFhM-meJVFJeqqsz2OkpF1W3uWRjNujr5RXy6hOnHJzLW6pB_CWH5b0w4BGV9M6d-KmQokF2n4q51mHH_csUdxMVlWEfEKn48RulfMJBi2f5TV0RdK-lOf1vTxOSaM9pJ57pQM9jjx&__tn__=-R

මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා පලකල බොහෝ පිරිසක් පසුව එය ඉවත් කරගෙන තිබුණු අතර ඒ පිලිබදව තම කණගාටුව පළකර තිබිණ.

https://twitter.com/sunandadesh/status/1242846425542733824

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැගත් සතොස ආයතනයේ ලොරි රථ ඇඳිරිනීතිය බල පවත්වන ප්‍රදේශවල ආහාර බෙදා හරින බවට පළවන ෆේස්බුක් සටහන් වල ඇති ඡායාරූපය 2014 දෙසැම්බර් මස ඩේලිමිරර් පුවත්පත විසින් පළ කරන ලද වාර්තාවක අන්තර්ගත කර තිබූ ඡායාරූපයක් උපුටා ගැනීමෙන් සකසන ලද්දක් බවය.

එමනිසා ඇඳිරි නීතිය බල පවත්නා ප්‍රදේශවල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත සතොස ආයතනයේ ලොරි ආහාර බෙදන බවට ෆේස්බුක් මාධ්‍ය ජාලය පළවන සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:2014 ඡායාරුපයක් වත්මන් ඇඳිරි නීති කාලයේ ආහාර බෙදීමට යොදාගන්නා සේයාරුවක් ලෙස පෙන්වා දීමක්!

Fact Check By: Sahan Perera

Result: False