සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්.

මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays - කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ විසන්ධි කර, ඉන් ඉවත්ව සිටින ලෙසයි. මෙම පණිවුඩය පණිවිඩය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ලොව විවිධ ප්‍රදේශ වල මීට පෙරද හුවමරු වූ ව්‍යාජ පුවතකි.

සමාජ මාධ්‍ය සටහන්:

“අද රාත්‍රී 12:30 සිට 03:30 දක්වා දුරකථනය, සෛලීය දුරකථන, ටැබ්ලටය යනාදියෙන් බැහැරවීමට වගබලා ගන්න. ඔබේ සිරුරෙන් ඉවත් කරන්න. සිංගප්පූරු රූපවාහිනී මාධ්‍යනිවේදනය කලේය. කරුණාකර ඔබේ පවුල සහ මිතුරන්ට කියන්න. අද රාත්රී 12:30 සිට 3:30 දක්වා අපේ පෘථිවිය ඉතාම අධික විකිරණ වේ. කොස්මික් කිරණ පෘථිවියට සමීප වේ. ඉතින් කරුණාකර ඔබේ ජංගම දුරකථනය විසන්ධි කරන්න. ඔබගේ උපාංගය ඔබේ ශරීරයට සමීප නොකරන්න, එය ඔබට දරුණු හානි සිදු විය හැකිය. ගූගල් සහ නාසා බීබීසී පුවත් බලන්න. ඔබට වැදගත් වන සියලු දෙනාට මෙම පණිවුඩය යවන්න” යන කථාංගය සහිතව හුවමාරු වූ සටහනක් කෙටි කාලයක් තුළ විශාල පිරිසක් අතර හුවමාරු වී තිබුනා.

Facebook | Archived

මීට පෙරද මෙවැනිම සටහන් කිහිපයක් ම හුවමරු වී ඇති බැවින් මෙම පණිවුඩය පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් අප වෙත ඉල්ලීම් කිහිපයක් ද ලැබුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙවැනි පණිවුඩ 2008 වසර තරම් පෙර කාලයක සිට විවිධාකාරයෙන් කෙටි පණිවුඩ වශයෙන් හුවමාරු වී තිබු බව මෙවැනි ම සටහනක් පිළිබඳව 2014 වසරේදී සිදුකල වර්තාවක මෙසේ පෙන්වා දී තිබුණි. බොහෝදුරට මෙවැනි ව්‍යාජ පදනම් විරහිත සටහන් වල අභිප්‍රාය වන්නේ අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීමක්.

එමෙන්ම බීබීසී මාධ්‍ය ජාලයේ මෙවැනි පණිවිඩයක් සොයා ගැනීමට ලැබුනේ ද නැත. 2010 දී වසරේ BBC වෙබ් අඩවියේ පළවූ මෙම වාර්තාවේ “කොස්මික් කිරණ” පිළිබඳ ඔවුනේගේ සන්නාමනය ද යොදාගෙන හුවමාරු වූ බොරු කටකතා නිසා අප්‍රිකාවේ ගහනා රාජ්‍යයේ වැසියන් නොමඟ ගිය අයුරු පිලිබඳ කරුණු දක්වා තිබුණි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලනය ආයතනයේ (National Aeronautics and Space Administration) (NASA -නාසා) කිසිදු මාධ්‍ය නිවේදනයක ද මෙවැනි කරුණක් අන්තර්ගත නොවු අතර මෙම විමර්ශනයට අදාළ වැදගත් විද්‍යාත්මක තොරතුරු රැසක් හමුවිය.

නාසා ආයතනයේ පෘථිවිය, සූර්යයා, අපගේ සෞරග්‍රහ මණ්ඩලය සහ විශ්වය අධ්‍යයනය කරන්නේ 1959 දී පිහිටුවන ලද Godad Space Flight Center නම් මධ්‍යස්ථානයය. අප ඔවුන්ගේ වෙබ් අඩවිය පිවිස අන්තරීක්ෂ කිරණ පිළිබඳව අධ්‍යයනය කළෙමු.

අන්තරීක්ෂ කිරණ (කොස්මික් කිරණ) යනු ආලෝකයේ වේගයට සමාන වේගයකින් ක්ෂීරපථයේ ගමන්කරමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ළඟා වන අධිශක්තිය සහිත පරමාණුක න්‍යෂ්ඨීය අංශු, ප්‍රෝටොන සහ ඉලෙක්ට්‍රොන අංශුවේ.

සුපර්නෝවා වල පිපිරීම්, වායු හා චුම්බක ක්ෂේත්‍ර ප්‍රසාරණය වීම් යනාදිය වසර දහස් ගණනක් පැවතිය හැකි අතර අන්තරීක්ෂ කිරණ වේගවත් වන්නේ මෙහිදී බව ද එම ලිපියේ මෙසේ වැඩිදුරටත් දක්වා තිබුනා.

What are Cosmic Rays

කොස්මික් කිරණ පිලිබඳ තවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

එසේම ඇමරිකාවේ මිනසෝටාහි නිරීක්ෂණය කෙරෙන කොස්මික් කිරණ පිළිබඳව සෑම තත්පර 15 කට වරක් ම යාවත්කාලීන වෙන දර්ශන ඇතුලත් වෙබ් පිටුවක් නාසා ආයතනය මෙලෙසින් පළකර තිබුනා.

ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලනය ආයතනය (National Aeronautics and Space Administration (NASA) සහ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (National Oceanic and Atmospheric Administration (NOAA) ඇතුළු වෙත් ආයතන නිරන්තරයෙන්ම සුර්යා සහ අන්තරීක්ෂ කිරණ පිළිබඳව අවධනය යොමු කරයි. ඔවුන් මෙය කරන්නේ ඔවුන් මිනිසුන්ට ඇති සෞඛ්‍ය අවදානම නිසා නොවන නමුත් එමගින් විදුලි පද්ධතියට සහ වෙනත් උපාංගවලට ඇති අවදානම නිසාය. නාසා ආයතනය එය මෙසේ සඳහන් කරයි.

එම කිරණ මඟින් පෘථිවි පෘෂ්ඨය මත ජීවයට සෘජුව සෞඛ්‍ය අවදානමක් ඇති නොවන අතර, ඔබ අසල ජංගම දුරකථනයක් තිබීම නිසා අවදානම උග්‍ර නොවනු ඇත. උග්‍ර අන්තරීක්ෂ විකිරණ තත්වයක් ඇතිවිය හැකි ප්‍රභව වනුයේ පෘථිවිය සමීපයේ සුපර්නෝවා පිපිරුමකින්, පෘථිවියට සෘජුවම පිටවන අංශු ප්‍රවාහයකි. එවැනි සිදුවීමක් දශක ගණනාවක අනතුරු ඇඟවීමක් ලබා දෙයි.

කොස්මික් කිරණ මඟින් විය හැකි බලපෑම් පිලිබඳ තවත් වාර්තාවක් මෙතනින්.

අභ්‍යවකාශ විකිරණ මඟින් අප සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිත ද යන්න පිලිබඳ කොටසක් එම නාසා ආයතනයේ ලිපියේ අඩංගු විය. බොහෝදුරට එම විකිරණ වලින් ආරක්‍ෂිත බව කිව හැකි වුවද සම්පූර්ණයෙන්ම ආරක්ෂිත යයි කිව නොහැකි බව පෙන්වා දෙමින් පැහැදිලි කිරීමක් දැක ගන්නට ලැබුණි. පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්‍ර සහ පෘථිවි වායුගෝලය මගින් සූර්ය හා කොස්මික් විකිරණවල පූර්ණ බලපෑමෙන් පෘථිවියේ ජීවය ආරක්ෂා වන බවද එහි දක්වා තිබෙනවා.

කෙසේවෙතත් මෙවැනි බොහෝ ලිපිවල පෙන්වා ඇති පරිදි අභ්‍යවකාශයේ ගමන් ගන්නා ගගනගාමීන් හට කොස්මික් කිරණ මගින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව පර්යේෂණ බොහොමයක් මේ වන විටත් සිදු වෙමින් පවතියි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොස්මික් කිරණ නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රි කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ විසන්ධි කර, ඉන් ඉවත්ව සිටින ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ජාලය තුල සංසරණය වන පණිවිඩය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අසත්‍ය කරුණු රැසක් පදනම් කරගත් ව්‍යාජ සටහනක් බවයි.

Avatar

Title:කොස්මික් කිරණ බලපෑම සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ සටහනක්

Fact Check By: Factcrescendo Team

Result: False