2019 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, රජයේ අනවශ්‍ය වියදම් කපා හරින ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන් බව වාර්තා විය. විශේෂයෙන්ම අලුත් වාහන මිලදී නොගෙන දැනට සංචිතයෙහි ඇති වාහන ප්‍රයෝජනයට ගන්නා ලෙසත් එතුමා උපදෙස් දුන් බව පළ විය. කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම නිසා ආර්ථිකය අඩපණ වී ඇති මොහොතක පීඩා විඳින ජනතාවට සහන සැලසීම සඳහා රජය අධික මුදලක් වියදම් කරන බවට වාර්තා පළ විය.

දැවැන්ත මූල්‍ය අර්බුදයක් තිබියදීත් ලක්‍ෂ 3000ක වාහන ගන්න කැබිනට් ඇනුමැතියසිරස්තලයෙන් SL Story News ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සතු ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. පහත කතාංගය එහි අන්තර්ගතව තිබුණි.

රජයේ අමාත්‍යංශ සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර පුවත්පත වාර්තා කරයි. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.

කෙසේ වෙතත් එය බලයට පත් වූ විගස ජනතාව කුල්මත් කිරීම සඳහා කරන ලද හුදු ප්‍රකාශයක් පමණක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

කැබිනට් අනුමැතිය යටතේ මෙම වාහන 28 මිලදී ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්‍ෂ 3000 ක් පමණ වේ.

රජයට මුදල් නොමැති බව පවසමින් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉල්ලා සිටින මොහොතක වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 3000ක් වෙන් කිරීම කොතරම් කාලෝචිතද යන්න දේශපාලකයන් සිතා බැලිය යුතුය.

FB LinkArticle LinkArchived Link

ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් මෙම සටහන පාලනය කරන්නන් 2100 අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදුවකට සාකච්ඡා යන අතරේ ලොක්කන්ට වාහන ගෙන්වීම සඳහා මිලියන 300ක් සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම සාධාරණද යන තේමාවෙන් සුබෝධා වීරසිංහ නමැත්තියෙක් ඉදිරිපත් කර තිබූ සටහනක්ද ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1900ක් අතර හුවමාරු වී තිබුණි.

LinkArchived Link

සහෝදරයා සහෝදරි නමැති ෆේස්බුක් පිටුවකදඅපට පඩිය පරිත්‍යාග කරන්න කියන ගමන්, එයාල වාහන ගන්න සල්ලි වෙන් කරන් කියපන්කොඉදිරිපත්වූ සටහනක්ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.

LinkArchived Link

මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මැයි මස රාජ්‍ය සේවයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටි බවට පලවන වාර්තා පිළිබඳව අප පරීක්ෂා කළෙමු. 2020 මැයි මස7වැනි දින දෙරණ රූපවාහිනි නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය පහත සඳහන් අන්තර්ගතය තිබුණි

“කෝවිඩ්-19 රාජ්‍ය සේවයේ පුරෝගාමී මෙහෙවර යන මාතෘකාවෙන්,පෞද්ගලික අයදීමක යෙදෙන ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර රාජ්‍ය සේවයේ වැටුප් සහ දීමනා සඳහා මාසිකව බිලියන 100ක පමණ මුදලක් අවශ්‍ය බව පෙන්වා දෙමින් එක් මසක වැටුප නොගෙන, එම මුදල වැන්දඹු හා අනත්දරු අරමුදල ගෙවීම් සඳහා යොදවන ලෙස මහා භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා රක්ෂණය වැනි රාජ්‍ය ආයතන රජයේ බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්‍රදානය කළ හොත් අපේ රටේ මැයි මාසයේ වියදම අඩුවී ආදායම වැඩිවීමෙන් සැමවිටම කතාකරන අය වැය පරතරය අඩුකර ගැනීමට හැකිවනු ඇති බවත්, පූර්වාදර්ශයක් ලෙස ඔහු තම මැයි මස වැටුප පරිත්‍යාග කළ බවත් ප්‍රකාශ කර ඇත.”

Ada Derana Lankadeepa

එහි තවදුරත් කරුණු දක්වා තිබුනේ “සියලූ දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි බවත්, මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක් හෝ දිනක වැටුප වශයෙන් මෙම දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපති ලේකම් පි. බී. ජයසුන්දර මහතා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා ඇත.” යනුවෙනි

SL Story News ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඉදිරිපත් කළ ප්‍රවෘත්ති සටහනේ රිවිර web අඩවිය උපුටා දක්වා තිබූ බැවින් අප රිවිර වෙබ් අඩවිය වාහන මිලදී ගැනීම සඳහා ලක්ෂ 3000ක මුදලකට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණේද යන්න පරීක්ෂා කළ බැලුවෙමු. “නාගරික සංවර්ධන අධිකාරියට මිලියන 300කට කුලී වාහන, ජනපති නියෝග අවසන්?” සිරස්තලයෙන් 2020 පෙබරවාරි මස 26 වෙනි දින පළ වූ ප්‍රවෘත්තියක් නිරීක්ෂණය විය.

LinkArchived Web Link

කල් බදු ගෙවීම් ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරියට වාහන විසි අටක් ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 30 ක මුදලක් සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව එම ප්‍රවෘත්තිය දක්වා තිබුණි. මේ පිළිබඳව කිසිදු කැබිනට් දැනුම්දීමක් සිදුකර ඇත්දැයි අප පසුගිය දින කිහිපය තුළ නිකුත් කර ඇති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම් පිළිබඳ පරීක්ෂා කර බැලුවෙමු.

අමාත්‍ය මණ්ඩල තීරණ | කැබිනට් තීරණ මාර්තු 06

නමුත් එබඳු කිසිදු දැනුම්දීමක් අපට දැක ගැනීමට නොහැකි විය. එසේම නිල වාහන භාවිතය පිලිබඳ කරුණු පරීක්ෂා කිරීමේදී මාර්තු මස 19 වන දින පළකර තිබු කැබිනට් මණ්ඩල දැනුම්දීමේ මෙසේ සඳහන් වී තිබෙනුද අපට නිරීක්ෂණය විය.

අමාත්‍ය මණ්ඩල තීරණ 2020.03.19

ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමේ පුවත සම්පූර්ණයෙන්ම ගොතන ලද සාවද්‍ය පුවතක් බව ප්‍රකාශ කරමින් කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබූනේ මෙලෙසිනි.

“පාර්ලිමේන්තු මහා මැතිවරණය 2015 - අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් විසින් සිය පක්ෂය අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීම හා ඒ සම්බන්ධයෙන් මුදලක් රජයට ගෙවීම අවශ්‍යතාවය” යන මැයෙන් එවකට මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අංක 15/1090/613/082 හා 2015.07.14 දිනැති හා 2015.07.22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ පූර්වාදර්ශයක් කර ගනිමින් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2020 මාර්තු 18 වන දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ගරු අග්‍රාමාත්‍යතුමන් නිර්දේශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය, කථානායක, විපක්ෂ නායක, අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අනුයුක්ත කර ඇති නිල වාහන සහ නිල නිවාස තමන්ගේ පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සඳහා හෝ මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් නිල වාහනයකට මතකට රුපියල් ලක්ෂයක් හෝ නිල නිවෙස සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බව වන අතර අමාත්‍ය මණ්ඩලය විසින් එම නිර්දේශය අනුමත කර ඇත

කෙසේ වුවද මැතිවරණය පැවැත්වෙන දිනය කල් දැමූ නිසා මනාප අංක මෙතෙක් නිකුත් කර නොමැති හෙයින් ඉහත තීරණය ක්‍රියාත්මක කල යුතු දිනය පිළිබඳව 2020 මැයි 06 දිනැති අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කරන ලද අතර එහිදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මනාප අංක නිකුත් කිරීමෙන් පසුව පමණක් අදාළ මුදල අග්‍රාමාත්‍යතුමන්ගෙන්, කථානායකතුමන්ගෙන්, විපක්ෂනායකතුමන්ගෙන් සහ අමාත්‍යවරුන්ගෙන් අයකරගත යුතු බවයි. එසේ වුවද හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් ඉහත පහසුකම් භාවිතා කරන්නේ නම් ඔවුන්ගේ අදාළ මුදල මුල් අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක වන 2020 මාර්තු 18 වන දින සිටම බලපැවැත්වෙන පරිදි අයකරගත යුතු බවට තීරණය කර ඇත.”

2020 මැයි මස 6 වැනි දින පැවැත්වු කැබිනට් රැස්වීමේදී වාහන මිලදී ගැනීම සඳහා ලක්ෂ 3000 ක මුදලක් අනුමත වූයේ දැයි අප පරික්ෂා කළද එදින කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එවැනි කිසිදු තීරණයක් පිළිබඳව ප්‍රකාශ නොවිණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 6 වැනි දින පැවැත්වූ කැබිනට් රැස්වීමේදී ගත් තීරණ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

එම නිල නිවේදනය පහතින්.

English PR | Sinhala PR

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කෝටි තිහක් මුදල වැයකර වාහන විසි අටක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවට පළකර ඇති පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් එබඳු වාහන මිලදී ගැනීමක් සඳහා රුපියල් ලක්ෂ 3000ක මුදලක් අනුමත කිරීමක් සිදු වී නොමැති බවත්ය.

එබැවින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇති අවස්ථාවක, වාහන මිලදී ගැනීම සඳහා රජය ලක්ෂ 3000ක  කැබිනට් අනුමැතිය ලබාදුන් බවට පළවන ප්‍රවෘත්ති සාවද්‍ය පුවත් බවට නිගමනය කරමු.

Avatar

Title:ලක්‍ෂ 3000ක වාහන ගන්න කැබිනට් ඇනුමැතියක් ලැබී නොමැත!

Fact Check By: Sahan Perera

Result: False