
කොරෝනා වෛරස් ආසාදනයේ කේන්ද්‍රස්ථානය දැන් ඇමරිකාව බවට පත්වී තිබුණද යුරෝපයේ මුලින්ම වෛරස් බලපෑමට ලක්වුයේ ඉතාලියයි. ඉතාලිය තත්වය පිළිබිඹු කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ අන්දමේ ඡායාරුප සහ වීඩියෝ සටහන් ඉදිරිපත් වී තිබු අතර අප සිදු කළ කරුණු විමර්ශනවලදී මෙම සටහන් බොහොමයක් ම අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව තහවුරු විය.
“මෙවන් ඉරණමක් කිසිදු දරුවකුට අත් නොවේවා!!” තේමාවෙන් කුඩා දරුවෙකුගේ සේයාරූ කීපයක් රැගත් සටහනක් New York Lanka නමැති ෆේස්බුක් පිටුවක “මේ ඉතාලියේ පිංචි ළමයාගේ මව මිය ගිහින් කොරෝනා වෛරසය හේතුවෙන්. ඒ පොඩි ළමයා අම්මා කෝ කියලා ඇහුවහම කියලා කියන්නේ අම්මා ඉන්නේ අහසේ කියලා. ඉතින් ඒ පොඩි එකා එලියට ඇවිල්ල අහස බලාගෙන කෑගහනවා අම්මේ කවදද ගෙදර එන්නේ? අම්මේ ඉක්මනින් එන්නකෝ අම්මේ.. අම්මේ.. අම්මේ.. කියල. පොඩි හින්ද තේරෙන්නෑ ආයි අම්මා ගෙදර එන්නෙ නෑ කියලා. මෙවැනි අකල් මරණ තවත් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු!!” ඉදිරිපත් වී තිබුණේය. 900කට අධික ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර මෙම සටහන සංසරණය වී තිබුණේය.

Link | Archived Link |
මින් පෙරද මෙවැනි අනුවේදනීය සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්හිදී ඒවා නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් බවට අනාවරණය වීම නිසා මෙම සටහන පිළිබඳව ද සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහනේ රූපරාමු google reverse image සෙවීමට යොමු කළෙමු. එම දරුවාගේ රූපරාමු ඇතුලත් සටහන් රැසක් අන්තර්ජාලයේ අඩංගුව ඇති බව නිරීක්ෂණය විය. මෙම වාර්තා අතර YouTube චැනලයේ Somos Tecnopoli විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ වීඩියෝ පටය වෙත අපගේ අවධානය යොමු විය. 2020 පෙබරවාරි මස 17 දින මධ්‍යම ඇමරිකාවේ එල් සැල්වදෝර රාජ්‍යය සිදු වූ බස් අනතුරක් පිළිබඳව විස්තර කරන මෙම වීඩියෝ පටයේ අවසාන කොටසේ මෙම දරුවාගේ මව එම අනතුරෙන් මියගිය බව ඉදිරිපත් කර තිබුණි.
තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස එල් සැල්වදෝරයේ සිදුවූ මෙම බස් රිය අනතුර සම්බන්ධයෙන් අප ගූගල් සෙවීමක් කළෙමු. Engnews24th.com පුවත් සේවය වාර්තා කර තිබුණේ එල් සැල්වදෝරයේ අගනුවර වල සැන් සැල්වදෝරය සිට කිලෝ මීටර් 55 ක් ඈතින් පිහිටි Chiltiupan නගරයේදි බෑවුම් සහ වංගු සහිත මාර්ගයක දී බස් රථයක් පෙරළීම නිසා මගීන් එකොළොස් දෙනෙකු මියගොස් ඇති බවය.

Link | Archived Link |
අනතුරුව අප එම වීඩියෝ පටය රූප රාමු වලට වෙන් කරගෙන එම දරුවාගේ රූපය අඩංගු රූපරාමු New York Lanka ෆේස්බුක් පිටුවේ තිබූ දරුවාගේ රූපරාමු හා සංසන්දනය කළ විට එකම රූපරාමු පෙලක් බව සනාථ විය.

සහෝදර ආයතනය Fact Crescendo Malayalam මලයාලි බසින්වු ෆේස්බුක් වීඩියෝ පටය සහිත ෆේස්බුක් සටහන් පිළිබඳව කරන ලද කරුණු විමර්ශනයේදී ද නිගමනය කර තිබුණේ මෙම දරුවා ඉතාලි දරුවකුව සැන් සැල්වදෝරය දරුවකු බවයි.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ New York Lanka ෆේස්බුක් පිටුවේ රූප රාමුවල දක්වා අත්තේ මධ්‍යම ඇමරිකාවේ එල් සැල්වදෝර රාජ්‍යයේ බස් රථ අනතුරක් නිසා මව අහිමි වූ දරුවෙක් මව තාරකාවක සිටින බව සිතා ඇය අමතන සේයාරුවක් විනා කොරෝනා වෛරස් ආසාදනයන් මියගිය මව තාරකාවක ඇතැයි සිතා ඇයට කතා කරන ඉතාලි දරුවකුගේ ඡායාරූපයක් නොවේ. “මෙවන් ඉරණමක් කිසිදු දරුවකුට අත් නොවේවා!!” තේමාවෙන් කුඩා දරුවෙකුගේ සේයාරූ කීපයක් රැගත් සටහනක් New York Lanka නමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු.

Title:එල් සැල්වදෝරයේ සිද්ධියක් ඉතාලියේ කොරෝනා මරණයකට සම්බන්ධ කරමින් සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!
Fact Check By: Sahan PereraResult: False
