
කොරෝනා වෛරස් රෝගය ලංකාව තුල ව්‍යාප්ත වීමත් සමගම එම ආසාදනයෙන් යම් රෝගියකු මිය ගියහොත් ඔහුගේ අවසාන කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ තිබූ ජාත්‍යන්තර නීතියට අනුව ආදාහනය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණයක් ගෙන තිබුණි. එහෙත් මුස්ලිම් භක්තික ආසාදිතයකු මිය ගියහොත් ගැඹුරට වලක් හාරා භූමදානය කිරීමට මුස්ලිම් ආගමික නායකයන් විසින් අවසර ඉල්ලා තිබූ බවට වාර්තා විය
කොරෝනා වෛරස් ආසාදනය හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ මියගිය දෙවන රෝගියා කොච්චිකඩේ ප්‍රදේශයේ පෝරුතොට පදිංචි මුස්ලිම් භක්තිකයෙකු විය. ඔහුද මිය ගිය දින රාත්‍රියේම ආදාහනය කර තිබුණි. “මෙවන් පසුබිමක මව්බිම දරුණු වසංගතයට මුහුණ දෙන අවස්ථාවක එයටද ජාතිවාදය ඇදගනිමින් ජෙප්පෝ සිදුකරන තුච්ඡ බලු දේශපාලනය” තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව මුස්ලිම් ජාතිකයකු කොරෝනා රෝගයෙන් මිය ගිය විට ඔහුව අඩි 6ත් 10ත් වළක දමා භූමිදානය කළ හැකිය. එනමුත් අවුරුදු හැත්තෑ දෙකක් රට පාලනය කළ ජාතිවාදී නායකයින් නිරෝධායන පනත මගින් මෙම ආගමික අවශ්‍යතාවයන් හකුලා ඇත. සහරාන් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් භූමිදානය කළ රටක භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද?”ලෙස ඉදිරිපත් කර ඇති සටහනක ඡායාරූපයක් සහිත සටහනක් සපත්තුවා නමැති ෆේස්බුක් පිටුවක ඉදරිපත්වී තිබෙනු නිරීක්ෂණය විය.

Link | Archived Link |
මෙම සටහන සහිත ෆේස්බුක් පිටු රැසක් නිරීක්ෂණය වූ අතර සෑම සටහනක්ම ෆේස්බුක් පරිශීලනය කරන්නන් සෑහෙන සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම මෙම සටහන් අසත්‍ය බවට හිමි වූ ප්‍රතිචාර රැසකින්ම යෝජනා වී තිබුණු අතර බිමල් රත්නායක මහතාගේ ප්‍රකාශයට විරෝධය පාමින් ද ප්‍රතිචාර සටහන් රැසක් දක්නට ලැබුණි. එබැවින් මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Link1 | Link2 |
Archived Link1 | Archived Link2 |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අළලා පල වන මේ සටහන් පිළිබඳව කරුණු විමසීමට අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ උපුල් රන්ජන් මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. බිමල් රත්නායක මහතාගේ නමින් ඉදිරිපත් වී ඇති මෙම සටහන සංස්කරණය කරන ලද්දක් බව පැවසූ උපුල් රන්ජන් මහතා මේ පිළිබඳව බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා ඇති බව පැවසීය.
බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට අද දින ඉදිරිපත් කර තිබු පහත සටහන නිරීක්ෂණය විය.
“කොරෝනා ව්‍යසනයෙන් රටම විපතට පත්ව සිටින මොහොතක ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා රතු තරුව ලෙස කොරෝනා වසංගතයෙන් රට මුදවා ගැනීම සඳහා දැවැන්ත වැඩකොටසක් ඉටුකරමින් සිටින මොහොතක ඊට එරෙහිව විවිධ පාර්ශව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයන් කරමින් සිටී.
මෙවැනි බොරු ප්‍රචාරයන්වලට නොරැවටෙන ලෙස අපගේ පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිමි
ස්තුතියි
බිමල් රත්නායක”
එම සටහන පහතින්.
Link | Archived |
අනතුරුව අප ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. මෙය සංස්කරණය කොට ඉදිරිපත් කරන ලද සටහනක් බව පැවසූ ඔහු තමන් කිසිදු දිනෙක මෙවැනි ප්‍රකාශයක් නොකළ බවටද අවධාරණය කළේය.
බිමල් රත්නායක මහතා අළලා ඉදිරිපත්වන සටහන්හි ඇති ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් දැයි සෙවීම පිණිස අප Error Level Analysis විශ්ලේෂණයක් කළෙමු. එහි ප්‍රතිඵලය පහත දක්වා ඇත.

මුල් ඡායාරූපයක සෑම අවස්ථාවකදීම සම්පීඩක මට්ටම සමානව තිබිය යුතුය. එහෙත් ඡායාරූපයක් සංස්කරණය කළ විට සංස්කරණය කරන ස්ථානයන්හි දී එහි සම්පීඩක මට්ටම ඉහළ අගයක් පෙන්වයි. එනිසා මෙම ඡායාරූපයේ සංස්කරණය කරන ලද ස්ථානයන්හි (ඔහුගේ ඡායාරුපය ඇතුලත් වී ඇති ප්‍රදේශය සහ Like, Sad, Angry මුහුණු සහිත ප්‍රදේශය) සම්පීඩන මට්ටම වෙනස්වී ඇති බව මැනවින් තහවුරු වේ.
තවදුරටත් බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී මීට පෙරද මෙසේ තමන්ට විරුද්ධව ව්‍යාජ සටහනක් ඉදිරිපත් කළ බවට පළ වූ සටහනක් සහිත ඡායාරූපයක් සහිත සටහනක් අපට මෙසේ දැක ගැනීමට හැකි විය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කිරීමට තමන් විරෝධය දැක්වූවා යයි පළ කරන ලද එම සටහනද ව්‍යාජ පලකිරීමක් බව බිමල් රත්නායක මහතා පෙන්වා දී තිබුනේ මෙලෙසිනි
Link | Archived Link |
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්තු මස 24 වැනිදා පළකර තිබූ COVID19 හේතුවෙන් සිදුවන මරණයක දී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අඩංගු නිවේදනයක් මෙසේ දැක ගැනීමට හැකිවිය.
WHO-COVID-19-lPC_DBMgmt-2020.1-engConclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව මුස්ලිම් ජාතිකයකු කොරෝනා රෝගයෙන් මිය ගිය විට ඔහුව අඩි 6ත් 10ත් වළක දමා භූමිදානය කළ හැකිය. එනමුත් අවුරුදු හැත්තෑ දෙකක් රට පාලනය කළ ජාතිවාදී නායකයින් නිරෝධායන පනත මගින් මෙම ආගමික අවශ්‍යතාවයන් හකුලා ඇත. සහරාන් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් භූමිදානය කළ රටක භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද?”ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුව හරහා ඉදිරිපත්කර තිබෙන ලෙසින් පළකර ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවයි.
එබැවින් එලෙසින් හුවමාරු වන සියළුම සටහන් සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Title:භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද? – බිමල් රත්නායක
Fact Check By: Sahan PereraResult: False

It’s pity that the facebook has become a free space for every user. Membership system should be introduced.