
බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.
කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද එක රෝගී තත්වය පහව යෑමට සිදුකරන විවිධ පුද පුජා පිලිබඳ පුවත් දැකගන්නට ලැබුණි. එම තේමාව යටතේම “ඉන්දියාවේ හින්දු පුජකවරු කොරෝනා වැළඳුනු දෙවිවරුන්ට ප්‍රතිකාර කරමින්” යන තේමාව යටතේ උපහාසාත්මක කෝණයකින් පලවී තිබු පුජකවරුන් ලෙස පෙනෙන පිරිසක් දේව ප්‍රතිමාවන් සමඟ සිටින ඡායාරුපයක් පසුගිය දින කිහියපයෙදී බොහෝ වශයෙන් හුවමාරු වී තිබුණි.

Link | Archived Link |
මේ එසේ හුවමාරු වූ තවත් සටහන් පෙළකි

එම සිද්ධිය ඉන්දියාවේ දේව භක්තියෙන් කොරෝනා රෝගය ආශ්‍රිත පුද පූජාවක් බව මෙයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු උපහාසාත්මක කෝණයකින් සටහන් කර තිබෙනු දැකගන්නට ලැබුණද ඇත්ත වශයෙන්ම මෙම සිද්ධිය ඉන්දියාවේ කොරෝනා රෝගය ආශ්‍රිතව පසුගියදා සිදුවූ පූජාවක් ද යන්න පිළිබඳව අප කෙටි විමර්ශනයක් සිදුකළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳ විමර්ශනය කිරීමේ දී අපට පෙනී ගියේ මෙම ඡායාරූපයට අදාළ සිද්ධිය ඉන්දියාවේදී ලබාගත් ඡායාරූපයක් නොවන අතර කොරෝනා රෝගී තත්ත්වය ඉස්මතු වීමට පෙර, එනම් පසුගිය වසරේ ජූලි මාසයේ පමණ රුසියාවේ දේවස්ථානයක ලබාගත් දර්ශන පෙළක් බවයි
Google Reverse Image සෙවුමකට යොමුකිරීමෙන් අපට මෙම අවස්ථාවට අදාළ ඡායාරුප පෙළක් මෙන්ම වීඩියෝවක් පෙළක් ද සොයා ගැනීමට හැකි විය. පහත දක්වා ඇති 2019 වසරේ ජුලි මස පළකර ඇති එම වීඩියෝවේ දක්වා තිබුනේ “Панча Татва! ХАРЕ КРИШНА!” (Pancha Tatva! HARE KRISHNA!) නොහොත් ශ්‍රී පංචටට්ව නමැති පුජාවකට සහභාගී වන රුසියානු බැතිමතුන් දේව පිළිම වන්දනා කරන ආකාරයකි
මෙවැනි සටහන් රැසක් මුලින්ම ඉන්දියාවේ හුවමාරු වූ අතර අප මව් ආයතනය විසින් භාෂා රැසකින් (දමිල, මලයාලම්, මරාටි ආදී) මේ පිලිබඳ විමර්ශන පසුගිය දින කිහිපයේදීම සිදුකරන ලද අතර එහිදී මෙය රුසියානු නගරයක් වන ඔම්ස්ක්හි හින්දු කෝවිලක දෙවිවරුන්ගේ ප්‍රතිමා මුල් වරට දර්ශනය කර දේවාලයේ ස්ථාපිත කිරීමට පෙර සිදුකල පුද පුජාවක් බව සොයාගෙන තිබුණි.
දේව රූප විහාරස්ථානයේ ස්ථාපිත කිරීමට පෙර සිදුකෙරෙන ශ්‍රී පංචටට්ව නමැති පුජාවේ එක් අංගයක් වශයෙන් මෙසේ දේව රුප ඇඳක තබා වන්දනා කිරීම සිදුවන බව මෙම වෙබ් අඩවියේ සඳහන් කර තිබුනා.

මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් සිදුකල කරුණු අනාවරණයක් මෙලෙසින් . එසේම ශ්‍රී පංචටට්ව පුජාවේ එක් වරක් පමණක් දැකිය හැකි දර්ශනයක් යන තේමාව යටතේ පළකර තිබු එම අවස්ථාවේම ලබාගත් ඡායාරුපයක් මීට වසරකට පෙර පළකර තිබුනේ මෙලෙසින්
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ඉන්දියාවේ හින්දු පුජකවරු කොරෝනා වැළඳුනු දෙවිවරුන්ට ප්‍රතිකාර කරමින්” යන තේමාව යටතේ පළව තිබු සටහනට අදාළ සිද්ධිය ඇත්ත වශයෙන්ම කොරෝනා වසංගතය ඉස්මතු වීමට මත්තෙන් එනම් 2019 වසරේ ජුලි මස රුසියාවේ දේවස්ථානයක සිදුවූ දේව පුජාවකට අදාළ ඡායාරුපයක් බවයි.

Title:මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!
Fact Check By: Sahan PereraResult: False
