
ලංකාවේ විවිධ ආයතන මගින් කලින් කලට නොයෙකුත් ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර තම සේවා පාරිභෝගිකයින් වෙත ඇතැම් තරඟ අනුසාරයෙන් ඔවුන් සතු සේවා හා භාන්ඩ බෙදා හැරීම සිදු කරන බව අපට දැකගන්නට පුලුවන්. ඒ අතර පසුගිය දිනෙක Apple.com නමින් ඇති ෆේස්බුක් පේජයක් හරහා ඇපල් ජංගම දුරකතනයක් ලබා ගැනිමට යම් ක්‍රමවේදයක් පල කර තිබුනා.
එහි සඳහන් ආකාරයට ඇපල් ආයතනයට වසර 44ක් පිරීම නිමිත්තෙන් දුරකතන 25ක් තෑගි ලෙසට බෙදා හැරීමට තීරණය කර ඇති බවක් දක්වා තිබුනා. ඇපල් නිෂ්පාදන ප්‍රවර්දනය වෙනුවෙන් ඇපල් සමාගම විසින් ආර්ම්භ කල ෆේස්බුක් පිටුවක් ලෙස ඔවුන් මෙම පේජය හඳුන්වා දීමට කටයුතු කර තිබුනා
මෙසේ ඇපල් ජංගම දුරකතනයක් ලබා ගැනීම වෙනුවෙන් කල යුතු ක්‍රියා පිලිවෙල ඔවුන් දක්වා තිබුනේ පහත පරිදියි.”මෙම පේජ් එක ලයික් කර ඔබ දැනට සම්බන්ධ වී ඇති ගෘප් 10කට මෙම තොරතුරු බෙදාහරින්න,අප නව YouTube චැනලය Subscribe කර තිබීම අනිවාර්‍යය වේ. පළමු ජයග්‍රාහකයා 09_07_2020 දින ප්‍රකාශ කෙරේ. වැඩිම ශෙයාර් වලින් අහබු ලෙසින් තෝරාගැනේ. [Page එකටLike කර තිබීම හා අප නවYouTube චැනලය Subscribe කර තිබීම අනිවාර්‍යය වේ.]”

මෙම සටහන පන්දහසකටත් වැඩි දෙනෙකු අතර හුවමාරු වී තිබු අතර බොහෝ ය මෙය ව්‍යාජ සටහනක් බව හඳුනාගෙන තිබුනා. මෙය සත්‍ය බව පෙන්වීමට ඇපල් දුරකතනයක් ලැබුණු අයෙකු සමඟ පැවැත්වූ සංවාදයක ඡායාරුපයක් ද මෙහි ඇතුල්කර තිබුණු බැවින් බොහෝ පරිශීලකයින් මෙය හුවමාරු අකර ගෙන තිබු බව පෙනී ගියා.
Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)
මෙම කරුනේ සත්‍යතාවය සෙවීම සඳහා අප ඇපල් ආයතනයේ වෙබ් පිටුව වෙත යොමු උනා.එහි පුවත් කොටසේ මේ හා සම්බන්ධ යම් පුවතක් ඇත්දැයි අප පරීක්ශා කල අතර ඒ හා සම්බන්ධ කිසිඳු පුවතක් එහි සටහන්ව තිබුනේ නෑ.
ඇපල් සමාගමට දැනට වසර 44ක් වන කරුන සත්‍ය නමුත් එම ආයතනය ඇරඹි දිනය ලෙස හඳුන්වා දී ඇත්තේ 1976 අප්‍රියෙල් මස පලවන දිනයේ.එසේ බලන කල ඔවුන්ගේ 44 වන වර්ෂපූරනය සිදුව දැනට මාස තුනක් පමන ගතවී තිබෙනවා.ඇපල් aaaආයතනය පිලිබඳ තොරතුරු ඇතුලත් විකිපීඩියා පිටුව Link
ඇපල් ජංගම දුරකතන වෙලඳාම් කිරීමේ නියුතු ඇපල් වෙබ් අඩවියේ නම් සටහන් ශ්‍රී ලාංකික නියෝජිත ආයතන සම්බන්දයෙන් ද මෙම කරුන පිලිබඳ සොයා බැලුවද අපට ඔවුන් වෙත මෙබඳු කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් දන්වා නොමැති බවත් මීට පෙර කිසිඳු අවස්ථාවක ලංකාවේ එබඳු ප්‍රවර්ධන කටයුතු ඇපල් ආයතනය මඟින් සිදුකර නැති බවත් වාර්තා විය.
එසේම ඇපල් ආයතනය කිසිම විටෙක ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවල මෙබඳු ප්‍රවර්ධන කටයුත්තක් පිලිබඳව සටහන් කර නැත. මේ පිළිබඳව අප නිල ඇපල් ආයතනයෙන් Email පණිවුඩයක් යවා විස්තර විමසීමේදී ඔවුන් පවසා සිටියේද මෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් මෙබඳු සාවද්‍ය සටහන් නිරන්තරයෙන් පලවන බවත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින බවයි.

එමෙන්ම Apple.com නමින් ෆේස්බුක් පිටුවේ මෙම පෝස්‍ටුවට අදාලව ඇපල් ජංගම දුරකතනයක් ලබා ගැනීමට යම් අයෙකු සබ්ස්ක්‍රයිබ් කිරීමට යැයි සටහන් තබා ඇති යූටූබ් චැනලයද ව්‍යාජ එකක් බවයි පෙනී ගියා.ඇපල් සමාගම වෙනුවෙන් එක් නිල චැනලයක් පවතින අතර වෙනත් කිසිඳු යූටූබ් නාලිකාවක් ඔවුන් පවත්වාගෙන යන්නේ නෑ.
එසේම මෙම ෆේස්බුක් පිටුවේ ජයග්‍රාහකයින් ලබාගත්තා යයි පෙන්වා තිබු ඡායාරුප ද මෙවැනි අන්තර්ජාලයෙන් ලබාගෙන තිබු ඡායාරූප බව පෙනී ගියා.
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව සලකා බලන කල Apple.com නමින් ෆේස්බුක් පිටුවක ප්‍රවර්ධන කටයුත්තක් බව හඟවමින් ඇපල් ආයතනයට වසර 44ක් පිරීම නිමිත්තෙන් iPhone11 ජංගම දුරකතන 25ක් විසින් බෙදා දෙන බවට ඇති පෝස්‍ටුව ව්‍යාජ, පාඨකයා නොමග යවන එකක් බව පැවසිය හැකියි.බොහෝවිට ෆේස්බුක් පිටුවක් වෙත ලයික් ලබා ගැනීමේ අරමුනින් මෙන්ම යූටූබ් නාලිකාවට සබ්ස්ක්‍රයිබ්ස් වැඩි කර ගැනීමේ අරමුනෙන් වැරදි ලෙස මිනිසුන් මුලා කරන ආකාරයට මෙසේ පල කර ඇති බව අපට සනාත කල හැකිරි.

Title:ඇපල් ජංගම දුරකතන ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් ව්‍යාජ සටහනක්
Fact Check By: Sahan PereraResult: False
