සුන්දර වෙරළ තීරයක් සහිත දිවයිනක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික විපර්යාසයන් කරණකොටගෙන, අධික ලෙස වෙරළ ඛාදනයට ලක්වූ බව පසුගිය වසර කිහිපය තුලදී වාර්තා විය. කළුතර සිට දෙහිවල දක්වාත්, මීගමුව සහ මාරවිල සිට උඩප්පුව දක්වාත්වු බටහිර වෙරළ තීරයේ ඛාදනයෙහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වගකීම පැවැරී ඇත්තේ පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවටය.

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීමත් සමගම දිවයින ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, රත්මලාන මුහුදු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදෙන් වැලි පොම්ප කරමින් ගල්කිස්ස හෝටලය අසල වෙරළ තීරය පෝෂණය කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මැවෙන්නට පටන් ගත්තේය. බොහෝ පරිසරවේදීන් පවසා සිටියේ නිසි පරිසර අධ්‍යනයකින් තොරව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය නිසා විශාල පරිසර හානියක් ප්‍රදේශයේ ඇතිවන බවය. පසුගිය දිනවල පැවැති රළු මුහුදු තත්ත්වය නිසා ගල්කිස්ස හෝටලය අසල මෙසේ පෝෂණය කළ වෙරළ තීරයෙන් කොටසක් මුහුදට ගසා ගෙන ගිය බවට වාර්තා විය.

මෙවන් පසුබිමක පාඨලීගේ මෙගාපොලිස් වැලිජැටිය ගසා ගෙන ගිය කල ගෝඨාගේ විය තේමාවෙන් ශාමලී දර්ශිකා නමැත්තියක් සේයාරුවක් සහිතව ලපකුමාර ලොජික් නම්වු ෆේස්බුක් සටහනක්, ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

“2017 කැබිනට් පේපර් දානකොට පාඨලී, 2018 සල්ලි ගෙවන කොට පාඨලී, 2020 කෙල උනාම ගෝඨා” යන තෙමවෙන්ද සටහන් රැසක් හුවමාරු වී තිබු අයුරු අපර දැකගැනීමට හැකිවිය

LinkArchivedLinkArchived Link

එම අර්ථයම ගෙනෙන තවත් සටහන් පෙළක් මෙසේ හුවමාරු වී තිබෙනුද දැකගනන්ට ලැබුණි.

LinkArchived

ගල්කිස්ස මුහුදු වෙරල පෝෂණය කිරීම පිළිබඳ වූ මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ෆේස්බුක් සටහන් ගල්කිස්ස වෙරළ පෝෂණය කිරීමේ ව්‍යාපෘතියේ වගකීම පසුගිය යහපාලන රජයේ මහනගර සහ බටහිර පළාත් සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කළ පාඨලී චම්පක රණවක මහතාට යොමු කර තිබු නිසා, එම චෝදනා පිළිබඳව ඔහුගේ ප්‍රතිචාර තහවුරු කර ගැනීම පිණිස ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. “ගල්කිස්ස වෙරළ ගොඩකිරිම අපේ ආණ්ඩුවේ වැඩක්ද?” සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබූ මිනිත්තු නවයක වීඩියෝවක් අපට නිරීක්ෂණය විය. එහි සාරංශයක් පහත ඇත

“ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි. යහපාලන ආණ්ඩුව පැවැති සමයේ පරිසර ස්වභාව සම්පත් සහ මහවැලි අමාත්‍යාංශය යටතේ පැවති මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරි වුයේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාය. අමාත්‍යවරයා වුයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. එම දෙපාර්තමේන්තුව එදා මෙන්ම අදත් පවතින්නේ පාරිසරික අමාත්‍යාංශය යටතේය. මෙම වෙරළ සංවර්ධන ව්‍යාපෘතියට නිශ්චිත කැබිනට් අවසරය ලැබුණේ 2020 ජනවාරි මාසයේ බවත්ය. ඒ රාජපක්ෂ පාලන සමයේය. වෙරළ සංරක්ෂණය යහපත් ව්‍යාපෘතියකි. එහෙත් ඒ සඳහා විධිමත් සක්‍යෂාත් අධ්‍යනයක් මෙන්ම සමාජ අධ්‍යයනයක් කර විද්‍යාත්මක ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. කලබලයෙන්, කඩිමුඩියෙන්, සිඝ්‍රයෙන් කිරීමට තැත් කරන ව්‍යාපෘතීන්හි අවසානය ගල්කිස්ස සෝදාපාළුව වැනිය. වරායනගර ව්‍යාපෘතියටද මේ ඉරණම අත්වීමට ගියද, යහපාලන ආණ්ඩුව යටතේ විධිමත් සක්‍යෂාත් අධ්‍යනයක් මෙන්ම සමාජ අධ්‍යයනයක් කර විධිමත් ඉංජිනේරු ක්‍රියාදාමයක් යටතේ ආරම්භ කල නිසා එය සාර්ථක බවය. මෙම ව්‍යාපෘතිය වගකීම කිසිවිටකත් මහනගර සහ බටහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පිට පැටවිය නොහැකිය. මෙම වෙරළ තීරය සංවර්ධනය පිණිස මහනගර සහ බටහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය ඉංජිනේරුමය සක්‍යෂාත් අධ්‍යනයක් මෙන්ම ඉංජිනේරුමය අධ්‍යනයක් සිදු කළත්, එය ක්‍රියාත්මක නොකල බවත්, අනාගතයේදි එය ක්‍රියාත්මකවේ යයි අපේක්ෂා කරන බවය”

https://www.facebook.com/PataliChampika/videos/181346116571354/

Link

මෙම ව්‍යාපෘතිය පිළිබඳව පාඨලී චම්පක රණවක මහතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කරුණු සොයා ගැනීමට අප වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ‍ෙමු. 2020 පෙබරවාරි මස 29 දින මුහුදට බිලි වූ සුන්දර කලුතර කැලිඩෝ වෙරළ තීරය යලිත් පොදු මහජනයාගේ වින්දනයට වෙරළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී තේමාවෙන් ඉදිරිපත් කර තිබු සටහනෙහිවු සේයාරුව අනුව කළුතර කැලිඩෝ වෙරළ තීරයෙහි කිලෝමීටරයක් සහ ගල්කිස්ස සිට අඟුලාන දක්වාවු කිලෝමීටර 4ක වෙරළ තීරය වැලි ඝන මීටර 800,000 කින් පෝෂණය කිරීමට ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 889ක බවත්, ව්‍යාපෘති කාලය මාස 3ක බවත් කොන්ත්‍රාත්කරු ඩෙන්මාර්කයේ Rothe Nelson සමාගම බවත් දක්වා තිබිණි.

LinkArchived Link

එසේම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවේද දක්වා තිබුණේ එම දෙපාර්තමේන්තුව අයත් වන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ වන අතර පසුගිය පාලන සමයේ එය පාඨලී චම්පක රණවක මහතා යටතේ පැවති අමාත්‍යංශයක් නොවීය.

Link

තවද ඉහත ව්‍යාපෘතිය කුමණ අමාත්‍යාංශයක් යටතේ සැලසුම් කර ක්‍රියාත්මක කළේද යන්න තහවුරු කර ගැනීමට අප තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේඛණාගාරයේ අමාත්‍යාංශ තීරණ අංශය පිරික්සුවෙමු. 2018.08.28 දින පැවැත්වු ඇමති මණ්ඩල රැස්වීමේදි පහත තීරණය ගෙන තිබුණි.

01. ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීම

දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව, යාන්ත්‍රික වැලි පෝෂණ විධික්‍රමය භාවිතා කරමින් ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සහ මෑතදී ඇති වූ ගංවතුර නිසා ඛාදනයට ලක් වූ කළු ගං මුව දොරෙහි වැලි වැටිය නැවත ස්ථායි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LinkArchived Link

එසේම 2020 ජනවාරි මස 08 දින පැවැත්වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි පහත තීරණය ගෙන තිබුණී.

ගැඹුරු මුහුදේ වැලි කැණීම මගින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා සහ කළුතර කැලිඩෝ වෙරළ තීරය වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය.

කොල්ලුපිටිය සහ මොරටුව අතර පිහිටි අඟුලාන වෙරළ තීරය ඉතා අධික ජනගහණයක් ඇති වෙරළ තීරයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශය අධික ලෙස ඛාදනයට ලක්වීම හේතුවෙන් බොහෝ ස්ථානවල ආරක්ෂිත ගල්වැටි යෙදීම නිසා වෙරළ තීරය අහිමි වී ඇත. මේ වන විට කළුතර කළු ගං මුවදොර ආසන්න වූ කිලෝ මීටර් 2ක පමණ වැලිවැටිය සම්පූර්ණයෙන්ම ඛාදනය වී ඇති අතර සුප්‍රසිද්ධ කැලිඩෝ වෙරළ තීරයද ඉතා දරුණු ලෙස වෙරළ ඛාදනයට ලක් වී ඇත. එබැවින්, අඟුලාන සිට ගල්කිස්ස දක්වා වූ කිලෝමීටර් හතරක්ද, කළුතර කැලිඩෝ වෙරළ තීරයෙහි කිලෝමීටර් දෙකක්ද ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස ගැඹුරු මුහුදෙහි වැලි කැණීම් කර වෙරළ පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කර ඇත. ඒ අනුව මෙම වෙරළ ප්‍රතිපෝෂණය කිරීමේ ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s Rhode Nielsen A/s වෙත යුරෝ මිලියන 4.40 මුදලකට පිරිනැමීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය තුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

LinkArchived Link

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ජෙනරාල් ධුරය හොබවයි. ඔහු එම තනතුරට පත්ව ඇත්තේ 2015 වසරේ අප්‍රේල් මාසයේදීය.

LinkArchived Link

මෙම ව්‍යාපෘතිය පිළිබඳව එල්ල වී ඇති චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසන්නේ ගල්කිස්ස වෙරළ සෝදා පාළුවීම ඔවුන්ගේ සැලසුම අනුව ම ක්‍රියාත්මක වන බව ය. රු මිලියන 890 ක (යුරෝ මිලියන 4.40) ව්‍යාපෘතිය, ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සදහා පමණක් නොව, කළුතර කැලිඩෝ වෙරළ සහ රත්මලාන හි අඟුලාන වෙරළ පෝෂණය කිරීමට ද සමස්ථ පිරිවැය බවය. ගල්කිස්ස වෙරළ පෝෂණය කිරීම සඳහා වැලි ඝන මීටර් 150,000 ක් අවශ්‍යවු අතර ගල්කිස්ස ව්‍යාපෘතිය සඳහා වැය කර ඇත්තේ ආසන්නන වශයෙන් මිලියන 110 ක් පමණ බවද අපට දැනගන්නට ලැබුණි. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා තවදුරටත් මවස සිටියේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් භාවිතා කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ලබාගෙන ඇත්තේ රත්මලාන සිට කිලෝමීටර් 2 - 6 ක් පමණ දුරින් මුහුදේ පිහිටි වැලි නිධියකින් බවත්ය. ව්‍යාපෘතිය කෙටි කාලයක් තුළ , ඇඳිරි නීති තත්වය යටතේද අවසන් කිරීමට හේතු ද දක්වා තිබෙනුද අපට දැකගන්නට ලැබුණි.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ එහි වෙරළ සංවර්ධන ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක යන මහතුන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඉහත කරුණු දැක්වූ මාධ්‍ය සාකච්ඡාවේ කොටස් පහතින්.

https://www.facebook.com/DepartmentOfGovernmentInformation/videos/554592525251342/

https://www.facebook.com/DepartmentOfGovernmentInformation/videos/180523136679549/

මේ පිලිබඳ රජයේ නිල කරැණු දැනුම්දීම මෙසේය.

කෙසේවෙතත් මෙම ප්‍රකාශවලට පාදක වී ඇති වෙනත් කිසියම් කරුණක් ඇත්දැයි පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ 2018 ජනවාරි මාසයේදී ඉහත වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය සිදුකළ M/s Rhode Nielsen A/s සමාගමටම කෙරවලපිටිය, මුතුරාජවෙල ප්‍රදේශයේ, ගොඩ කිරීම් සඳහා සහ මුහුදු වැලි සංචිත රැස් කිරීම සඳහා අක්වෙරළ වැලි කැණීම සහ පොම්ප කිරීම යන වෙනත් ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම පිණිස එවකට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවයි. එයට අදාල අමාත්‍ය මණ්ඩල තීරණය (2018.01.09) පහතින්.

LinkArchivedEconomynext

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දකුණු කොළඹ සහ කැලිඩෝ වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත්තේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව බවය. එම දෙපාර්තමේන්තුව එවකට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පැවති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් 2018.08.28 දින පැවැත්වු ඇමති මණ්ඩල රැස්වීමේදි අනුමත කර ඇත.

එසේම 2020 ජනවාරි මස 08 දින වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩල රැස්වීමේදි මෙම වෙරළ ප්‍රතිපෝෂණය කිරීමේ ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s Rhode Nielsen A/s වෙත යුරෝ මිලියන 4.40 මුදලකට පිරිනැමීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය තුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. එමෙන්ම සමස්ත ව්‍යාපෘතිය කොටස් තුනක් යටතේ (කළුතර කැලිඩෝ, අඟුලාන වෙරළ සහ ගල්කිස්ස වෙරළ) ක්‍රියාත්මක වූ අතර සම්පුර්ණ පිරිවැය රුපියල් මිලියන 890 ක් වූ අතර ඉන් ගල්කිස්ස වෙරළ ව්‍යාපෘතිය සඳහා වැය කර ඇත්තේ ආසන්නන වශයෙන් මිලියන 110ක පුදලක් පමණි. මෙම ව්‍යාපෘතිය පාඨලී චම්පක රණවක හිටපු ඇමතිතුමා යටතේ පැවති මහ නගර සහ බටහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයට අයත් නොවන බවද තහවුරු විය.

ඒ අනුව කැලිඩෝ වෙරළ තීරය සහ දකුණු කොළඹ වෙරළ තීරය ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය, සැලසුම් කර ඇත්තේ හිටපු ඇමති පාඨලී චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ මහනගර සංවර්ධන සහ බටහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය බවට සහ ගල්කිස්ස වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතියට වැයවූ මුදල රුපියල් මිලියන අටසිය අනූවක් බවට පලවන සියලුම ෆේස්බුක් සටහන් නොමන්ගයවන සුළු සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු .

Avatar

Title:ගල්කිස්ස වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය හිටපු ඇමති පාඨලී යටතේ සිදුවූ බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False