
දැනට වසර හැටකටත් පෙර වාලච්චේන නගරයේ ඉදිවූ කඩදාසි කර්මාන්ත ශාලාව, එවකට දේශීය කඩදාසි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයකට දායක විය. කෙසේ නමුත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙලඳපලට පැමිනීමත්, කඩදාසි සඳහා ආනයනික බදු මිල වැඩි වීමත් නිසා, 1994 න් පසුව කඩදාසි කම්හලේ නිශ්පාදන නැවතී තිබුනි. කඩදාසි නිෂ්පාදනය අඩාල වී තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන කටයුතු පසුගිය සති කිහිපයේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය යටතේ යළි ආරම්භ කෙරුනා.
සමාජ මාධ්‍ය සටහන්
නැවත වාලච්චේන කඩදාසි කම්හල විවෘත කිරීමත් සමගම දේශපාලන වශයෙන් ද මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබු සටහනකින් කියවුනේ “රාජපක්ෂලා පාඩු ලබන කඩදාසි කම්හලට නැවත පණ දෙන්නේ හොරා කන්න” යනුවෙන්, වසන්ත සමරසිංහ පැවසු බවක්.
සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහන් කිහිපයක් පහතින්.
![]() | ![]() |
Facebook Link | Archived Link Facebook Link | Archived Link
විශාල පිරිසක් මෙම සටහන සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගෙන තිබුනා. මෙහි සත්‍යතාවය සොයා බැලීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
පලවන පුවත සම්බන්ධයෙන් අපි ප්‍රධාන ධාරාවේ පුවත් හරහා නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර තිබෙනු දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
වසන්ත සමරසිංහ මහතාගෙන් අප මේ පිළිබඳව විමසු විට ඔහු ප්‍රකාශ කලේ මෙවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි. වැරදි ලෙසට සංස්කරණය කරමින්, පුවත්පතක අනුරුවක් යොදාගනිමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති මේ පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් ඔහු තවදුරටත් තහවුරු කර සිටියා.
ඔහුගේ නිල ෆෙස්බුක් ගිණුමේද මෙම පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ප්‍රකාශ කරමින් සටහනක් එකතු කර ඇත්තේ පහත අයුරින්. Link | Archived

ව්‍යාජ සංස්කරණයක්
මෙවැනි ස්වරූපයකින් සිරස්තල පළකිරීම සාමාන්‍යයෙන් මවිබිම පුවත්පත යොදාගන්නා බැවින් පසුගිය දින කිහිපයේදී එම පුවත්පතේ මෙවැනි ස්වරුපයකින් කිසිඳු හෝ පුවතක් පළවී තිබුණේදැයි පරීක්ෂා කළෙමු.
2020 ජූනි පලමුවැනිදා පලවූ මව්බිම පුවත්පතේ මුල් පිටුවේ වසන්ත සමරසිංහ මහතා සිදු කල වෙනත් ප්‍රකාශයක් සහිත පුවතක් දකින්නට ලැබුනා. එහි දක්වා තිබුනේ “රැකියා අහිමි වුවන් වෙනුවෙන් හෙට සිට රට පුරා උද්ඝෝෂණ කරනවා” යනුවෙනි. Mawbima Page 01 (June 01st)

“රැකියා අහිමි වූවන්ට ජීවත්වීම සඳහා සාධාරණ මුදලක් ලබාදෙන්න..” යනුවෙන් පුවත් වාර්තා වසන්ත සමරසිංහ මහතා විසින් මීට පෙරද ලබාදී තිබු බවද දැකගන්නට ලැබුණා. Link
එකම ඡායාරුපයක් යොදාගෙන තිබු බැවින් බොහෝදුරට මෙම පුවත යොදාගනිමින් ඉහත සාවද්‍ය ප්‍රකාශය සිදුකර ඇතැයි අනුමාන කල හැක.

Conclusion: (අවසාන නිගමනය)
මේ අනුව සලකා බලන කල “රාජපක්ශලා පාඩු ලබන කඩදාසි කම්හලට නැවත පණ දෙන්නේ හොරා කන්න” ලෙසින් වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කලේ යැයි පුවත් පත් වාර්තාවක් ඇසුරෙන් සමාජ මාධ්‍ය වෙත එකතු කර ඇති සටහන, සංස්කරණය කරන ලද සටහනක් බවයි.
Title:වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම ගැන වසන්ත සමරසිංහ සිදුකලා ප්‍රකාශයක් ද?
Fact Check By: Factcrescendo TeamResult: False




