කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් දිවයින පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ පිළිබඳව නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබුණා. මින් සමහර සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි.

කොළඹ නගරය තුල සිදුකළ අහඹු පරීක්ෂණ වලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු බවට ඉදිරිපත්වු ෆේස්බුක් සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඇතැම් සටහන් එම පරීක්ෂණ කාලයන් පිලිබඳ විස්තර ලබා නොදෙමින් නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර තිබු සටහන් බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

ColobmoToday නම් වෙබ් අඩවියක් “අහඹු පරික්ෂාවකින් කොළඹ කොරෝනා ආසාදිතයින් 937ක්” යන තේමාව යටතේ පළකර තිබු පුවතක පහත කතාංගය ඉදිරිපත් පර තිබුණි

“කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත.

නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි.

මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.”

Link | Archived

මෙම පුවතම තවත් බොහෝ වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක් පාඨකයින් රැසක් හුවමාරු කර ගෙන තිබු අතර මේ වන විට බොහෝ දෙනා එය නිවැරදි කර හෝ සංස්කරණය කර තිබු බවත් අපට දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සමඟ දුරකථනයෙන් ඔක්තෝබර් මස 27 වැනිදා සම්බන්ධ වූයෙමු.

ආසාදිතයන් 937 දෙනෙකු හමුවුයේ දින නවයක් තුලදී විණා එක් දිනකදි නොවන බව අවධාරණය කරමින් එතුමා පවසා සිටියේ, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් 337ක් වාර්තා වූ බවත්, එම නිසා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රීතයන් හඹා යමින් සිදුකළ PCR පරීක්ෂණ වලින් තවත් ආසාදිතයන් 602ක් හමුවු බවත් පැවසීය.

තවද PCR පරීක්ෂණ අහඹු ලෙස සිදුකළ පරීකෂණ නොව, පළමු ආශ්‍රිතයන් ඉලක්ක කර ගනිමින් සිදුකළ PCR පරීක්ෂණ බවට අවධාරණය කළේය. එමෙන්ම මෙම PCR පරීක්ෂණ වලට සහය වු කෙළඹ නගර සභාවේ ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් නව දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බවත් අනාවරණය කළේය. සමාජ මාධ්‍ය ජාලය තුල මෙසේ ඉදිරිපත් වන සටහන් හුදෙක් සමාජය තුළ අනිසි බියක් ඇති කිරීමට යම් පාර්ශවයන් ගන්නා උත්සාහයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වෛද්‍ය රුවන් විජේමුණි මහතා මාධ්‍ය වෙත ලබාදුන් පැහැදිලි කිරීමක දත්ත මෙසේ නොමඟ යවන සුළු ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබෙන බව අපට පෙනී ගියා. ඊයේ දින ඔහු සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක කොටසක් හිරු පුවත් වාර්තා කර තිබුනේ මෙලෙසින්.

https://youtu.be/vdO1WITSMd4?t=635

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ කොරෝනා අසදිතයන් වාර්තාවු පසු, පළමු පෙල ආශ්‍රීතයන් ඉලක්ක කර ගනිමින් සිදුකළ PCR පරීක්ෂණ වලින්, පළමු ආසදිතයින්ට අමතරව තවත් ආසදිතයන් 602ක් හමුවූ බවය. මෙම රෝගීන් සංඛ්‍යාව දින නවයක් පුරා සිදුකළ PCR පරීක්ෂණවලින් හමුවු අතර එය බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල පලවී නොතිබීම හේතුවෙන් මෙම පුවත සම්බන්ධයෙන් විශාල කැළඹීමක් ඇතිවී තිබුනා. එසේම මෙම පරීක්ෂණ අහඹු PCR පරීක්ෂණ නොවේ

එනිසා කොළඹ සිදු කළ අහඹු PCR පරීක්ෂණ මගින් අසාදිතයන් 937 දෙනෙකු වාර්තා වු බවට පලවන සටහන් පුවතේ කරුණු සියල්ලක්ම වාර්තා නොකරමින් නොමග යවන සුළු ආකාරයෙන් පළවූ වාර්තා බව නිගමනය කරමු.

Avatar

Title:කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද?

Fact Check By: Sahan Perera

Result: Missing Context