
අතුරලියේ රතන හිමියන්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වැනි දිවයිනේ ප්‍රසිද්ධ භික්ශූන් වහන්සේලා මුල්වී පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජන බලවේගය පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දූරයක් ලබාගැනීමට සමත්විය. කෙසේ නමුත් මෙසේ ලැබුණු දූරය කා හට ලබා දෙන්නේද යන්න පිලිබඳ එම පක්ශයේ මත ගැටුමක් ඇති බවට මාධ්‍ය වාර්තා විය.
මෙවන් පසුබිමක “රනත හිමි සහ ඥානසාර හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරටය ගැටෙති” යන සිරස්තලයෙන් ඉස්කුරුප්පු ඇණේ නම් ෆේස්බුක් පිටුවක් විසින් වීඩියෝවක් පලකර තිබුනා.
Original Link | Archived Link |
භික්ශූ පිරිසක් යම් කිසි ගැටුමක නිරත වන අයුරක් එම වීඩියෝ පටයේ පෙනෙන්නට ඇති අතර මෙම වීඩියෝව විශාල පිරිසක් හුවමාරු කරගෙන තිබුනා.ලක්ශයකට අදික පිරිසක් මෙම වීඩියෝව නරඹා තිබූ අතර මෙම ගැටුමට අදාල හේතුව ජාතික ලයිස්තුවට ඇතිවූ ගැටුමක් නොවන බව බොහෝ පිරිස් ප්‍රතිචාර ලබා දෙමින් පවසා තිබුණු බැවින් මේ පිලිබඳව අප සොයා බැලීමට කටයුතු කලා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම කරුණ පිලිබඳව සත්‍ය තොරතුරු සොයා බැලිමේදී එම සිදුවීම ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය බෙදා ගැනීම වෙනුවෙන් සිදුවූවක් නොවන බවට අප අනාවරනය කර ගත්තා. මෙම සිදුවීම සිදුව ඇත්තේ අස්ගිරිය මහා විහාර භූමියේම පිහිටි වැල්ලව විහාරස්ථානය අසල බව අපට දැනගනන්ට ලැබුනා.
එසේම මෙම සිද්ධිය ඇතුලත් වීඩියෝ පටයක් අගෝස්තු මස මුල (එනම් මහ මැතිවරණය පැවැත්වීමට පෙර) පලවී තිබෙනු දැක ගැනීමට හැකි වුනා. මේ එසේ අගෝස්තු මස 1 වැනිදා පළව තිබු එක් වීඩියෝවක්. එම වීඩියෝවේ ඉහත “රනත හිමි සහ ඥානසාර හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරටය ගැටෙති” යනුවෙන් සඳහන් කොටස ද ඇතුලත් බව අපට දැකගන්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙහි පොලිස් නිලධාරීන් ද දැකගනන්ට ලැබෙන බැවින් ඉහත වීඩියෝවේ දැක්වෙන සිද්ධිය පිලිබඳ තොරතුරු දැන ගැනීම පිණිස අප නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමා වෙත එම වීඩියෝව යොමු කළෙමු.
එතුමා අප වෙත පවසා සිටියේද මෙම සිදුවීම මහ මැතිවරණයට දින කිහිපයකට පෙර සිදුවූ සිද්ධියක් වන අතර අපේ ජන බලවේගය විමලතිස්ස ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේ නායක ස්වාමීන් වශයෙන් වැඩ කටයුතු කළ වැල්ලව විහාරස්ථානය මුල් කරගනිමින් සිදුවූ සිද්ධියක් බවයි. පන්සලේ සිදුවූ විවිධ නොමනා ක්‍රියාකලාපයන් හේතු කොටගෙන අස්ගිරි මහා විහාරයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙතද දැනුම්දීමෙන් පසුව භාරකාර ස්වාමීන් වහන්සේගේ නමක් එම පන්සලට අනුයුක්ත කිරීමේ පුවත සැලවීමත් සමඟම, එම තීරණයට විරුද්ධත්වය පාමින් විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ පාර්ශවයේ පිරිසක් පන්සලට පැමිණ ආරවුලක් ඇතිකළ අවස්ථාවක එම සිද්ධිය 119 හරහා පොලිසියට දැනුම් දී තිබු බවත් ඉන් අනතුරුව එයට මුල්වී තත්ත්ව සමථයකට පත්කළ බවත් අපට එතුමා විස්තර කළා.
එසේම මෙම වීඩියෝ පටයෙන් දැක්වෙන කරුන පිලිබඳව අප අපේ ජන බලවේගය පක්ශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල ආනන්ද සාගර හිමියන්ගෙන් ද විමසීමක් කලා. අපේ ජන බලවේගය පක්ශයේ ජාතික ලයිස්තුව සම්බන්ධ ආරවුලක් සම්බන්ධ දර්ශන පෙළක් නොවන බව ආනන්ද සාගාර හිමියන් ද අපට අවධාරණය කර සිටියා.
ඉහත කරුනු අනුව අපට පැහැදිලි වන්නේ මෙම සිදුවීම රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ඇතිවූ ගැටුමක් නොවන බවයි
Conclusion (නිගමනය)
මේ අනුව සලකා බැලීමේදී තහවුරු වන්නේ “රනත හිමි සහ ඥානසාර හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරටය ගැටෙති” යන සිරස්තලයෙන් ඉස්කුරුප්පු ඇණේ නම් ෆේස්බුක් පිටුවේ පළවූ වීඩියෝව අපේ ජන බල පක්ශයේ ජාතික ලයිස්තු ධුරය වෙනුවෙන් ඇතිවූ ගැටුමක් නොවන බවයි. අස්ගිරිය විහාර භූමියේම පිහිටි වැල්ලව විහාරය මුල්කරගනිමින් ඇතිවූ සිද්ධියකට අදාළ දර්ශන පෙළකි.

Title:අපේ ජන බල පක්ශයේ ජාතික ලයිස්තු ධුරය වෙනුවෙන් ඇතිවූ ගැටුමක් යනුවෙන් හුවමාරු වූ වීඩියෝවක්!
Fact Check By: Sahan PereraResult: False
