දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම බලපැවැත්වුණු නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 9 වැනිදා ඉවත් කිරීමට රජය විසින් තීරණය කරනු ලැබුවද ඇතැම් තවදුරටත් හුදකලා කරන ලද ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වන බව මෙසේ නිවේදනය කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා

මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ නිල නිවේදනයක් වශයෙන් නිරෝධායනය වෙන ඔබ වෙත කෙරෙන ඉල්ලීමක අකාරයෙන් හුවමාරුවන සටහනක් පිළිබඳ විමර්ශනය කිරීමේදී අපට තහවුරු වූයේ එය පොලිසියේ නිල මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයක් නොවන බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

Gampaha Development Officer නම් ෆේස්බුක් පිටුවක් විසින් “නිරෝදායනය වන පවුල් සදහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොලිසියේ නිල නිවේදනයක් වශයෙන් පහත පරිදි සටහනක් පල කර තිබෙනු දැකගනන්ට ලැබුණා.

FacebookArchived Link

මෙය තවත් ෆේස්බුක් පිටු සහ පෞද්ගලික ගිණුම් කිහිපයකම මෙන්ම වට්සැප් වැනි පණිවුඩ හුවමරු කිරීමේ මාධ්‍ය හරහා ද විශාල වශයෙන් හුවමරු වී තිබෙනු අපට දැකගනන්ට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඔබට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේද යන්න දැන ගන්නේ කෙසේද සහ එවැනි තත්වයකදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග වශයෙන් හුවමාරු වන මෙම නිවේදනයේ අඩංගු කරුණු කිහිපයක් ම අසත්‍ය බව අප පසුගිය දිනවල මෙන්ම කොරෝනා වසංගතය මුලින්ම ලංකාවේ ව්‍යාප්ත වූ මාර්තු - අප්‍රේල් කාලයේදී ද පෙන්වා දී තිබුණා

විටමින් C , D සහ සින්ක් වැනි ක්ෂුද්‍ර පෝෂක, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඉතා වැදගත් වන අතර සෞඛ්‍ය හා පෝෂණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේදී ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නමුත් COVID-19 ප්‍රතිකාරයක් ලෙස ක්ෂුද්‍ර පෝෂක අතිරේක භාවිතා කිරීම පිළිබඳ දැනට මග පෙන්වීමක් නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ පිලිබඳ නිවේදනය පහතින්. WHO Myth busters

හිරු එළියට නිරාවරණය වීම ද මේ සඳහා විසඳුමක් නොවේ. වැඩිපුර හිරු එළියට නිරාවරණය වීමෙන් පිළිස්සීම් පවා ඇතිවිය හැක.

තවද කොරෝනා වෛරසයට pH අගයක් නොමැත. එහි pH අගය සම්බන්ධයෙන් මීට පෙරද IDH රෝහල විසින් නිකුත් කල නිවෙදනක් ආකාරයෙන් හුවමාරු වී තිබු සටහන් පෙළක් විමර්ශනය කිරීමේදී අප මේ පිලිබඳ ව දීර්ඝ විස්තර කිරීමක් ලබාදුන්නා.

FACT CHECK : IDH රෝහලෙන් කොරෝනා වෛරසයේ pH අගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කලේ නැත!

එබඳු නිවේදනයක් නිකුත් කළා ද යන්න පිළිබඳව අප ශ්‍රී ලංකා පොලිසියෙන් සිදු කළ විමර්ශනයකදී එම මාධ්‍ය අංශය අපට තහවුරු කර සිටියේ එය ශ්‍රී ලංකා පොලීසියේ නිළ නිවේදනයක් ආකාරයට සකස් කර ඇති ව්‍යාජ සංස්කරණයක් තවත් ඔවුන් කිසිවිටෙකත් එවැනි නිවේදනයක් නිකුත් කර තිබුණේ නැති බවත්ය. ශ්‍රී ලංකා පොලිසිය විසින් පළකර තිබු අවසන් නිවේදන පෙළ පරික්ෂා කිරීමේදී අපට එවැනි කිසිදු නිවේදනයක් දැකගන්නට ලැබුණේ නැහැ

නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම සහ පුරුදු යටතේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන පෝෂදායී ආහාර වේලක් සමඟ නිසි විවේකයක් ලබා ගෙන සෞඛ්‍ය සම්පන්නව කටයුතු කිරීම කොරෝනා ආසාදනයෙන් වැළකීමට දැනට තිබෙන හොඳම ක්‍රමය බව සෞඛ්‍ය අංශ නිලධාරීන් බොහෝ අවස්ථාවලදී පවසා තිබෙනවා

නිවෙස්ගත නිරෝධායනයට ලක්වීමේදී අනුගමනය කළ යුතු මූලික ක්‍රියා පිළිවෙත් යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පසුගිය දා පලකරන ලද වීඩියෝ පටයක් පහතින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ නිල නිවේදනයක් වශයෙන් නිරෝධායනය වෙන ඔබ වෙත කෙරෙන ඉල්ලීමක අකාරයෙන් හුවමාරුවන සටහන, ශ්‍රී ලංකා පොලිසියේ නිල මාධ්‍ය අංශය මගින් නිකුත් කර නොමැති අසත්‍ය නිවේදනයක් බවයි. එහි ඇති කරුණු බොහොමයක් ද සාවද්‍යයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:නිරෝදායනය වන පවුල් සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුක් කල නිවේදනයක් ද?

Fact Check By: Sahan Perera

Result: False